2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා

මැතිවරණ 8+1 ක කතාව!

 2023 නොවැම්බර් 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 66


2024 යනු මැතිවරණ වසරකි. ජනවාරියේ සිට නොවැම්බර් කාලය අතරතුරදී ලොව පුරා ප්‍රධාන පෙළේ මැතිවරණ 08ක් පැවැත්වීමට නියමිතය. තායිවානය, ඉන්දුනීසියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, රැසියාව සහ ඉතා වැදගත් අමෙරිකාවේ ජනාධිපතිවරණය එළඹෙන වසරේ ප්‍රධාන මැතිවරණවලට අයත්ය. මේ සියලු මැතිවරණවලට මැදපෙරදිග පවතින නොසන්සුන් තත්ත්වය යහපත් පෙරනිමිත්තක් නොවේ. තෙල් මිල ඉහළ යාමේ බලවත් තර්ජනය මේ රටවල ආර්ථික තත්ත්වය තවදුරටත් අඩාල කරනු ඇත. එක් පිරිසක් ගාසා තීරයේ යුද්ධය හේතුවෙන් දෙපාර්ශ්වයෙන්ම මිය යන දරැවන් පිළිබඳ කම්පනයට පත්ව සිටින අතර තවත් පාර්ශ්වයක් වඩාත් සැලකිලිමත් වන්නේ ඔවුන්ගේ බලය, ව්‍යාපාර සහ තමන්ගේ බඩගෝස්තරය සම්බන්ධයෙනි. ලෝකය මොන තරම් ක_රද? මිය යන දරැවා ඔබගේ නොවන තාක් ගැටලුව ඔබේ නොවේ. යුද්ධයක් පොහොසතුන් බවට පත් කරන්නේ සුළු පිරිසක් පමණි. අන් සියලු දෙනා එයින් විඳවති.

ශ්‍රී ලංකාවේ වඩාත් අවධානයට ලක්වන්නේ ඉන්දියාවේ සහ අමෙරිකාවේ මැතිවරණයි. ලොවේ පැවැත්වෙන මැතිවරණ 08 අතුරින් ශ්‍රී ලංකාවේ දේශපාලනයට වඩාත් අදාළ වන්නේ ඒ මැතිවරණ දෙක බැවිනි.

මේ මැතිවරණ 08ට අමතරව තවත් එක් මැතිවරණයක්ද පැවැත්වීමට නියමිතය. ඒ අපේ රටේය. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ පැවැත්වෙනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉඟි කර තිබීමෙන් එය පැහැදිලි විය. මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් පියවරකි. මැතිවරණ නොපැවැත්වීම පිළිබඳව ඍණාත්මක කසුකුසු ගණනාවක් පසුගිය කාලයේ තිබිණි. මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම අමනොඥ පියවරකි.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ බොහෝ දුරට දෙදෙනකු අතර තරගයකි. මෙවර ප්‍රධාන පෙළේ තිදෙනකු තරග කළහොත් 50% ක් එක් අපේක්ෂකයකුට හෝ ලබාගැනීම අපහසු වනු ඇත. මේ අනුව 2024 යනු ලෝකයේ ප්‍රධාන පෙළේ මැතිවරණ 8 ක් සහ තවත් එකක් පැවැත්වෙන වසරකි.

I  ඩේලි එෆ්.ටී

මා දුටු පළමු ක්‍රිකට් ලෝලියා පර්සියි - රොහිත් ෂර්මා

ශ්‍රී ලංකාවේ අභාවප්‍රාප්ත ඒකපුද්ගල ක්‍රිකට් දිරිගන්වන්නා වූ පර්සි අබේසේකර සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් නායක රොහිත් ෂර්මා ඉතා සංවේදී ප්‍රශංසාවක් පුද කර තිබේ.

''පර්සිගේ අභාවය ක්‍රිකට් ක්ෂේත්‍රයටම සිදුවූ වේදනාත්මක සමුගැනීමක්. ඒ මොකද ඒ කාලයේ මගේ දෑසින් දුටු ක්‍රිකට් ක්‍රීඩාවේ අංක එකේ ''සපෝටර්'' ඔහුයි. ඇත්තෙන්ම දැන් නම් ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන ඕනෑ තරම් අය සිටිනවා. නමුත් මා දුටු මුල්ම ක්‍රිකට් ක්‍රීඩා ලෝලියා පර්සියි. අප සියලු දෙනාටම ඔහුගේ අභාවය වේදනාවක්.''

''ආසියානු ක්‍රිකට් කුසලාන වෙලාවේ ශ්‍රී ලංකාවේදී ඔහු හමුවීමට මට අවස්ථාවක් ලැබුණා. ඔහු විශිෂ්ට ගණයේ ක්‍රිකට් ලෝලියෙක්. මට හමුවූ ප්‍රථම ක්‍රිකට් ලෝලියා ඔහුයි. ඔහු තමන්ගේ කණ්ඩායමට දැක්වූයේ අව්‍යාජ සහයෝගයක්.''

තමා 2006 දී වයස 19න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයකු වශයෙන් ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ පර්සි දැකගත් නමුත් ඔහුගේ ක්‍රිකට් ලෝලිත්වය තමාට දැනුණේ 2008 දී කළ සංචාරයේදී බවද ෂර්මා සිහිපත් කළේය. ඔහුගේ පවුලේ අය, පුතා, මුණුපුරා දැකගන්නට ලැබීම තමන්ගේ වාසනාවක් බවද ඔහු සඳහන් කර තිබිණි.

I  ඩේලි එෆ්.ටී.

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00