නලින් බණ්ඩාර - පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය)
♦ රටේ ප්‍රශ්න එකපාරට විසඳන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නෙ නෑ
♦ ජවිපෙ කොහෙද ආණ්ඩු කළේ නැත්තෙ? රාජපක්ෂ ගහ හදන්න උදව් කළේ ඒගොල්ලොනෙ
♦ සමහර පක්ෂ හැරෙනකොට අපි ඉස්සරහට ගිහිල්ලා ඉවරයි
Qඅපි දන්නවා ඔබලා තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පළවෙනි සටන පටන් ගත්තෙ. දැන් චැනල් 4 නාළිකාවෙන් කතාවක් කියනවා. ඔබලා මේ සම්බන්ධයෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?
ඇත්තටම සමගි ජන බලවේගය තමයි මේකෙ මූලාරම්භය ගත්තෙ. වැඩිම අනාවරණ රුසක් කළේ පාර්ලිමේන්තුවෙදි අපි. අපි කියපුවා දවසින් දවස සනාථ වෙමින් යනවා. අපි කියපු කාරණා චැනල් 4 නාලිකාවේ සමහර ප්‍රකාශ මගින් තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර් යෙන්ම ආණ්ඩුව මැදිහත්වෙලා වහාම නිවැරදි පරීක්ෂණ යාන්ත්‍රණයක් ඇති කරන්න ඕනෙ. නමුත් ආණ්ඩුව ජනාධිපතිවරයා බලයට ගෙනාපු කට්ටියත් එක්ක එකතුවෙලා චැනල් 4 එකට තඩි බාමින් ඉන්නවා. විශේෂයෙන් සජිත් ප්‍රේමදාස මහත්තයා විශාල සටනක් කරගෙන යනවා මේ ඇත්ත සැකකරුවො හොයන්න.
Qඒ කියන්නෙ ඔබලගේ ආණ්ඩුවක් ආවොත් සැකකරුවො හෙළි කරනවා?
හෙළි කරනවා විතරක් නෙවෙයි දඬුවමුත් දෙනවා.
Qඅපි දැක්කා පහුගිය කාලේ සමගි ජන බලවේගය විශාල කැම්පේන් එකක් කරගෙන ගියා පක්ෂය නංවන්න. නමුත් දැන් නිශ්ශබ්දයි. මොකද ඒ. මොකක් හරි අලුත් වැඩපිළිවෙළක් තියෙනවද?
ඔව් අලුත් වැඩපිළිවෙළක් තියෙනවා. 'ඇත්ත අරමුණ දිනන ඇරඹුම'. අපි ඒක බිම් මට්ටමේ ඉඳන් ක්‍රියාත්මක කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයගේ මූලිකත්වයෙන් තමයි මේ කටයුතු කරන්නෙ. සමහර පක්ෂ බල මණ්ඩල කරන්න පටන් ගන්නකොට අපි බල මණ්ඩල පිහිටුවලා ඉවරයි.
Qඉස්සරහට මැතිවරණයක් තියෙයිද?
ලබන වසරේ මැතිවරණයක් තියෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒ වෙනුවෙන් තමයි සූදානම් වෙන්නෙ. අපි බලමු මොකද ඉස්සරහට වෙන්නෙ කියලා.
Qඒ වුණාට ජනතාවට දේශපාලනය සම්බන්ධයෙන් තියෙන උවමනාව සහ කැමැත්ත අඩු මට්ටමක නේද තියෙන්නෙ?
ඔව් ජනතාවට වුණත් දේශපාලනයට කැමැත්තක් ඇතිවෙන්නෙ මැතිවරණයක් ළං වීමත් එක්ක. ඇත්තටම ජනතාවට දේශපාලනය මම හිතන්නෙ නෑ එපා වෙලා තියෙනවා කියලා. ඔවුන්ට තියෙන්නෙ මේ ආර්ථික තත්ත්වයත් එක්ක ඒක දරාගන්න හැකියාවක් නැතිකම. ජනතාවටත් ලොකු උවමනාවක් තියෙනවා මේ පවතින ආණ්ඩුව වෙනස් කරන්න. මොකද ඔවුන් හිතනවා අපිට ඒ අවශ්‍ය නායකත්වය දෙන්න පුළුවන් වෙයි කියලා.
Qඒ කියන්නෙ ඔබලා හිතනවද ඔබලා බලයට ගත්ත ගමන් මේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා?
නෑ එකපාර විසඳගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නෙ නෑ. හැබැයි අපිට ඉන්නවා ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳ දක්ෂ කණ්ඩායමක්. ඉතින් අපි ඒ කට්ටිය හරහා ඉතාම ශීඝ්‍රයෙන් රට යථා තත්ත්වයට ගේනවා.
Qහැබැයි ජනතා විමුක්ති පෙරමුණ නම් කියන්නෙ ඔබලත් ආණ්ඩු කරලා තියෙනවා. දැන් ඉන්න කට්ටියත් ආණ්ඩු කරලා තියෙන නිසා තවදුරටත් ඔබලා ගැන බලාපොරොත්තුවක් තියාගන්න බෑ කියලා?
ඒගොල්ලො ආණ්ඩු කළේ නැත්තෙ කොහෙද? ඒගොල්ලත් ආණ්ඩු කළා. ඒ අය තමයි මේ රටේ ආණ්ඩු හදන තීරණාත්මක මොහොතෙදි ඒවා හදන්න උදව් කළේ. මේ රට බංකොලොත් කරපු රාජපක්ෂ ජුන්ටාව බලයට ගේන්න වැඩ කටයුතු කළේ ඒගොල්ලො. ඒ අය ආණ්ඩු කළේ නෑ කියන්නෙ කොහෙද? ඒක සම්පූර්ණ මුලාවක්. රාජපක්ෂ ගහ හදන්න උදව් කළේ ඒගොල්ලො.
Qඔය මොනවා කිව්වත් ඔයාලට ඒගොල්ලො අභියෝගයක් නේද?
ඒ කණ්ඩායම විතරක් නෙවෙයි. අපිට හැමෝම අභියෝගයක් හැටියට අපි දකිනවා. හැබැයි ඒ හැමෝම හඳුනාගෙන අපේ ජයග්‍රහණයට අපි වැඩ කටයුතු කරනවා. මොනවා වුණත් ජනතාව මේ වෙලාවෙ බුද්ධිමත්ව කටයුතු කරලා තීරණ ගන්න ඕනෙ.
Qඑජාපය සහ ඔබලා අතර එකතුවට සමහර අය කැමැතියි. සමහර අය අකැමැතියි. ඔබ හිතන්නෙ මොන වගේ දෙයක්ද?
එක්සත් ජාතික පක්ෂයෙන් අපි එළියට ආවෙ කාරණා කිහිපයක් නිසා. විශේෂයෙන්ම පක්ෂ තුළ ප්රජාතන්ත්රවාදය නැතිවීම තමයි අපි ඉවත් වෙන්න හේතුව. මොකද ඒකෙ හිටියා දූෂිත පුද්ගලයන් අපේ යහපාලන ආණ්ඩුව කාලෙ. ඒ නිසා අපි අලුත් දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තෙ ඒකෙන් ඈත්වෙලා. ඉතින් අපි ඒකත් එක්ක ඉදිරියට යනවා.
Qඒ කියන්නෙ එජාපයේ සහායක් ඕනෙ නෑ?
එජාප පාක්ෂිකයන් ඉන්නෙ අපිත් එක්ක. මොකද ඒ අයට පොහොට්ටුව යටතේ ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා ඔවුන් අපිත් එක්ක ඉන්නවා. රටේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා වුණාට ගමේ නායකයා වෙලා ඉන්නෙ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී. ඉතින් ඒක හැමෝටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. ඒ නිසා එජාප පාක්ෂිකයන්ට කිසිම සාධාරණයක් වෙලා නෑ.
I ගයාන් ගාල්ලගේ