සුජිත් සංජය පෙරේරා (පාර්ලිමේන්තු මන්ත්‍රී - සමගි ජනබලවේගය)
Q පහුගිය දවස් ටිකේම ඔබ ගැන කතාබහට ලක්වුණා ඔබ ඩයනා මන්ත්‍රීතුමියට පහරදීමක් ගැන. මොකක්ද මේ හැසිරීමේ තේරුම? මොකක්ද එතුමියත් එක්ක තියෙන ප්රශ්නය?
අපිට එහෙම එතුමිය එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. එතුමියගේ ප්‍රශ්නයට මූලික වුණේ පාර්ලිමේන්තුව ඇතුළේ වෙච්ච සිද්ධියක්. ඒ ප්‍රශ්නයෙන් පස්සේ අපි එළියට එද්දී එතුමිය පියල් නිශාන්ත මන්ත්‍රීතුමා එක්ක කතා කර කර හිටියේ. එතකොට මම දැක්කා රෝහණ බණ්ඩාර මන්ත්රීතුමත් ලිෆ්ට් එක ගාව ඉන්නවා. එතකොට මම දැක්කා බැණවදිමින් රෝහණ බණ්ඩාර ගාවට මන්ත්‍රීතුමිය යනවා. එතකොට රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා එයාගේ දුරකථනයෙන් වීඩියෝ කරමින් හිටියේ. ඒ එතුමිය බැන්න නිසා. මම ඒක දැකලා මගේ සහෝදර මන්ත්‍රීවරයෙක් නිසා මග හරින්නේ නැතුව ගිහින් එතුමියට කියනවා මේක නවත්තන්න කියලා. ඒත් එතුමිය ඒක පිළිගන්නේ නෑ. එතුමිය කිව්ව දේවල් කියන්න ඕන නෑනේ. එතුමිය පහරදෙන්න යනවා. මම කියනවා මන්ත්‍රීවරුන්ට පහර දෙන්න ඔයාට අයිතියක් නෑ කියලා. ඊටපස්සේ තමා ඔයා මොකද කියන්නේ කියලා මා එක්ක රණ්ඩුවට එන්නේ. මට ඕන එකෙකුට ගහන්න පුළුවන් කියලා ළඟට ආපු නිසයි මම අවම ආරක්ෂක පියවරකට ගියේ. එහෙම නැතුව පහර දෙන්න ගියේ නෑ.
Q ඒත් කාන්තාවක් නේද?
කාන්තාවක් කියලා. අපිට බැණ වැදීම්, අපහස කිරීම්, පහරදීම් ඉවසන්න බෑ. පිරිමි කෙනෙක් වගේ නම් මම ගහනවා. මම එතුමියගෙන් ගැලවෙන්න ගියේ.
Q ඉතිං පාර්ලිමේන්තුව ඇතුළෙදිත් ගැටුම්නේ ඔබලා එක්ක?
ඒකට හේතුව ඉතිං එතුමියගේ හැසිරීම. ඉවසිලිවන්තකමක් නැතිකම. පහුගිය කාලේ එතුමිය පාර්ලිමේන්තුවට ගෙනාපු යෝජනා දැක්කනේ. ආණ්ඩුව පවා අපහසුතාවයට ලක්වන යෝජනා ගෙනාවේ. එහෙම ගෙනැල්ලා එතුමියට මන්ත්‍රීකම ලබාදුන්න නායකයටයි, මන්ත්රීවරුන්ටයි බැණ වදිනවා. ඊටපස්සේ ඒවට අපි උත්තර දෙන්න ගියාම ගැටෙනවා.
Q වරප්‍රසාද කමිටුවට හරි වෙන පරීක්ෂණ මණ්ඩලයකට හරි ඔබලාව කැඳෙව්වද?
තවම නෑ. මමත් මාධ්‍ය මගින් දැක්කේ ලබන හයවැනිදා කතානායකතුමා දාපු කමිටුවට කැඳවනවා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි කවදාවත් පාර්ලිමේන්තුව ඇතුළේ වුණ දෙයක් පිටදී කවුරුත් විසඳගන්න ගියේ නෑ. එතුමිය කරන්න ගියේ ඒක. ඇතුළේ වුණ දෙයක් එළියට ගෙනාවා.
Q ඔබේ නායකතුමා, සජිත් ප්‍රේමදාස මහත්තය මේ ගැන ඇහුවේ නැද්ද?
මට මුණ ගැහුණේ නෑ එතුමා, ඒ සිදුවීමෙන් පස්සේ. එතුමත් මේකට මැදිහත් වෙන්නේ නෑ. පාර්ලිමේන්තුවේ කමිටුවක් මේකට සම්බන්ධ නිසා. ඒ නිසා එතුමාගෙන් මම එහෙම මැදිහත්වීමක් බලාපොරොත්තු වෙන්නේ නෑ.
Q ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මොනවද කිව්වේ?
අනේ කිසිම කෙනෙක් මට මොනවත් කිව්වේ නෑ. සමහර දේවල් කිව්ව අයගේ නම් කියන්න මම කැමති නෑ. කතාකළ අය කිව්වේ කාන්තා අයිතියට මුවාවෙලා මෙයා කරන දේවල් සම්පූර්ණයෙන් වැරදියි කියලා. ඒ අය කවුරුත් මට දොස් කිව්වේ නෑ. මං ගැන හැමෝම දන්නවා.
Q එතුමිය නම් කිව්වේ ඔබව රටේ අය දැනගත්තේ එතුමියගේ සිද්ධියෙන් පස්සේ කියලා?
ඔව් එතුමිය කිව්වා. ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ ක්‍රියාකාරීත්වය බලන්න වෙබ් එකක් තියෙනවනේ. අන්න එකේ බලන්න කියන්න. මගේ ස්ථානය කොතැනද කියලා බලන්න පුළුවන්. එකක් කියනවා. මම ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රී කෙනෙක් නෙමේ. මම ඡන්දය ඉල්ලලා ආපු කෙනෙක්. මගේ දිස්ත්‍රික්කේ මිනිස්සු දන්නවා මම කොහොම වැඩ කරනවද කියලා. එහෙම නැත්තන් මට එන්න බෑනේ. ඒ නිසා මට ප්‍රමාණවත් ඒක.
Q එතුමියගෙන් සමාව ගත්තේ නෑ?
නෑ අවශ්‍ය නෑ. හේතුව මගේ අතින් වරදක් වෙලා නෑනේ. වැරුද්දක් වුණා නම් මම සමාව ගන්න ලෑස්ති.
Q මීළඟට එන්නේ ආණ්ඩුවේ අය වැය. විපක්ෂය හැටියට ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් තියෙනවද?
අපි දන්නවා පහුගිය අවුරුද්දේ මේ රටේ තත්ත්වය. ගෝඨාභය මහත්තයා ගිහින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ආපුවම ගොඩක් අය හිතුවා මේක වෙනස් වෙයි කියලා. ජනතාවට සහන ලැබෙයි කියලා. ඇත්තම කිව්වොත් අද ජනතාවට හුස්ම ගන්න විදිහක් නෑ. හැම පැත්තෙන්ම ජනතාව මිරිකිලා තියෙන්නේ. ජනතාවට කිසිම සහනයක් නැති මොහොතක්. හැම රාජ්‍ය ආයතනයක්ම පාඩුයි. ඉතින් ඒ සියල්ල ජනතාවගේ පිටේ තියලා. හැබැයි දූෂණ වංචා අඩුවක් නෑ. ඒක අයි.එම්.එෆ්. එකත් කියලා තියෙනවා.
Q ඔබලාගේ ආණ්ඩුවක් ආවොත් ඒවා වෙනස් කරනවද?
අපෝ ඔව්. අපේ ඉන්නවා හොඳ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක්. ඒ අයට පුළුවන් මේ ආර්ථිකය ඉතාම සාර්ථකව ඉස්සරහට අරගෙන යන්න. ජනතාවගෙන් බහුතරයක්ම 99%ක් විශ්වාස කරන්නේ සජිත් ප්‍රේමදාස මහතා. මොකද එතුමා විපක්ෂයේ ඉඳලම ජනතාවට සලකනවා. කිසිම දෙයක් හොරකම් කරන්නේ නෑ. මේ රටේ ඉන්න එකම සංවේදී නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. ඒ ගැන වචන දෙකක් නෑ. එතුමා හොඳ සැලසුමක් තියෙන නායකයෙක්.
I ගයාන් ගාල්ලගේ