- නාගරික සංවර්ධන සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග
Q අපි දන්නවා මේ සාකච්ඡාව කරනකොට ඔබලගේ පක්ෂයට විශාල හිඩැසක් ඇතිවුණු මොහොතක්. ඒ වගේම ආණ්ඩුවටත් විශාල පාඩුවක් සිද්ධ වුණු මොහොතක්. අපි කතා කරමු ඉස්සෙල්ලාම ඔබලගේ සහෘදයාගේ වෙන්වීම සම්බන්ධයෙන්?
සනත් නිශාන්ත කියන්නෙ පක්ෂයට වගේම මහින්ද රාජපක්ෂ මහත්තයට හිටිය ලොකු හයියක්. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා අපි මහින්ද සුළඟ කරනකොට මගෙත් එක්ක රට වටේම යන්න හිටිය සහෝදරයෙක් තමයි ඔහු. එතුමාව පුත්තලම දිස්ත්‍රික් ජනතාව අංක 1 කරන්නෙ එතුමා ජනතාවත් එක්ක තිබුණු සමීප සම්බන්ධතාවය නිසා. එතුමා ඇත්තටම අපි හැමෝටම ශක්තියක්. එතුමගේ අභාවය රටට අපිට වගේම පුත්තලම ජනතාවටත් විශාල පාඩුවක්.
Q අලුත් මන්ත්‍රීවරයෙක් නම් එනවා ඔහු වෙනුවෙන්. හිතෙනවද ඔහුගෙන් ඒ අඩුපාඩුව පුරවන්න පුළුවන් වෙයි කියලා?
එක එක අයට තියෙන්නෙ එක එක චරිත. සනත් නිශාන්ත කියන්නෙ වෙනම චරිතයක්. ඒ එන කෙනා කොහොම වෙයිද, මොන වගේ හැසිරෙයිද කියලා මට දැන්ම කියන්න බෑ, අපි පෞද්ගලිකව ආශ්‍රය කරලා නැති නිසා. ඒත් කවුරු ආවත් ඒ අඩුව පුරවන්න නම් අමාරුයි.
Q අපි දන්නවා මේක මැතිවරණ වර්ෂයක් කියලා. අපිට කියන්නකො ඉස්සෙල්ලා මොකක්ද ආණ්ඩුව ලෑස්තිවෙන මැතිවරණය කියලා?
ව්‍යවස්ථානුකූලව ඉස්සෙල්ලම තියෙන්නෙ ජනාධිපතිවරණය. අපි ජනාධිපතිවරණයට තමා සූදානම් වෙන්නෙ. ජනාධිපතිවරණයෙන් පස්සෙ තමයි මහ මැතිවරණයක් අපි තියන්නෙ.
Q වර්තමාන ජනාධිපතිවරයාට මේ වෙද්දි ලොකුම හයිය තියෙන්නෙ පොහොට්ටුවෙ කණ්ඩායම. හැබැයි පොහොට්ටුවෙ අය කියන්නෙ අලුත් ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා. මොකද තවම කට්ටියට එකඟතාවයකට එන්න බැරි වුණාද?
ජනාධිපතිවරණය කැඳෙව්වාම තමයි ඒ ගැන තීරණය ගන්න වෙන්නෙ. දැන් තියෙන්නෙ මේ පවතින ආර්ථික තත්ත්වයෙන් ජනතාව ගොඩගන්න එක. ඒ සඳහා දේශපාලනය බාධාවක් නොකර වැඩ කටයුතු කරන්න අපි ජනාධිපතිවරයට උදව් කරනවා. ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කවුද කියන එක අපි තව ටිකක් කල්පනා කරන්න ඕනෑ.
Q ඔබලගේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙන්න බැරිද?
අපි දන්නවා රජයේ සෑම මැතිවරණයකදිම අපි කෙනෙක් තෝරගන්නෙ විවිධ වාසි සඳහා. ඊටපස්සෙ රට වෙනුවෙන් මොනවද කරන්න පුළුවන් කියලා බලනවා. හැබැයි ජනාධිපතිවරණයකදි බොහෝ වෙලාවට ජනාධිපති කෙනෙක් පත්වෙන්නෙ ජාතික ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙන. මහින්ද මහත්තයා පත්කර ගත්තෙ යුද්දෙ අවසන් කරන්න. මෛත්‍රීපාල මහත්තයා පත්කර ගත්තෙ යහපාලනය ඇතිකරන්න. ගෝඨාභය මහත්තයා ගෙනාවේ ජාතික ආරක්ෂාව ඇතිකරන්න. මේ වෙනකොට රටේ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ආර්ථික අවුලෙන් ගොඩ එන එක. ඒ නිසා ජනතාව හිතනවා සුදුසුම මනුස්සයා මේ වෙලාවෙ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. මොකද එතුමා සුවිශේෂී කාර්යභාරයක් සිදු කරලා තියෙන නිසා. ඒ නිසා එතුමට තව අවස්ථාවක් දෙන්න ඕනෑ කියලා ජනතාව හිතනවා. ඉතින් අපි පක්ෂයක් හැටියට ජනතාව කියන දේට ඇහුම්කන් දෙන්න ඕනෑ. අපේ වුවමනාවට පක්ෂයේ වුවමනාවට කියලා පුද්ගලයො තෝරගන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැමෝම කියන්නෙ එතුමට අවස්ථාවක් දෙන්න කියලා. හැබැයි අපි දන්නෙ නෑ එතුමා ඉල්ලයිද නැද්ද කියලා.
Q ඒ කියන්නෙ තත්ත්වය අවබෝධ කරනොගෙන එක එක්කෙනාගෙ නම් කියන එක සුදුසු නෑ කියලද ඔබ කියන්නෙ?
ඔව්. මම කියන්නෙ මේ වෙලාවෙ අපි තත්ත්වය අවබෝධ කරගෙනයි පුද්ගලයෙක් තෝරගන්න ඕනෑ. ඒ සඳහා හොඳ කාලයක් අපිට තියෙනවා.
Q ඔබ හිතනවද මේ රටේ ආර්ථිකය නිවැරදි මාවතක තියෙනවා කියලා?
මම හිතනවා 48' නිදහසෙන් පසුව මේ රට යම්කිසි ස්ථාවරයකට ගෙන ඒම සඳහා හැම පක්ෂයක්ම ස්ථිරසාර වැඩ කටයුතු සිද්ධ කළා. හැබැයි ආපදා තත්ත්වයන් හින්දා යම් යම් ගැටලුවලට මුහුණ පාන්න සිද්ධ වුණා. කොහොම වුණත් මෙරට ශීඝ්‍ර සංවර්ධනයක් සඳහා යොමුවුණේ මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්දෙ ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ. නමුත් පහුගිය කොවිඩ් කාලයත් එක්ක අපි දැවැන්ත ආර්ථික පසුබෑමකට ලක් වුණා. නමුත් සමහර පිරිසක් වෛරය වපුරනව බොරු කියලා. ඒ ඉතාම සුළු පිරිසක්. නමුත් කියන්න ඕනෑ, රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය කාලේ ගත්තෙ තීන්දු ජනප්‍රිය තීන්දු නෙවෙයි. රට වෙනුවෙන් ගත්ත තීන්දු ඒවා.
Q ගමට ගිහිල්ලා ඡන්දයක් කරන්න පුළුවන්ද ඔය තත්ත්වයෙන්?
ඔව් මම මේ කියන්න යන්නෙ ගමේ සමහර බුද්ධිමත් මිනිස්සුන්ට මේ ගැන අවබෝධයෙන් කිව්වාම ඒ අය තේරුම් ගන්නවා රටේ ඇතිවෙලා තියෙන ප්රශ්නය. ඒක තමයි බුද්ධිමත් උගත් මිනිස්සු කියන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයට අවස්ථාව දෙන්න කියලා. සමහර දේශපාලන පක්ෂ කණ්ඩායම් ඒ අය සම්බන්ධයෙන් මොන අධි තක්සේරුවක ඉඳලා කතා කළත් ජනතාව දන්නවා මේ රටේ ආර්ථිකය යළි ගොඩනංවන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයට කියලා.
I ගයාන් ගාල්ලගේ