මේ වන විට ද පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ පොහොට්ටුවටය. මේ නිසා ඔවුන් පසුගියදා පැවැත්වූ ජාතික සමුළුව වැදගත් සන්ධිස්ථානයක් විය. මැතිවරණ වසරක් ප්‍රකාශයට පත් කර තිබියදී ඊට පෙර පවත්වන අවසාන වාර්ෂික සමුළුව මෙය බැවින් ඒ කෙරෙහි රටේම අවධානය යොමුව තිබුණි.
එම සමුළුවේදී ධම්මික පෙරේරා මන්ත්‍රීවරයාට ඉදිරි පෙළ අසුනක් ලබාදීමත් ඔහු සමඟ මහින්ද, බැසිල් සහ නාමල් යන රාජපක්ෂවරුන් තිදෙනාම සමීපව හැසිරීමත් සියලු දෙනාගේ අවධානයට ලක් විය. ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක බව වචනයකින් හෝ ප්‍රකාශයකින් හෝ නොකියවිණි. එහෙත් එහිදී ධම්මික පෙරේරා බොහෝ දුරට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක විය හැකි බවට ලැබුණේ ප්‍රබල පණිවුඩයකි. නිල වශයෙන් දැක්වුණේ ඔහු තම විය හැකි අපේක්ෂකයන් හතරෙන් එක් අයකු බව පමණි. එක් වෘත්තීයවේදියෙක් ප්‍රමුඛ දේශපාලන පක්ෂයකින් ''ඇයි ඔහු තෝරාගත්තේ'' යනුවෙන් විමසා තිබිණි. ''ඔබට කවරකු හෝ සිටිනවා නම් පක්ෂය වෙනුවෙන් ඔහුට වඩා ධනයක් වැය කළ හැකි අයෙක් අරං එන්න. එතකොට අරයා වෙනුවට එයාව දාන්න පුළුවන්.'' යැයි පිළිතුරු ලැබිණි.
ධම්මික පෙරේරා අසුන්ගෙන සිටියේ පොහොට්ටුවේ නිර්මාතෘ සහ න්‍යායාචාර්ය වන බැසිල් රාජපක්ෂටත් ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන ගාමිණී ලොකුගේටත් මැදිනි. මේ සමුළුවේදී තවත් එක් ඉස්මතු වූ කාරණයක් වූයේ බැසිල් හෙබවූ පක්ෂයේ ජාතික සංවිධායක ධූරය හිස්ව තැබීමය. එම පියවර පොහොට්ටුවේ ජනාධිපතිවරණ සැලැස්මට අනුකූලව ගනු ලැබූවකි. පක්ෂයේ ජනාධිපති අපේක්ෂකගේ නම නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරුණු විට ඔහු හෝ ඇය පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් පත් වෙයි. පරිබාහිර පුද්ගලයකුට ජනාධිපති අපේක්ෂක ධූරය ලබාගැනීම සඳහා සහාය නොදැක්වීමට පක්ෂය ගෙන ඇති තීරණයට අනුව එම පියවර ගෙන තිබේ.
ගෝඨාභය රාජපක්ෂට 2019 දී අපේක්ෂක ධූරය ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධිය මෙවැනි පියවරක් ගැනීමට හේතු විය. ඔහු පොහොට්ටුවේ සාමාජිකයකු වුවද පක්ෂයේ කිසිදු තනතුරක් දැරුවේ නැත. මේ නිසා ගෝඨාභයට පක්ෂය තුළ භූමිකාවක් ද නොවීය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය ඇත්තේ ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වීමට බව සඳහන්ය. එය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට සැලසුම් කෙරේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉන්පසුව පැවැත්වෙනු ඇත. මේ මැතිවරණ දෙක මාරු කර පැවැත්වීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ.
I සන්ඩේ ටයිම්ස්