එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට අමෙරිකාවේ නිව් යෝක් නුවරට ගිය ශ්‍රී ලාංකික දූත පිරිසට විදේශ අමාත්‍ය අලි සබ්රිගේ පුත් බිලාල්ද සහභාගි වී සිටියේය. 19 හැවිරිදි බිලාල් අමෙරිකාවේ සරසවි ශිෂ්‍යයෙකි. මේ ප්‍රවෘත්තියට සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබී තිබිණි.
අලි සබ්රිගේ පුත්‍රයා ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයෙක් බවට පත්කර සිටියේය. මේ හේතුවෙන් ඔහුට එක්සත් ජාතීන්ගේ මහා සමුළුවටද වෙනත් එ.ජා. ගොඩනැගිල්වලටද යාමට අවසර ලැබී තිබිණි. මහා සමුළුවට සාමාන්‍ය මහජනතාවට යාම තහනම් කර තිබේ. රාජ්‍ය නායකයන් 105 දෙනකු සඳහා අධි ආරක්ෂාවක් සපයා තිබීම හේතුවෙන් එසේ සාමාන්‍ය ජනතාවට එහි ගැවසීමට අවසර නැත.
නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අලි සබ්රි අමාත්‍යවරයාගේ පුතුට ඒ සඳහා නිල අවසර පත්‍රයක් ලබාදී තිබුණේ ඔහු ශ්‍රී ලාංකික දූත පිරිසේ සාමාජිකයකු බව තහවුරු කිරීමෙනි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරුණු ප්රචාරයට අමාත්‍යවරයාගේ පිළිතුර වී තිබුණේ තම පුතා තම කාර්යභාරයට උදව්කරුවකු වශයෙන් ''ස්වේච්ඡා'' ලෙස සම්බන්ධ වී සිටි බවය. එය ඒ ගැටලුව තවත් තීව්ර කිරීමට හේතු විය. අමාත්‍යවරයාගේ කතාව සකස් කිරීමට මහ රූ තිස්සේ තෙල් පිච්චූ විදේශ අමාත්‍යංශ නිලධාරීහු ඇමැතිගේ පුතා තම කාර්යාංශයේ අයකු බව සඳහන් කිරීම හේතුවෙන් තරමක් විමතියට පත්ව සිටියහ.
මේ අතර එහිදී රුමේනියානු විදේශ අමාත්‍යවරිය සමඟ අලි සබ්රි අමාත්‍යවරයා පැවැත්වූ සාකච්ඡාවේදී ගනු ලැබූ ඡායාරූපයක් ඔහු තම X ගිණුමේ පළකර තිබිණි. එම ඡායාරූපයේ දකුණු කෙළවරේ කැරළි කොණ්ඩය සහිතව සිටින්නේ අමාත්‍යවරයාගේ පුත් බිලාල්ය. එතැන හඳුනා නොගත් තැනැත්තෙක්ද සිටියි.
දෙරට අතර නිල සාකච්ඡාවකදී අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයෙක්ද සහභාගි වී සිටීම කැපී පෙනිණි.
I සන්ඩේ ටයිම්ස්