එක්සත් ජාතික පක්ෂය මහලේකම් පාලිත රංගේ බණ්ඩාර
“ආරංචිය සුබයි" කැම්පේන් එකත් එක්කම අලුත් ආරංචියක් අරගෙන ජනාධිපතිවරයා ජාතිය ඇමතුවා. මොකද හිතෙන්නේ ජනාධිපතිගේ සුබ ආරංචිය ගැන?
මේක ජනතාවට නම් සුබ ආරංචියක්. හැබැයි ජනාධිපතිතුමාට මේක කරගන්න බැරිවෙයි කියලා හිතුව මාලිමාවටත් සජබයටත් අසුබ ආරංචියක්.
හැබැයි විපක්ෂය නම් කියන්නේ මේක සුබ ආරංචියක් නෙමේ. මේක තව අමාරුවේ වැටිල්ලක්. ණය කල් දාගැනීමක් විතරයි කියලා?
ණය ගෙවන්න ආර්ථිකයක් නැති නිසයි ණය ගෙවන්න කල් දාගන්නේ. අපි ගමේ වුණත් බැංකුවකින් ණයක් අරගෙන ගෙවාගන්න බැරිවුණාම කරන්නේ කතා කරලා කාලය දීර්ඝ කරගන්න එක. එහෙම නැතුව පොල්ල තියලා පැනලා යන එක නෙමේ. අපිට රටක් හැටියට එහෙම පැනලා යන්න බෑ. ඒ නිසා ණය ගෙවන්න කාලයක් අරගෙන, අපේ ආර්ථිකයත් ශක්තිමත් කරමින් ඒ ණය ගෙවන එක තමයි මේ උපක්රමශීලීව කරලා තියෙන්නේ. ඒක අති විශාල ජයග්‍රහණයක්. එහෙම නොවුණා නම් අපි ක්‍රිබ් එකට ගියා වගේ බ්ලෑක් ලිස්ට් වුණා නම් අපිට ලෝකය හමුවේ කටයුතු කරන්න වෙන්නේ නෑ. ඒ නිසා මේක සුවිශේෂී ජයග්‍රහණයක් නෙමේද යන්න අපි හිතලා බලන්න ඕනෑ.
දැන් මේ ජයග්‍රහණයත් එක්ක මුදල් යොදවලා සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවද?
ජනාධිපතිතුමත් සිය කතාවේ කිව්වේ සැහැල්ලු දුම්රිය, අධිවේගී මාර්ග මේ සියලු සංවර්ධන කටයුතු අදාළ ආයතන එක්ක කතා කරලා නැවත ආරම්භ කරන්න කටයුතු කරනවා කියලා. අපිට දැන් දීලා තියෙන ලොකුම දේ තමයි අපිට ලැබුණු පිළිගැනීම. ඒ ජාත්‍යන්තර පිළිගැනීම මත අපි බංකොලොත් රාජ්‍යයක් නෙමෙයි කියලා ලෝකය දැන් පිළිගන්නවා. වෙලාවට ගෑස් ටැංකියක්, තෙල් ටිකක් ගෙන්න ගන්න බැරිවුණු රටක්. දැන් අපි ඒක ජයග්‍රහණය කරලා තියෙනවා. ඒ ජයග්‍රහණය රුකගන්න එක තමා අපේ අරමුණ.
අපි මීට කලිනුත් අයි.එම්.එෆ් එක්ක ගිහින් ඒ අය කරන යෝජනාවලට පයින් ගැහුවා ආර්ථිකය හරියනකොට. ඉස්සරහට ඒකම වෙයිද?
ජනාධිපතිතුමා හැම අවස්ථාවකමත් පසුගියදා ජාතිය අමතද්දිත් කිව්ව දේ තමයි අපි මීට කලින් අයි.එම්.එෆ් එකේ යෝජනාවලට පයින් ගහලා තියෙනවා. මෙවර ඒක නොකළ යුතුයි කියලා. එහෙම කළොත් ලොකු අමාරුවක වැටෙන්නේ. ඒ නිසා කවදා හරි එන නායකයෙක් හරි ඒ යෝජනාවලට පයින් ගැහුවොත් රට විනාශයි. එහෙම වුණොත් 2022ට වඩා බරපතළයි. පේනවනේ කෙන්යාවේ ජනතාව බලය අතට අරන් පාර්ලිමේන්තුව පවා ගිනි තිබ්බා.
දැන් මේ සුබ ආරංචියෙන් ජනතාවට ලැබෙන දැනෙන සහන මොනවද?
මේ වෙද්දිත් ජනතාවට අපි සහන දීලා තියෙන්නේ. ඔබ දන්නවා පහුගිය කාලේ සමෘද්ධි වැඩිම මුදල 4500 යි. දැන් ඒක 15000 දක්වා වැඩි කරලා තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා හිටියේ පවුල් ලක්ෂ 8 යි. ඒත් දැන් පවුල් ලක්ෂ 24 දක්වා අපි අස්වැසුම යටතේ සහන දීලා තියෙනවා. ගොවියට අඛණ්ඩව පොහොර ටික දෙනවා. ඒ වගේම ඉන්ධන මිල අඩුකළා විතරක් නෙමෙයි අඛණ්ඩව සහන ලබා දීලා තියෙනවා. ඖෂධ, විදුලිය වගේ දේවලත් අපි මිල අඩු කරමින් පවතිනවා. හැම අංශයකටම අපි සහන දීලා තියෙනවා. විශේෂයෙන් රාජ්‍ය සේවයටත් දෙන්න පුළුවන් සහන දීලා තියෙන්නේ.
මේ වෙලාවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව තම වෘත්තීය අයිතිය ඉල්ලලා සටන් කරන ගුරුවරු වෙනුවෙන් ඔබලගේ ප්‍රතිචාරය තවම පැහැදිලි නෑ. මොකක්ද කරන්න ඉන්නේ?
ගුරුවරු සහ විදුහල්පති සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරන්න කටයුතු කරන බව ජනාධිපතිතුමා දැනුම්දීලා තියෙනවා. අපිටත් හිතෙනවා ඒක වෙයි කියලා. මැතිවරණයක් ළං වෙනකොට මෙහෙම වෘත්තීය අරගල ආරම්භ වෙලා තියෙනවා. දැන් ජනතා විමුක්ති පෙරමුණ තව පෝය දෙකයි දවස් මෙච්චරයි කියලා බලය ගන්නවා කියනවානේ. ඇයි මේ අරගල කර කර ඉන්නේ. බලය ගත්තා නම් ඉවරනේ.
ඒ කියන්නේ ගුරු ගැටලුවට සම්බන්ධ ජනතා විමුක්ති පෙරමුණද?
ජනතා විමුක්ති පෙරමුණ තමයි මේකට නායකත්වය දෙන්නේ. ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහලා තමයි ඉන්නේ. ඉතින් ඒ අය අනාගතයේ බලය ගන්නවා කියනවා නම්, දරුවන්ගේ ජීවිත විනාශ නොකර බලය ගත්තා නම් ඉවරයිනේ. ඒ අය බලය ගන්නවා නම් තව මාස දෙක තුනකින් ඔය ඉල්ලීම් ඉෂ්ඨ කරන්න පුළුවන්නේ ඉවසලා ඉඳලා. මේ කරන්නේ අයුක්ති සහගත වැඩක්. මේ කරන්නේ දරුවන්ගේ ජීවිත විනාශ කරන එක. මේ රට මේ තැනට ගෙනල්ලා දැම්මේ කවුද කියලා රටම දන්නවා. 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා වරද්දගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හින්දා නෙමේ. ඒත් මේ කඩා වැටුණු රට මේ තැනට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා.
දැන් ගොඩක් අය බලන් ඉන්නවා පොහොට්ටුවේ සහාය ජනාධිපතිට ලැබෙයිද කියලා. එකඟතාවයකට ආවද ජනාධිපතිට සහාය දෙන්න?
අපේ සාකච්ඡා නම් සාර්ථකයි. ඒක පොහොට්ටුවට විතරක් සීමා කරලා නෑ. සජබයට ගිය අය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පක්ෂ රාශියක් එකඟතාවයට ඇවිල්ලා තියෙනවා.
ඒ කියන්නේ දැන් හැමෝගෙම පොදු අපේක්ෂකයා හැටියටද ජනාධිපති තරගයට එන්නේ?
ඔව් ඉතින් මේ පොදු ප්රශ්නය විසඳුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයානේ. එයා කොහොමත් පොදු වස්තුවක්. එයා අපේ ගැලවුම්කාරයා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉන්න එකම කෙනා ඔහු.
ඔබලා සජබයේ කට්ටිය බිලී බාගන්නවා නේද?
බිලී බාගන්න දෙයක් නෑනේ. ඔබට පේනවනේ බහුතරයක් අය ඉන්නේ අපි එක්ක. ගතින් එතැන හිටියට හිතෙන් අපි එක්ක ඉන්නේ.
• ගයාන් ගාල්ලගේ