විධායක සභික - ජාතික ජන බලවේගය කේ.ඩී. ලාල් කාන්ත
1964 දී බිහි කරපු ජනතා විමුක්ති පෙරමුණ දීර්ඝ හැලහැප්පිලි දේශපාලන ගමනකින් පසුව 2024 දී රටේ නායකයෙක් බිහි කරනවා. මේක ලොකු සිහිනයක්. අමාරු වැඩක්. ඔබ මොකද ඒ ගැන හිතන්නේ?
අපි දිනන අවස්ථාව වෙනකොට කරුණු කාරණා ගොඩක් එකතුවෙලා තමයි මේ ජයග්‍රහණය ලැබුණේ. එකක් අවුරුදු 76 ක තිබුණු සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය මිනිස්සුන්ට එපා වෙලා තියෙන්නේ.
මිනිස්සුන්ටම කියලා කියන්න බෑනේ. වැඩි දෙනෙක්නේ. මොකද ඔබලට එකඟ වුණු පිරිස විතරයිනේ?
ඔව්.. වැඩි පිරිසකට, බහුතරයකට එපා වෙලා ඉන්නේ. ප්‍රතිඵලය අනුව පේනවා, තවම ගොඩක් දෙනකුට ඒක තේරිලා නෑ කියලා. අපේ වගකීම ඒක වෙනස් කරන එක. කොහොම වුණත් මේ වෙලාවේ ජනතාවට තෝරගන්න වෙන උත්තරයක් තිබුණේ නෑ. මිනිස්සු හොයද්දී මාලිමාව කියලා එකක් තිබුණා. පොඩි හැඩයේ වෙනසක් තිබුණා. ඒ නිසා මේක තමයි තැන කියලා මිනිස්සු හිතුවා. එහෙම කියලා තමයි මේ ජයග්‍රහණය ලැබුණේ. එහෙම නැතුව අපේ හැකියාව, දක්ෂතාවය, කැපවීම නිසාම විතරක් නෙවෙයි මේ ජයග්‍රහණය ලැබුණේ. අපි රැකපු සීලය, ප්‍රතිපත්ති නිසාම නෙවෙයි මේ ජයග්‍රහණය ලැබුණේ.
මට හිතෙන දේ තමයි, මේ ජයග්‍රහණයේ එක හැරවුම් ලක්ෂයක් හැදුවේ ඔබයි. ජවිපෙ සම්බන්ධයෙන් තිබුණු දැඩි බව ඔබ වේදිකාව උඩ මෙලෙක් කළා. අපිත් කන බොන මිනිස්සු. අපේ රැස්වීම්වලත් කාලේ බෝතල් තියෙන්න ඕනෑ වගේ ජනතාවට නිදහස් තැනක් බවට මේ පක්ෂය පත් කළා. ඒක හරි නේද?
ජාතික ව්‍යාපාරයක් හැටියට මේකට විවිධ විදිහට කට්ටිය මැදිහත් වුණා. මට ඉස්කෝලේ යන කාලේ ඉඳලා පුරුද්දක් තිබුණා ඉස්කෝලෙන් පිටට ඇවිල්ලා ඉස්කෝලේ දිහා බලන පුරුද්දක්. මම ගෙදර ජීවත් වෙනකොටත් අපේ පවුලෙන් පිටට ඇවිල්ලා පවුල දිහා බලන පුරුද්දක් තිබුණා. දැන් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඉන්නකොටත් ඊට වඩා මම අර පෙරහැරෙන් පිට ඉඳලා පෙරහැර බලන ගතියක් තිබුණා. මාලිමාව සම්බන්ධයෙන් වුණත් මම දැනුත් එහෙමයි. ඒ වගේම සමාජයේ අපිට පක්ෂ අය, විරුද්ධ අය මොනවද කියන්නේ කියන එක ගැන මම විමසිලිමත්ව බලනවා.
ඔබේ මේ සිතුවිලි හරි. ඒත් පක්ෂය සමාජගත වීම ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනෑ. මොකද පක්ෂය සම්බන්ධයෙන් ලොකු බයක් සමාජයේ තිබුණා?
ඔව්... අපේ ජවිපෙ සංස්කෘතියත් සමාජ සංස්කෘතියත් අතර ලොකු ගැප් එකක් මට පෙනුණා. සමහර අය දැකලා තිබුණා. ඒත් ඒ අයට ධෛර්යයක් තිබුණේ නෑ, ඒ ගැන විවෘතව කතා කරන්න. ඒ අය හිතුවා තමන්ට අවුල් වෙයි, ව්‍යාපාරයේ අය මොනවා හරි හිතයි, ව්‍යාපාරයෙන් යන්න වෙයි වගේ දේවල්. හැබැයි මම ටිකක් වෙනස්. මම හිතනවා පුළුල් බහුජන ව්‍යාපාරයකට අවශ්‍ය මැදිහත් වීම අනෙක් අයට වඩා මගෙන් වුණා කියන එක. ඒක තමයි ඔය සමාජය දකින්නේ ලාල් මෙහෙමයි වගේ කියලා.
ඒ වුණාට ලාල් විශාල වශයෙන් චෝදනාවට ලක් වුණා. මම හිතන්නේ වැඩියෙන්ම ඇතුළෙන්?
ඔව්... මට හැමදාම විවේචන තිබුණා. ඇතුළෙන් වගේම එළියෙන් නොසෑහෙන්න විවේචන තිබුණා. 64 ඉඳලා ව්‍යාපාරයට සම්බන්ධ අය, 88/ 89 ව්‍යාපාරයට සම්බන්ධ අය මාව නොසෑහෙන්න විවේචනය කළා, ඔයා මේ ව්‍යාපාරය ඉවර කරන්නද යන්නේ කියලා. මම ඒවා වැඩිය ගණන් ගත්තේ නෑ. ඒත් සමහර අවස්ථාවල ගණන් ගත්ත අවස්ථා තියෙනවා. මම ඕක තව විදිහකින් කිව්ව විදිහක් කියන්නම්. මම කිව්වා, අපි පොල්තෙලුයි වතුරයි වගේ ඉඳලා හරියන්නේ නෑ, අපි ඉන්න ඕනෑ ගල් අරක්කුයි සෝඩයි වගේ කියලා. ඔය ජනතාවට ළං වෙන්න ඕනෑ, කිට්ටු වෙන්න ඕනෑ කිව්වේ මම නෙවෙයි, ලෙනින් සහෝදරයා.
ඔහොම කිව්වට පක්ෂයත් සමාජයත් අතර ලොකු ගැප් එකක් තිබුණනේ. පොඩි බයක්, ළං වෙන්න බැරි එකක්, එකඟ වෙන්න බැරි එකක්?
ඔව්... අපේ පක්ෂයේ සමහර අය අතර ඔය වගේ දුරක් තිබුණා.
දැන් මේ ලිබරල් දේශපාලන සංස්කෘතියක ආරම්භයක්ද?
නෑ මේක ලිබරල් එකක් නෙවෙයි. ලෙනින් ලිබරල්වාදියෙක් නෙවෙයිනේ. මම කිව්වේ ලෙනින්වාදයේ කොටසක්. මම මේක මේ රටේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කිව්වේ. මිනිස්සු වැඩිපුර බොන්නේ ගල් අරක්කුනේ. ගලුයි සෝඩයි කිව්වම තේරෙනවා ටිකක්. මම තව කිව්වා කන්ද උඩ ඉඳලා කතා කළාට වැඩක් නෑ, කන්ද පාමුලට ගිහින් ජනතාවගේ අතින් අල්ලලා ඒ අයත් අරගෙන උඩට යමු කියලා. මම කිව්වා සමහර වෙලාවට මට ඕනෑ දේ කරන්නේ කියලා.
කාලයක් ජනතාව ජවිපෙ අතර තියෙන ප්‍රශ්නය විසඳගන්න අහපු සරල ප්‍රශ්නයක් තමයි ඔයාලා බොනවද කනවද කියලා?
මේ ලෝකයේ මිනිස්සුන්ගේ එක කොටසක් තමයි විනෝදාස්වාදය. මිනිස්සුන්ට විතරක් නෙවෙයි, සතුන්ටත් එහෙමයි. අව්වයි වැස්සයි නරියගේ මගුලයි කියන්නේ. පේනවනේ ටිකක් අව්ව වෙලාවට පොඩි වැස්සක් වැටුණාම නරින්ට හරි මගුල්. තණ පිට්ටනියට එනවා, පෙරළෙනවා, හූ කියනවා.
ඔබලගේ ආණ්ඩුවකදී එහෙම ඉඩක් හදනවද?
අපේ අරමුණ ඒක. මිනිස්සුන්ට සතුටින්, විනෝදාස්වාදයෙන් ජීවත් වෙන්න පුළුවන් විනයගරුක රටක් හදන එක. ඒත් සමාජයේ හැදිලා තිබුණේ මුන් ආපුවම සියල්ල නැතිවෙයි කියලා. මට ඕනෑ වුණා ඒක බිඳින්න.
ඒත් ජවිපෙ කියන්නේ මාර විනයක් තියෙන, සාමාන්‍ය පොදු ජන ජීවිතයට වඩා වෙනස් ජීවිතයක් ගත කරන පිරිසක්නේ. ඒකයි මිනිස්සු බය?
මම අහගෙන දවසක් අපේ එක සහෝදරයෙක් වේදිකාවක කියනවා, මේ රටේ එකම අමද්‍යප ව්‍යාපාරය අපි කියලා. මට එයා ගැන හරි කලකිරීමක් ඇති වුණා. මේක නිකම් නිකායක් වගේ. දේශපාලන පක්ෂයක් අමද්‍යප ව්‍යාපාරයක් වෙන්න බෑ. දේශපාලන පක්ෂයක කන බොන විවිධ ආගම්වල අය ඉන්න පුළුවන්. ඉන්නත් ඕනෑ. අපි මේ විවිධත්වය අගය කරන්න ඕනෑ. දැන් බලන්න අපේ රටේ මූලිකත්වය තියෙන්නේ බෞද්ධ ධර්මයට. ඒත් අනෙක් ආගම් සංස්කෘතින් තියෙනවා. ඒකනේ මේ විවිධත්වය. ලස්සන නැද්ද? අනික සංකීර්ණ විවිධත්වයක් තියෙන රටක් මේක. ඒකට අපි ගරු කරන බව, ඒකට එකඟ බව අපි සමාජයට කියන්න ඕනෑ. ඒක පෙන්වන්න ඕනෑ.
මෙතැනින් පස්සේ ජනතා විමුක්ති පෙරමුණ ඉවරද?
ජවිපෙ කියන්නේ එයටම අනන්‍ය ප්‍රතිපත්ති මාලාවක් තියෙන, වෙන සංස්කෘතියක් තියෙන ව්‍යාපාරයක්. ඒක එහෙම තිබුණාවෙ. මාලිමාව කියන්නේ විවිධත්වය සහිත පොදු මහජනතාවගේ ව්‍යාපාරයක්. ජවිපෙ එහෙම පවතිනවා. ඒක නවතින්නේ නෑ.
පක්ෂයක් රටේ බලය අල්ලනවා වගේම අල්ලපුවම විවිධ මිනිස්සු කණ්ඩායමක් එකතු වෙනවා. තරාතිරමක් නෑ. එහෙම සංස්කෘතියක් අපිට තියෙන්නේ. දැන් මාලිමාවටත් සැලුන් දොරක් තියෙනවද?
ඕනෑ කෙනකුට එකතු වෙන්න බෑ. අපේ මාලිමාවට අදාළ ප්‍රතිපත්තියක් තියෙනවා. ජනතාවට අදාළ ප්‍රතිපත්තියක් දාලා තියෙන්නේ මැතිවරණයේදී. මාලිමාවේ ප්‍රතිපත්තිය පිළිගත්ත අයට මාලිමාවට එන්න පුළුවන්. ඒ වගේම වසර 76 ක දේශපාලනය තුළ කුණු වුණු, දූෂණය වුණු, චෝදනා එල්ල වුණු කිසිම කෙනෙක් අපි වද්දගන්නේ නෑ. අන්න ඒ වද්ද නොගැනීම නිසා තමයි මේ ප්‍රතිඵලය ලැබුණේ.
එන්න ඇහුවේ නැද්ද 76 ක දේශපාලනයේ අවුල් වෙච්ච අය?
කොච්චර එන්න ඇහුවද? එහෙම ගත්තා නම් ඒ අයයි අපි අතරයි වෙනසවත් ජනතාවට පේන්නේ නෑ. අපිට වෙනස්කමක් තියෙනවා. ඒක තමයි අපි පෙන්නුවේ. ඒ නිසා පොදු ජනතාවට පුළුවන් ඡන්දය දෙන්න, සහාය දෙන්න. ඒත් 76 ක දේශපාලනයේ ජරා වුණු, කැත වුණු කිසිම කෙනකුට තීරණ ගන්න තැන්වලට යන්න බෑ. ආවට ඉන්නත් බෑ.
මහ මැතිවරණය කියන්නේ මනාප පොරයක්. ඒ මනාප පොරයෙදී ගමේ දන්න එකා යවන්නේ. සමහර අය හිතනවා මාලිමාවට ජනප්‍රිය චරිත අඩු නිසා ඒ අවස්ථාව පාඩු වෙයි කියලා. මොකක්ද ඒකට තියෙන මෙහෙයුම?
ඔය වගේ කතා ජනාධිපතිවරණයට කලින් කොච්චර කිව්වද? අපිට තරම් අවලාද නගපු මිනිස්සු කොහෙවත් නෑනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය නැති කරලා බුද්ධාගම ඉවත් කරනවා කිව්වා. මිහින්තලේ හාමුදුරුවෝ දේශනා කළා, හාමුදුරුවන්ට දානෙත් නැතිවෙයි කියලා. දළදා පෙරහර නවත්වනව කිව්වා. ඇත්තටම ජනතාවට අපි ස්තූතිවන්ත වෙන්න ඕනෑ, බහුතරයක් දෙනා ඒ දේවල් විශ්වාස කළේ නෑ.
ඒ දේවල් හරි. මම අහන්නේ නාමයෝජනා තෝරගන්නේ කොහොමද?
මැතිවරණයට බොහෝ පිරිස් නාමයෝජනා ඉල්ලීම් කරලා තියෙනවා. අර මම කිව්ව මාලිමාවේ නිර්ණායකවලට එකඟ වුණු අයට අවස්ථාව දෙනවා. මගහරින්නේ නෑ කිසිම වෙලාවක. එහෙම නාමයෝජනා ඉල්ලනවා නම් හරිම සතුටුයි. වැඩිවන තරමට හොඳයි.
කොහොමද තෝරගන්නේ?
අපේ ප්‍රධාන නාමයෝජනා කමිටුවක් තියෙනවා. ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් තියෙනවා. අපි මේ ඉල්ලීම් සියල්ල ඒ අයට දෙනවා. ඒ අය තෝරලා, කාන්තා නියෝජනය බලලා, තරුණ නියෝජනය බලලා, ගැටුම් නිරාකරණය කරලා නාමයෝජනා දෙයි. අර මම කිව්ව සංස්කෘතික විවිධත්වයත් බලන්න එපැයි.
මූලික නිර්ණායකය වෙන්නේ උගත් බුද්ධිමත්කමද?
නෑ ඒකම නෙවෙයි. දේශපාලන වශයෙන් පොදු ජන චරිතයක් වීම. අංක එකටම පොදු ජනතාවගේ මිනිහෙක් වීම. එයා රට වෙනුවෙන්, මිනිස්සු වෙනුවෙන් කරලා තියෙන කැපවීම බලන්න වෙනවා. ඊට පස්සේ තමයි අමතර සුදුසුකම් හැටියට අධ්‍යාපනය, මහාචාර්ය ආචාර්ය පට්ටම් වගේ ඒවා බලන්නේ. මූලික වශයෙන් බලන්නේ ඒ මනුස්සයට මේ රට සම්බන්ධයෙන් තියෙන කැක්කුම. දැන් බලන්නකෝ ජී.එල්. පීරිස් උගතෙක්නේ. ඒත් ප්‍රතිපත්තියක් නෑනේ. චරිත හේරතුත් එහෙමනේ. එයා කිව්වනේ අපි පෙරහර තහනම් කරනවා කියලා. මොන දේ තිබුණත් වැඩක් නෑ මමත්වය තියෙනවා නම්. එහෙම තියෙන කල් මේ රට හදන්න බෑ.
දැන් ඔය වගේ ප්‍රතිපත්තියක හිටිය ඔබලා විශාල විවේචනයක් චෝදනාවක් කළ මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම් ඒ තනතුරේම තියාගත්තේ ඇයි කියලා ගොඩක් අය ප්‍රශ්න කරනවා?
විවිධ අයට විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් අපිට මහ මැතිවරණයෙන් පස්සේ 25 ක කැබිනට් මණ්ඩලයක් ඕනෑ. රාජ්‍ය සේවය ඕනෑ. රාජ්‍ය නිලධාරීන් ඕනෑ. අන්න ඒ පදනමින් වැඩ කරන්නේ. අනුර සහෝදරයත් එදා කිව්වේ අපිට ඡන්දය නොදුන්න අයත් සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට තමයි අපි වැඩ කටයුතු කරන්නේ කියලා. මම මෙතැනත් ලෙනින්ගේ උදාහරණයක් ගන්නම්. සාර්ගේ ඒකාධිපති පාලනය බිඳ වැටුණම ඒ රටේ හිටිය දක්ෂ නිර්මාණ ශිල්පීන්, චිත්‍ර ශිල්පීන්ට කිව්වා ඔයාලා මෙච්චර දවස් ඔයාලගේ දක්ෂතාවය ඒකාධිපතියකු සඳහා වැය කළා. ඒත් දැන් ඔබේ දක්ෂතාවය මේ රටේ ජනතාව වෙනුවෙන් වැය කරන්න. ඒ වෙනුවෙන් අපෙන් වෙන්න ඕනෑ දේවල් කියන්න කියලා.
රාජ්‍ය සේවය ගැන ජනතා මතය 76 ක දේශපාලන සංස්කෘතිය හා සමානයි?
නෑ.. අපි මේ වෙලාවේ රාජ්‍ය සේවකයන්ට කියනවා, මෙච්චර දවස් ඔයාලගේ දක්ෂතාවය ජරාජීර්ණ වුණු, කැත වුණු විවිධ පුද්ගලයන් වෙනුවෙන් කැප කළා. ඒත් දැන් ඉඳලා රට වෙනුවෙන් ඔබේ වගකීම ඉෂ්ඨ කරන්න කියලා. ඒ වෙනුවෙන් එකතු වෙන්න කියලා.
සමහර දේවල් එකපාර හදන්න පුළුවන්ද?
මෙහෙමයි. මෙතැනින් එහාට ඒ අය යම් වරදක් කළොත් මේ රටේ නීතියට අනුව කටයුතු කරනවා. ඒ වගේම පහුගිය කාලයේ යම් ආකාරයක චෝදනාවක් ඒ අය වෙනුවෙන් කරන්න දේශපාලනය නිසා හරි, ආයතන මට්ටමින් හරි බැරි වුණා නම් ඒ අයට කියනවා දැන් ඒ දේ කරන්න. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. මොකද දැන් ආයතන සියල්ල ස්වාධීනයි. කිසිම බලපෑමක් නෑ. ඒ නිසා ජනතාවට කියනවා දැන් ඉදිරිපත් වෙන්න.
Qහොරු අල්ලන එක චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුවේ ඉඳලා පටන් ගත්ත එකක්. ඒත් අල්ලපු හොරෙක් නෑ. ඩීල් එකකින් නැවතුණේ අවසානයේ. මම අහන්නේ මාලිමාවත් ඒක කිව්වා. මම අහන්නේ දැන් හොරු අල්ලනවද? නැත්නම් හොරකම් කරන එක ඉස්සරහට නවත්තනවද?
පළවෙනි දේ අපි විසින් හොරකම් කරන එක නවත්වන එක. අපි විසින් දූෂණය, වංචාව, නිලධාරිවාදය නොකර සිටීම. ඒ නිසා ඒ දේම විතරක් නෙවෙයි, මේ රට හදන්න ඕනෑ, ආර්ථිකය හදන්න ඕනෑ. ඒ සියල්ල කරන්නත් ඕනෑ. ලෝකයේ පළවෙනි රට තුන් දෙනකුගෙන් පාලනය කරන. පාර්ලිමේන්තු නෑ, පළාත් සභා නෑ, පළාත් පාලන නෑ. ඒක අසීරු වැඩක්. ඒත් ඒක කළමනාකරණය කරලා කරනවා. ඒ වගේම මේ දේ කියන්න ඕනෑ, ව්‍යාපාරිකයන්ටත්. කළු ව්‍යාපාර ගොඩනැගුණේ කළු දේශපාලනය නිසා. දැන් ඒ සංස්කෘතිය ඉවරයි. අපි කියන්නේ දැන් හරි විදිහට නිදහසේ කප්පම් නොදී තමන් සහ රට වෙනුවෙන් ව්‍යාපාර කරන්න. හැබැයි එකක්. යම් කෙනකුට විරුද්ධව අතීතයේ යම් වරදක් තියෙනවා නම් ඒවට විරුද්ධවත් නීතිය ක්‍රියාත්මක වෙනවා.
ගොඩක් අය ප්‍රශ්න කරනවා 113 ක් ජනාධිපතිවරණයේදී ගන්න පුළුවන් වෙයිද කියලා?
දැන් බලන්න මේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ 2/3 ක බහුතරයක් හදාගන්න බෑ කියලා හිතුව සමාජ ක්‍රමය බිඳ දැම්මනේ ගෝඨාභයගේ ආණ්ඩුවෙන්. කාලයක් තිබුණු තද දෙයක් ඒක. ඒක වෙන විදිහකට ශක්තිමත් කළා. ඒ නිසා මේ පාර වෙන්නෙත් ඒක. දැවැන්ත මහජන සහයක් ලැබෙනවා ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. අපිට ඒ ගැන සැකයක් නෑ.
ප්‍රජාතන්ත්‍රවාදී රටකට ශක්තිමත් විපක්ෂයක් ඕනෑ නැද්ද?
ශක්තිමත් විපක්ෂයක් තිබුණට කමක් නෑ. ශක්තිමත් විපක්ෂ කතාවක් ආවේ වෙන දෙයක් නිසා නෙවෙයි. මේ රටේ ක්‍රියාත්මක වුණු දේශපාලන සංස්කෘතිය නිසා. හැබැයි මම සහතික කරලා කියන්නම්, අපි බලයට ආපුවම විපක්ෂයකට කරන්න දෙයක් නැති වෙනවා. මොකද දන්නවද? අපි ජනතාවාදීව වැඩ කරනවා නම් විපක්ෂයට මොකක්ද කරන්න තියෙන්නේ. තියෙන්නේ සහය දෙන්න.
වෘත්තීය සමිතිවලටත් ඒකමද වෙන්නේ?
ඔව්... අපි ජනතාවාදීව වැඩ කරනවා නම් වෘත්තීය සමිති මොකක් කරන්නද? කරන්න තියෙන්නේ සහයෝගය දෙන එක අපිට. මම කියනවා අවුරුදු 76 ක් තිස්සෙ තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන හැටි බලන් ඉන්න කියලා. මහනුවර දිස්‍ත්‍රික්කයේ ලොහාන් රත්වත්තේ කිව්වා, එයාගේ ජීවිතේ තියෙන කල් අනුරට ජනාධිපති වෙන්න දෙන්නේ නෑ කියලා. මම කිව්වා ඔයා ජීවිතේ හානි කරගන්න එපා, අපි මේ රට හදන හැටි බලලා කරලා වයසට ගිහින් තමයි මිය යන්න ඕනෑ කියලා.
දැන් ජනතාවාදී පාලනයක් නම් ජනතාවට සහන ලැබෙන්න එපැයි. මොනවද ජනතාවට දෙන සහන?
ජනතාවට අවබෝධයක් තියෙනවා ජනාධිපතිවරයකුට කරන්න පුළුවන් මොනවද සහ ඉතුරු ටික කරගන්න වෙන්නෙ පාර්ලිමේන්තුව පත් කිරීමෙන් පස්සෙ කියලා. අපි ජනාධිපතිවරණයේදී අපේ වැඩපිළිවෙළ මුද්‍රණය කරලා දුන්නා. අන්න ඒ වැඩපිළිවෙළ මත ඉඳලා තමයි ජනතාව වෙනුවෙන් තීරණ ගන්නේ.
ඒ කියන්නේ ප්‍රතිපත්තියෙන් පිට පනින්නේ නෑ?
ජනතාවයි අපියි අතර තියෙන සම්මුතිය තමයි අපේ ප්‍රතිපත්තිය. අපි අතහරින්නේ නෑ. ඒක නැවත නැවත ක්‍රියාවට නංවනවා. ජනතාවට ඕනෑම වෙලාවක ප්‍රශ්න කරන්න පුළුවන්. අපිව ප්‍රශ්න කරන එක තමයි හොඳම දේ. වැරැද්දක් කරනවා නම් නැවත නැවත ප්‍රශ්න කරන්න කියලයි ලෙනින් කියන්නේ. හැබැයි අපි ගොන් පාට් විවේචනත් දැකලා තියෙනවා. ෆේස්බුක්, යූටියුබ්කාරයෝ දැකලා තියෙනවා මේ ගොන් පාට් විවේචන කරන. ඒවා අපි දන්නවා.
ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවද?
රටේ නීතිය අනුව ක්‍රියාත්මක වෙයි. ඒත් අපි මැදිහත් වෙන්නේ නෑ. අපිට ලැබෙන සාධනීය විවේචන අපි බාරගන්නවා. මොකද, අපිව රැකගන්න ඕනෑ. මොකද මේ අන්තිම අවස්ථාව. ඒක නැති වුණොත් ආයේ අවස්ථාවක් නෑ. කවුරුත්ම නෑ.
අනුර ජනාධිපති සහෝදරයා ආරක්ෂාව අඩු කරන්න යන එක හොඳ නෑ, අනතුරකට අත වැනීමක් කියලා සමහර අය කියනවා?
අපිට ජනතාවට කියන්න බෑ, අපි පාවිච්චි කරන ආරක්ෂක උපක්‍රමය. කිව්ව ගමන් ආරක්ෂාව නැති වෙනවා. ඒක ගැන කිව්ව ගමන් වෙන්නේ ඒ ආරක්ෂක ක්‍රියාදාමය හෙළිදරව් වෙනවා. සහෝදරයා යන්නේ ඉතාම හොඳ ආරක්ෂක ක්‍රමවේදයක් යටතේ. මෙච්චර කල් තිබුණු ආරක්ෂාවට වඩා වෙනස්.
ඔබලගේ ආරක්ෂාවත් එහෙමද?
පොදු ජනතාවට වරදක් නොකරන අපි ඇයි බය වෙන්නේ. මොකටද ආරක්ෂාවක්?
දැන් කියන්න ලාල් කාන්ත කොහෙන්ද මේ පාර ඉල්ලන්නේ?
මම ඉල්ලන්නේ නුවරින්. 15 ක ලැයිස්තුවක් දාන්න ඕනෑ. ඒක තේරුවට පස්සේ අපි එකට වැඩ කරනවා.
කෙහෙළියලා, මහින්දානන්දලා, කිරිඇල්ලලා, රත්වත්තෙලා වගේ අය එක්ක ලාල් කාන්තට පුළුවන්ද?
ඔය ඔක්කොම ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මහින්දානන්දගේ නාවලපිටිය බලකොටුව අපි බින්දා. ඒක බිඳලා නුවරත් දිනුවා. ඉතින් තව මොනවද? මේ රටේ ජනතාව කොයි තරම් වෙනසක් ඉල්ලනවද කියලා කියන කැඩපතක් මේ මහනුවර ජයග්‍රහණය.
• ගයාන් ගාල්ලගේ