- හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
''ආණ්ඩුව යම් යම් තැන්වලදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පවසනවා. එය අහෝසි කළ යුත්තේ ජනතාව අපේක්ෂා කරන ජනාධිපතිවරණයකට සහ මහ මැතිවරණයකට ඡන්දය දීමෙන් පසුවයි. ආණ්ඩුවට ජනාධිපතිවරණය අහෝසි කිරීමට අවශ්‍යව ඇත්තේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පෙනි පෙනීයි. ජනාධිපතිවරණය අහෝසි කරන ප්‍රතිපත්තියේ සිටින සමගි ජන බලවේගය වහාම නියමිත දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ආණ්ඩුවට අනතුරු අඟවනවා.''
''ජනාධිපතිවරණය නොතැබීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවිධ උපක්‍රම යොදමින් සිටිනවා. ඊට ජාතික ජන බලවේගය කිසිසේත් ඉඩ දෙන්නෙ නෑ.''
- ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක - අනුරාධපුරයේදී
''විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව දේශපාලන තක්කඩිකමක්. විධායක ජනාධිපති ක්‍රමය අත්තනෝමතික යැයි මීට පෙර සිටි සියලුම නායකයන්ට වඩා වර්තමාන ජනාධිපතිවරයා ඔප්පු කර තිබෙනවා.''
''විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිවරණය නොපැවැත්වීමට සිදු කරන ක්‍රමන්ත්‍රණයක්. රාජ්‍ය නොවන සංවිධාන හරහා කරළියට ගෙනැවිත් තිබෙන මේ යෝජනාව ආණ්ඩුවේ ආශිර්වාදයෙන් සිදුකෙරෙන කුමන්ත්‍රණයක්.''
ජනාධිපතිවරණය පැවැත්වෙන වසර බවට 2024 ප්‍රකාශයට පත්කර තිබියදී ඒ සම්බන්ධයෙන් පසුගිය දවස්වල දේශපාලන නායකයන් විසින් කරනු ලැබූ ප්‍රකාශ කිහිපයකි මේ ඉහතින් දැක්වුණේ. මීට අමතරව පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණය අහෝසි කළාට කමක් නෑ කියාය. එය ජනාධිපතිවරණය කල් දැමීමේ ගුණ්ඩුවක්ද කියා විමසීමේදී මහින්ද කිව්වේ ''වෙන්න පුළුවන්. රනිල් කවුද කියලා ඔක්කොම දන්නවනේ'' යනුවෙනි.
ජේ.ආර්. ජයවර්ධනට තම දෙවැනි ධූර කාලය සම්පූර්ණ කිරීමෙන් පසුව දේශපාලනයෙන් විශ්‍රාම යාම හේතුවෙන් ඒ ක්‍රමය අහෝසි කිරීමට උවමනාවක් නොතිබිණි. එහෙම වෙනසක් කර දිගින් දිගටම බලයේ රුඳී සිටීමේ අරමුණක්ද ජේ.ආර්. ට තිබුණේ නැත. ජනාධිපති ආර්. ප්‍රේමදාස තම ප්‍රථම ධූර කාලය අවසන් කිරීමට කලින් ඝාතනයට ලක් විය. ජනපතිනි චන්ද්‍රිකා ජේ.ආර්. ගේ බහුබූත ව්‍යවස්ථාව වෙනස් කරන බවට දහසක් පොරොන්දු දී බලයට ආවත් ඒක වෙනස් කරන්න ඕනෑ බව දැනුණේ තමන්ගේ දෙවැනි ධූර කාලය අවසාන කාලයේදීය. එය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර විධායක අගමැති වී දිගටම බලයේ සිටීමට චන්ද්‍රිකා කළ කුමන්ත්‍රණයක් බවට දැඩිව චෝදනා කළ විපක්ෂය චන්ද්‍රිකාගේ එම යෝජනාව පාර්ලිමේන්තුව ඇතුළේ ඉරා දමා එයට ගිනි තැබුවේය. ඒ කාලයේ විපක්ෂ නායකයා වුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ජනාධිපති මහින්ද රාජපක්ෂත් තමන්ගේ දෙවැනි ධූර කාලය තුළදී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගෙන දිගටම ජනාධිපති වී සිටීමට සැලසුම් කළේය. මේ ජනාධිපති සිහිනයේ දිගටම රුඳී සිටීමේ අවශ්‍යතාව නිසා මහින්ද කොයි වෙලාවකවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ යෝජනාවක් ගෙන ආවේ නැත. ඒ වෙනුවට 18 වැනි ව්‍යවස්ථාවෙන් සිදු කර තිබුණේ ධූර කාල දෙකක් දැරීම යළිත් ජනාධිපති අපේක්ෂකයකු වීමට නුසුදුසු වන බවට තිබූ වගන්තිය අහෝසි කිරීමය. එම සංශෝධනය ඒ කාලයේ විපක්ෂයත් නීති විශාරදයනුත් හඳුන්වා දී තිබුණේ විධායක ජනාධිපති ක්‍රම ව්‍යවස්ථාව තුළින් ඒකාධිපති නායකයකු බිහිවීම වැළැක්වීමට තිබූ ප්‍රධානම බාධකය ඉවත් කර දැමීමක් හැටියටය. එහෙත් මහින්ද තුන්වැනි වරට 2015 දී ජනාධිපති ධූරයට ඉදිරිපත් වී පරාජයට පත් විය.
දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද? විපක්ෂය කියන්නේ ආණ්ඩුව එන්.ජී.ඕ. කිහිපයක් අටවාගෙන හදාගත් එකතුවකින් ජනාධිපතිවරණය කල් දැමීමට කුමන්ත්‍රණය කරන බවටය. අපේ දේශපාලන ඉතිහාසය පෙන්වා දී තිබෙන්නේ බලයට පත්වන විධායක ජනාධිපතිවරයකු බලයේ සිටියදී කවදාවත් එම ධූරය අහෝසි කිරීමට අවංක උත්සාහයක් නොදැරෑ බවයි. ඔවුන්ට එම ක්‍රමය එපා වෙන්නේත් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර යැයි හිතෙන්නේත් ජනාධිපතිවරණය කිට්ටු වෙද්දීය. ඉතිහාසයේ සිදුවූ ඒ දෙයම මේ වෙලාවේත් ආපසු සිදුවෙමින් පවතින බව පැහැදිලිය. විපක්ෂයේ සිටියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට විවිධ ප්‍රතිඥා දෙන නායකයන් බලයට පත්වුණාට පස්සේ ඒ ගැන වචනයක් කතා කරන්නේ නැත.
එහෙම වුණත් මේ ආණ්ඩුව තමන්ට අවශ්‍ය වූ ඔන්ලයින් පනත සම්මත කර ගැනීමට සිදු කළ මෙහෙයුමත් එය හැකි ඉක්මනින් ක්‍රියාවේ යෙදවීමට ක්‍රියා කළ ආකාරයත් බලන විට ඔවුන් දේශපාලනික අවශ්‍යතා මහජන කැමැත්තට එරෙහිව ඉටුකර ගැනීමට පැකිලෙන්නේ නැති බව පෙන්වා දී තිබේ. ඔන්ලයින් පනත ආණ්ඩුව සම්මත කළේ ඊට අදාළ දෙස් - විදෙස් සියලු පාර්ශ්ව එම පනතට විරුද්ධ මත පළ කරමින් සිටියදී වීම මෙහිදී සැලකිල්ලට ගත යුතුය. අවසානයේ එය සම්මත කර ගත්තත් විදේශීය වශයෙන් එල්ල වූ දැඩි බලපෑම් හේතුවෙන් දැන් යළිත් එම පනතට සංශෝධන 47ක් ගෙන ඒමට ආණ්ඩුවට සිදුවී තිබේ. ඇතැම් දේශපාලන විශ්ලේෂකයන් මෙය හඳුන්වා දී තිබුණේ ආණ්ඩුව ඔන්ලයින් පනත හදිසියේ සම්මත කරගෙන හත්පොළේ ගාගත් බවය. දැන් එම සංශෝධන සිදුකිරීමට අමතරව සුමන්තිරන් මන්ත්‍රීවරයා කතානායකවරයා එම පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ නොතකා හරිමින් අත්සන යෙදීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්ද පවරා තිබේ. ආණ්ඩුව ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වැඩපිළිවෙළට අත ගසා තිබෙන්නේ මේ පසුබිමේ සිටිමිනි.
ජනාධිපතිවරණය නියමිත කාල වකවානුවේදී පවත්වන බවට ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරන්නේ මේ තත්ත්වය දේශපාලන අර්බුදයක් දක්වා දිග ඇදෙන වාතාවරණයක් මතුවීමත් සමඟිනි. ඒ වගේම ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය නියමිත පරිදි පැවැත්වෙන බවට ප්‍රකාශ කර තිබූ බවද මාධ්‍ය හරහා වාර්තා වී තිබිණි.
ලලිත් ඇතුලත්මුදලි අද ජීවතුන් අතර නැත. එහෙත් එදා ඔහු කළ මේ ප්‍රකාශය අදටත් වලංගු බව ඉතිහාසය පෙන්වා දී තිබේ.