2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය අයවැය ඡන්දයෙන් පසුව

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත විස්තීර්ණ ණය පහසුකමේ දෙවැනි වාරිකයට අනුමැතිය ලැබීම දෙසැම්බර් මස 14 වැනිදා සිදුවනු ඇතැයි සඳහන් වේ. එම අනුමැතිය ලැබෙනු ඇතැයි කලින් සඳහන් වී තිබුණේ දෙසැම්බර් 06 වැනිදාය.

ශ්‍රී ලංකාවත් පැරිස් සමාජයත් අතර ඩොලර් බිලියන 5.9ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟත්වයකට පැමිණීම මේ තීන්දුවට එළඹීම සඳහා හේතු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධ කාර්ය මණ්ඩල වාර්තාව අයි.එම්.එෆ්. විධායක මණ්ඩලය මගින් ලබන 06 වැනිදා සලකා බලනු ඇතැයි රජය බලාපොරොත්තුවෙන් සිටියේය. අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය ශ්‍රී ලංකාවට ලැබීම මුදල් අමාත්‍යංශ වැයශීර්ෂය විවාදයට ගනු ලැබූ අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටි බවද සඳහන් වෙයි.

එහෙත් අයි.එම්.එෆ්. විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් 14 වැනිදාට යොදාගෙන තිබේ. එම දිනය අයවැය තෙවැනිවර ඡන්දය විමසීමේ දිනයට පසුදිනයි.

- ඩේලි එෆ්.ටී.