සංජීව එදිරිමාන්න පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
පොහොට්ටුවේ දෙවැනි කුළුඳුල් ජනාධිපති අපේක්ෂකයා තමයි නාමල්.හැබැයි මහින්ද රාජපක්ෂගේ පුතා.ඒ වගේම 2022දී රාජපක්ෂ ආණ්ඩුව පලවා හරිනවා.මේ සියල්ල මැද ඉදිරිපත්වෙන නාමල් රාජපක්ෂට පාක්ෂිකයන්ගෙන් තියෙන ඉල්ලුම කොහොමද?
පැති කිපයකින් තියෙනවා.එකක් නාමල් රාජපක්ෂ මහත්තයව පිළිගන්නවා, කැමැත්ත දක්වනවා මහින්ද රාජපක්ෂ මහත්තයගේ පුතා හැටියට.ඒක අධ්‍යාත්මිකව දැනෙන තැන.අනෙක් පැත්තෙන් කතාවක් ගියා මෙවර ඡන්දයට පොහොට්ටුවේ අපේක්ෂකයෙක් ඉඳිරිපත් වෙන්නේ නෑ කියලා.ඒ මොහොතේ ඔහු ඒ අභියෝගය බාර ගැනීමම අලුත් බලාපොරොත්තුවක් ගෙන එනවා.ඒ වගේම ලෝක මට්ටම හා සසඳමින් ලංකාව තුළන් කේන්ද්‍රීය නායකත්වයක් තරුණ පරපුරට හිමිවිය යුතුයි කියලා සංවාදයක් තියෙනවා.ඩඩ්ලි සේනානායක තමයි අඩු වයසින් අගමැති වෙලා තියෙන්නේ තාත්තගේ අභාවය නිසා. හැබැයි ඊට පස්සේ අවුරුදු තිස්ගාණක තරුණයෙක් අපේක්ෂකත්වයට ඇවිල්ලා තියෙනවා.මම හිතන්නේ අර දීර්ඝකාලීන සංවාදයටත් උත්තරයක් මේ හරහා ලැබුණා.ඒ නිසා නාමල් මේ අපේක්ෂ්කයෝ දෙතුන් දෙනා අතර කැපී පෙනෙනනම නායකයා වෙලා ඉවරයි.
අපි දන්නවා 2015 දී මහින්ද මහත්තයව මිනිස්සු ගෙදර යැව්වා.2022 දී ගෝඨාභය රාජපක්ෂව ජන බලයෙන් යැව්වා. රාජපක්ෂලා සම්බන්ධයෙන් ජනතාව වෙනම කියවීමක ඉන්නේ. මේක හැදෙන නාමල්ට අවාසියක් නෙමේද?
මගේ තර්කය මේකයි.යම් කෙනෙක් දේශපාලනය කරද්දී ඒ අයගේ අම්මා තාත්තා පවුලේ අය දේශපාලනය කළා කියලා එයාව පිලිගන්න එක විශේෂ සුදුසුකමක් හැටියට නොවුණට කමක් නෑ.හැබැයි ඔහුව තෝරාගැනීමේදී ඒ වගේම විශේෂ නුසුදුසුකමක් වෙන්නත් බෑ.මොකද ඔහු සුදුසු නම් ඒක දෙන්න ඕන.
නාමල් කියන නම මේ ජනාධිපති අපේක්ෂකත්ව ලේඛනයේ තිබ්බේ නෑ. තිබ්බේ වෙන නම්.ඇත්තටම මේ නාමල් රාජපක්ෂ හදිසි තෝරා ගැනීමක් නේද පොහොට්ටුවේ?
ඔබ දකින්න ඇතිනේ එතුමා පත්කළ මොහොතේ පටන් අපේ කැම්පේන් එක දුවන විදිහ. ඒකෙන්ම පේනවනේ අපි විදිමත්ව සූදානමක් සහිතවයි වැඩේ සිද්ධ වෙන්නේ කියලා. කාටහරි එහෙම අහඹුවක් හැටියට පේන්න පුලුවන්. හැබැයි මේ සියලු අවිනිශ්චිත තාවයන් අලුත් දෙයක්.අපි මේ ජනාධිපති දිනන සටනේ ඉස්සරහින්ම ඉන්න කණ්ඩායමක්.අපි කිව්වා හොඳම අපේක්ෂකයා අපි දානවා කියලා.එහෙම ගොඩක් අපේෂකයෝ අපේ පක්ෂයේ හිටියා.මේ නිසා සුදුසුම අපේක්ෂකවයව අපි දැම්මා.
රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න ගිය කට්ටිය කියන්නේ පොහොට්ටුවේ ඡන්ද තියෙන්නේ ඔවුන් ගාව කියලා. ඇත්තටම නාමල්ට ඡන්ද නැද්ද?
මේ ඡන්දය නාමල් රාජපක්ෂ නිසැකවම දිනනවා. අපි කඩාගෙන යාමක් කළේ නෑ.අපි හිටියේ පක්ෂය එක්ක. අපි මේ පක්ෂයේ ප්‍රතිපත්තිය රකිනවා.අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක කිසිම වාචික හෝ ලිඛිත එකඟතාවයකට එදා ආවේ නෑ අවුරුදු දෙකකට පස්සේ ඔහුට උදව් කරනවා කියලා.ඒ වෙලාවේ තිබ්බේ නෑ.දැන් කොහොමත් නෑ.එදා 2005 දී ජවිපෙ මහින්ද ජනාධිපතිතුමාට උදව් කළා.මොකද ඒ මොහොතේ වියයුතු දේ නිසා.හැබැයි ඊට පස්සේ හැමදාම ආවේ නෑනේ.
ඒ වුණාට ගිය අය කියන්නේ මෙතනින් පස්සේ පොහොට්ටුව විනාසයි කියලා?
හිටිය මිනිස්සු කියන්නේ පාර්ලිමේන්තුවේ හිටිය කණ්ඩායමනේ.අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලංකාවේ ජනසමාජය බෙදෙන්නේ මැතිවරණයකදී පාර්ලිමේන්තුවේ ඉන්න 225ට සමානව නෙමේ.බහුතර මන්ත්‍රී කණ්ඩායම ඉන්නේ පක්ෂය ඇතුළෙද පිටද කියලා සමහර අය අහනවා.ඇත්තටම බහුතරය ඉන්නේ පක්ෂය ඇතුළේ නෙමේ. හැබැයි ඔබ මගෙන් ඇහුවොත් පොහොට්ටුව විස්වාස කරන ජනතාව ඉන්නේ කොහොද කියලා. අති බහුතරය ඉන්නේ පක්ෂයේ.මට පොහොට්ටුවේ මිනිස්සු එක්ලක්ෂ පන්දාස් ගාණක් ඡන්දය දුන්නා.ඔබ හිතනවද මම හෙට කොහේ හරි ගියාම ඒ ඡන්දය එහෙමම එයි කියලා.
ඔබ නොකියා කියන්නේ ඇත්තම අවදානම තියෙන්නේ පොහොට්ටුව දාලා ගිය අයට කියලද?
නොකියා නෙමේ කෙළින්ම කියන්නේ.මේ සමාජයේ මිනිස්සු කැමති ප්‍රතිපත්තිය රකින දේශපාලනයට.අපි ළඟට එන මිනිස්සු කියන්නේ උඹලව වෙනදට වඩා වටිනවා කියලා. 2015 මහ ඡන්දයේ පොස්ටර් වල ගැහුවේ මොනවද? මහින්ද දාලා නොගිය අහවලා කියලා.මහින්ද රැකපු අහවලා කියලා.
ඒ කියන්නේ ඔබ කියන හැටියට අන්තිමේ මේ පොළවේ ඉතුරුවෙන්නේ පොහොට්ටුවයි සජබයයි මාලිමාවයි විතරයි කියලද?
බලපෑම් සහගත දේශපාලන දේශපාලන පක්ෂ තුන ඔච්චරයි. පක්ෂ තියෙයි ඒත් වැඩක් නෑ.
දැන් ගිය කට්ටිය සන්ධාන හැදුවට වැඩක් නැද්ද?
නෑනේ එහෙම හෝඩුවාවක් පේන්නෙවත් නෑනේ.
අපි දැක්කා එදා නමයෝජනා දෙන වෙලාවේ නාමල් සහ අනුර කුමාර අතර සමීප බවක්.දැන් මේකට මඩත් ගහනවා.මොකකද ඒ වුණේ?මොකද දෙන්නා මරාගත්ත අය?
ඒක ඇතූළේ තියෙන්නේ හුදු මනුස්සකමක්.කිසිම දේශපාලනයක් නෑ.නාමල් රාජපක්ෂ කියන තරුණයා තමන්ට වඩා පැයක් හරි වැඩිමල් මනුස්සයෙක් පුටුව ළඟට ආවොත් නැගිටලා කතා කරන එක.ඒක නාමල්ගේ හැටි.
මඩ ගහන්නේ කවුද?
මේ ලංකාවේ එක තීරුවක්.මඩ ගහන එක දේශපාලනය කියලා හිතනවා.හැබැයි මිනිස්සු විස්වාස කරන්නේ නෑ.මේවා මැතිවරණ ප්‍රතිඵල වලට බලපෑමක් නෑ.
• ගයාන් ගාල්ලගේ