2024 ජුනි 22 වන සෙනසුරාදා

එක තැන කැරකෙන රැකියා විරහිත උපාධිධාරී ගැටලුව

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 40

මේ රටේ හැම ආණ්ඩුවක්ම රටට ඉතිරි කර තබන ප්‍රශ්න ගණනාවක් තිබේ. ඇතැම් ප්‍රශ්නවලට සැබෑ ලෙසම පිළිතුරක් නොමැතිවීමෙන් ඒවා දිගින් දිගටම ප්‍රශ්නයක ස්වරෑපයෙන්ම පවතී. නමුත් ඇතැම් ප්‍රශ්න විසඳීමට හැකියාවක් තිබුණත් කුමන කරැමයකට හෝ ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේ නැත. එයට හොඳම උදාහරණයක් වන්නේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුවයි.

හැම වසරකදීම මාස කිහිපයකට වරක් ඇතැම්විට සති කිහිපයකට වරක් රැකියා විරහිත උපාධිධාරීහු පාරට බසිති. උද්ඝෝෂණය කරති. පොලීසිය එල්ල කරන ජල පහර කාගෙන පලා යති. එහෙත් ගැටලුවට විසඳුම් නැත. ඒ අතරවාරයේ  ආණ්ඩු වෙනස් වෙයි. රැකියා නොමැති උපාධිධාරීන්ගේ ගැටලුව ඉතිරි වෙයි. යළිත් මේ චක්‍රයම කරකැවෙයි. මැතිවරණයක් ආසන්න වනවිට එය වඩාත් වේගයෙන් කැරකීම ආරම්භ වෙයි. එහෙත් විසඳුම් වෙනුවට ලැබෙන්නේ පොරොන්දු පමණි.

පසුගියදා පෙරවරැවක බත්තරමුල්ල පොල්දූව හන්දියේ ද මෙවැනි උද්ඝෝෂණයක් පැවැත්වුණු අතර පොලීසිය ජල ප්‍රහාර එල්ල කර එය විසුරැවා හරිනු ලැබීය. රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය මගින් සංවිධානය කෙරැණු එම උද්ඝෝෂණයට සමස්ත රටම ආවරණය වන පරිදි රැකියා විරහිත උපාධිධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වී සිටි බවද සඳහන් විය. ඔවුන්ගේ අතැතිව තිබූ පුවරැවල &රැකියා විරහිත උපාධිධාරීන්ට වහා රැකියා ලබා දෙනු*, &ගුරැ බඳවා ගැනීමේ වයස් සීමාව අවුරැදු 45 කරනු* වැනි සටන් පාඨ දකින්නට තිබිණි.

මේ විරෝධතාවලට සහභාගි වන සියලු දෙනා රැකියා විරහිත උපාධිධාරීන් දැයි අපි නොදනිමු. එහෙත් මෙරට රැකියා විරහිතව උපාධිධාරීන් සිටින බව නම් අපි දනිමු. මේ උපාධිධාරීන්ට රැකියා නොමැත්තේ කුමන අඩුපාඩුවක් නිසාද යන්න සොයා බැලීමට හෝ ආණ්ඩුව උනන්දුවක් නොදැක්වීම ගැන නම් අපට ඇත්තේ ගැටලුවකි. ගෙවී ගිය වසර 20ක 30ක අතීතය තුළම රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව වරින් වර මතුවන බව දන්නා බලධාරීන්ට මේ සම්බන්ධව කල් පවත්නා විසඳුමක් සොයා ගැනීමට නොහැකි වීම අඩුපාඩුවක් බවද සඳහන් කළ යුතුය.

පසුගිය දශක කිහිපය තුළ මෙරට විවිධ මට්ටමින් සිදුව ඇති වෙනස්කම්වලට අනුරෑප වන අයුරින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ද වෙනස්කම් සිදුවී තිබිය යුතුය. නමුත් තවමත් රැකියා විරහිත උපාධිධාරී ගැටලුව අඛණ්ඩව පවතින්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය රටේ රැකියා අවශ්‍යතා සපුරන අන්දමින් වෙනස් නොවීම නිසා බවටද මෙහිදී අදහසක් පැන නැගිය හැක. එසේ නම් එහි වරද ඇත්තේ මෙතෙක් කලක් මෙරට උසස් අධ්‍යාපනය භාරව සිටි අමාත්‍යවරැන්ගේ බවද පෙන්වා දිය යුතුය. අඩුම තරමින් උසස් අධ්‍යාපනය භාර බලධාරීන් සහ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගම් නියෝජිතයන් අතර හරයාත්මක සංවාදයක් හෝ පවත්වාගත යුතුව තිබිණි. එසේ නොකර පොලීසිය ලවා ජල පහර එල්ල කිරීම මේ ගැටලුවට විසඳුමක් නොවේ.

තවත් අතෙකින් ඇතැම් දේශපාලකයන් විසින් මේ ගැටලුව හෝද හෝදා මඩේ දමන ව්‍යාපෘතියක් බවට පත් කරගෙන තිබෙන බවක් ද පෙනී යයි. තමන්ට බලය ලබා ගැනීමේ හෝ තමන්ගේ දේශපාලන මතවාද සමාජගත කිරීමේ උපක්‍රමයක් හැටියට හෝ උපාධිධාරීන්ගේ රැකියා විරහිත බව ප්‍රයෝජනයට ගැනීම එවැනි දේශපාලකයන්ගේ සැබෑ අරමුණ වී තිබේ. සත්‍ය වශයෙන්ම උපාධියක් අතැතිව රැකියාවක් නොලබන තරුණ තරුණියෝ මේ දේශපාලකයන්ගේ ඉලක්ක බවට පත්වෙති. රැකියා නොමැති අසහනය මෙවැනි උද්ඝෝෂණ හරහා පිටකර දැමීමට තරුණ තරුණියන්ටද අවස්ථාව ලැබීම නිසා ඔවුහු ද මේ සටන්වලට යොමුවෙති.

කලා විෂය හදාරණ තරුණ තරුණියන් රැකියා විරහිත උපාධිධාරීන් අතර ඉහළම ප්‍රතිශතයට අයත්ය. එම විෂයන් හැදෑරීම තුළින් පමණක් රැකියා අවස්ථා පාදා ගැනීම පහසු නැත. ඔවුන්ට විශ්වවිද්‍යාල තුළදීම රැකියා සඳහා මාර්ග පාදා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් මේ සඳහා කිසියම් හෝ විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කළ යුතුය. ඒ වගේම පෙන්වා දිය යුත්තේ විශ්‍රාම වැටුප් හිමි රජයේ රැකියාම ඉල්ලා උද්ඝෝෂණය කරමින් දේශපාලන අතකොලු බවට පත් වෙනවාට වඩා තමන් උගත් දෙයින් ජීවනෝපායක් සලසා ගැනීමට තරුණ තරුණියන් ද ක්‍රියා කළ යුතු බවය. ගුරැ වෘත්තියට බඳවා ගැනීමේ වයස් සීමාව අවුරැදු 45 ක් කළ යුතුය වැනි සටන් පාඨ පෙන්වා දෙන්නේ ඔවුන් තුළ ද එවැනි සූදානමක් නොමැති බව පමණි.

 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00