හේෂා විතානගේ - පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය
Q අපි දන්නවා මේ වසර මැතිවරණ වසරක්. ඒත් මොන මැතිවරණය ඉක්මනින් එයිද කියලා අපි දන්නේ නෑ. කොහොමද මැතිවරණවලට සමගි ජනබලවේගයේ සූදානම?
ඇත්තටම අපි මේ මැතිවරණය ඉලක්ක කරගැනීමට වඩා පහුගිය පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තමයි පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු පටන් ගත්තේ. අපිට පේනවා ජනාධිපතිවරයාට පළාත් පාලන මැතිවරණය වගේ ජනාධිපතිවරණය හංගන්න බෑ. ඒක ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ මැතිවරණ කොමිසමට. ඒක නීත්‍යානුකූලව පවරලා තියෙන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා මහ මැතිවරණයක් කරගන්න සමහරු උත්සාහ ගන්නවා. හැබැයි අපි ඒකට විරෝධයක් නෑ. මොකද මේ වෙලාවේ තියෙන්නෙ සැබෑ ජනවරමක් නොවන නිසා අපි හිතනවා ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුයි කියලා. කොහොම වුණත් ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.
Q පොහොට්ටුවේ පිරිසක් උත්සාහ ගන්නවා පාර්ලිමේන්තු යෝජනාවකින් පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයකට යන්න. එහෙම වුණොත් ඔබලා සහාය දෙනවද?
පොහොට්ටුවට අද වෙලා තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය. මොකද පොහොට්ටුව තමයි තමන්ගේ දේශපාලන උවමනා වෙනුවෙන් මැතිවරණ සිතියම වෙනස් කරලා කඩ කඩ මැතිවරණ තිබ්බේ. එදා බැසිල් රාජපක්ෂ මහත්තයා කරපු කතාවෙන් තේරෙනවා එතුමා කොතරම් පීඩනයකින්ද ඉන්නේ කියලා.
Q බැසිල් රාජපක්ෂ මහත්තයා ආවේ මැතිවරණය දිනවන්න?
බැසිල් රාජපක්ෂ මහත්තයට කරන්න පුළුවන් දෙයක් නෑ. බැසිල් රාජපක්ෂ දන්නවා ජනාධිපතිවරණයෙදි සජිත් ප්‍රේමදාස මහත්තයා දින්නොත් ඊළඟට එන මහ මැතිවරණයේදි අඩුම තරමින් මන්ත්‍රී ධූර දහයක්වත් දිනන්න වෙන්නේ නෑ කියලා. අන්න ඒක වහගන්න තමයි ඔවුන් මේ ඉක්මන් මහ මැතිවරණයකට යන්නේ.
Q ඒ කියන්නේ එහෙම දේකට ඔබලා සහායක් දෙන්නේ නෑ?
නෑ. එහෙම යෝජනාවක් ආවොත් අපි සහාය දෙන්න ඕනෑ කියලා මම පෞද්ගලිකව හිතනවා. මොකද ඒ එතුමට දෙන සහායක් හැටියට නෙවෙයි, ප්රජාතන්ත්රවාදී මැතිවරණයක් උදෙසා. අපිටත් ඕනෑ කොහොම හරි මැතිවරණයක්.
Q එදා ඔබලා ගෝඨාභය ආණ්ඩුව විවේචනය කළා වියත් මඟ නිසා. අද ඒ වියත් මඟේම අය අද ඔබේ පක්ෂයේ සාමාජිකයෝ. දැන් ඒ අය හොඳයිද?
වියත් මඟ හරි මොන ඕනෑම සංවිධානයක් හරි ඒ අයගෙන් ගත යුත්තේ මොනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනෑ නායකයා. කියන හැමදේම කරන එක නෙවෙයි නායකයගේ වගකීම. දැන් බලන්න අර වෛද්‍ය සංගමයේ හිටපු සභාපති කිව්වා කියලා එකපාර රසායනික පොහොර ගෙන්වන එක නවත්තලා කාබනික පොහොරවලට ගියා. මොකක්ද වුණේ? නැති ප්‍රශ්නයක් ඇතිවුණා. ඒ තීන්දු ගන්න ඕනෑ ක්‍රම තියෙනවා. ඒ නිසා මම කියන්නේ ඉන්න අයගෙන් උපදෙස් ගන්න ඕනෑ අදාළ ක්ෂේත්රයේ මිසක් වෙන දේවල්වලට නෙවෙයි. දැන් පොහොර ගැන තීන්දු ගන්න වෛද්‍යවරයෙක් හරියන්නේ නෑනේ.
Q චෝදනා තියෙන අය වුණත් කමක් නෑ?
චෝදනා තියෙන අය ඉන්නවා නම් අපි විරුද්ධයි. ඒ සඳහා අපි කැමැතිත් නෑ.
Q ගෝඨාභය රාජපක්ෂටත් වැරදුණා නම් සජිත් ප්‍රේමදාසට වරදින්න බැරිද?
අපි යන්නේ පැහැදිලි වැඩපිළිවෙළක් මත. අපේ ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. ඒ වගේම ඒවා අධීක්ෂණය කරන්න මන්ත්‍රීවරු ඉන්නවා. අනික ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවේ මහින්ද මහත්තයලා නිසා. අන්තිමේ පීනන්න බැරි මිනිහව දියට දැම්මා. අපේ පක්ෂයේ එහෙම නෙවෙයි. අපිට හොඳ ආර්ථික වැඩපිළිවෙළක් තියෙනවා. ඒ වගේම ඒ ඒ ක්ෂේත්රවලට අවශ්‍ය අය පත් කරලා තියෙන්නේ.
Q අපි දන්නවා පහුගිය ටිකේ පක්ෂයේ සභාපතිවරයා සම්බන්ධයෙන් යම් යම් ගැටලු ආවා. ඔබත් එතුමා සම්බන්ධයෙන් ඉන්නේ විරෝධයකද?
සජිත් ප්‍රේමදාස මහත්තයා දෙවැනි පෙළ නායකත්වයට තමා සරත් ෆොන්සේකා මහත්තයා පත් කළේ. එතුමට ලොකු දේශපාලන අත්දැකීම් නැතුව ඇති. ඒත් එතුමා හොඳ නායකයෙක්. ඒ නිසා යම් ප්‍රශ්නයක් තියෙනවා නම් නායකයා එක්ක කතා කරලා විසඳගන්න ඕනෑ. ඒ වගේම මට තව ප්‍රශ්නයක් තියෙනවා. සරත් ෆොන්සේකා මහත්තයා සමහර අයට අභියෝගයක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒ අය උත්සාහ ගන්නවද දන්නේ නෑ එතුමව එළවන්න. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ හැමෝම ඉවසීමෙන් වැඩ කරන්න ඕනෑ.
Q එදා කුලියාපිටිය රැස්වීමේදී ජනාධිපතිවරයා දැඩි විවේචනයක් ඔබේ පක්ෂයට එල්ල කළා. ඒ වගේම ඔබලට ආරාධනා කළා එකතු වෙන්න කියලා?
ජනාධිපතිවරයා ආවේ ඡන්දයෙන් ලැබුණු බෝනස් ආසනයෙන්. පක්ෂයටම එකයි. සමගි ජනබලවේගය මන්ත්‍රීවරු 54ක් එක්ක ආවේ. ඒ නිසා සැබෑ ජනමතය කොතැනද තියෙන්නේ කියලා කවුරුත් තේරුම් ගන්න ඕනෑ. අනික අපේ නිකම් ආව අය නෑ. අපි ඔක්කොම ජනතා නියෝජිතයෝ. ඒ නිසා එතුමාට සදාචාරාත්මක අයිතියක් නෑ එහෙම කතා කරන්න. ඒ නිසා මේවා හුදු ප්‍රකාශ විතරයි.
I ගයාන් ගාල්ලගේ