ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පැතුම් ධනංජය
මට කියන්න ඔබ දේශපාලනයට පිවිසෙන්නේ කොහොමද?
මගේ දේශපාලන ගමන අවුරුදු පහළොවකට වැඩියි. බොහෝ දේශපාලනඥයන් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. බලයට ගේන්න තිරයෙන් පිටුපස ඉඳන් වගේම ඉදිරියෙන් ඉඳලත් වැඩ කරලා තියෙනවා. මම ඒ හැම දේශපාලනඥයකුගෙන්ම දෙයක් ඉගෙන ගත්තා. ඒ අය කුමන පක්ෂ පාට භේද, මොන මතයේ හිටියත් ඒ හැම කෙනකුගෙන්ම දෙයක් ඉගෙන ගත්තා. අවසානයේ පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා මම ගම්පහ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් එක්ක ඉදිරිපත් වුණා. නමුත් ඡන්දය කල් ගිය නිසා එක පැවැත්වුණේ නෑ. කොහොම වුණත් මගේ දේශපාලන ගමන මෙහෙමයි කියලා කියන්න බෑ. ඒක දීර්ඝ ගමනක්.
ඔබ පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කළා. ඇයි ඔබ සමගි ජන බලවේගයෙන් ඡන්දයට ආවේ නැත්තේ?
ඕක හැමෝම අහන ප්‍රශ්නයක්. ඇත්තටම සමගි ජන බලවේගයේ ප්රශ්නය මොකක්ද කියලා මේ වෙනකොට එළියට ඇවිල්ලා තියෙන්නේ. ඒ අය කැමති නෑ අලුත් තරුණ අය දේශපාලනයට එනවට. එයාලට ඕනෑ පරණ අය දාගෙන දේශපාලනය කරන්න. මම ගම්පහ ආසනයේ බැහැල වැඩ කරද්දි කවුරුත් හිටියේ නෑ. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයට විරුද්ධ පුද්ගලයෙක්ව දැන් ආසනයේ සංවිධායක කරලා ඔහුත් එක දේශපාලනය කරන්න කියනවා. අජිත් මාන්නප්පෙරුම මහත්තයත් ඒ විදියට එකඟ නෑ. ඒ නිසා පක්ෂ මතය පිළි අරගෙන ආයුබෝවන් කියලා ආවා.
දැන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂය ඔබට විශ්වාසද?
ඇත්තටම මට ඒ පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තු තරග කරන්න අවස්ථාව ලැබුණා. මට ඒ ආරාධනාව ආපුවම මං ඉතාම සතුටු වුණා. ඒකට හේතුව හොරු අල්ලන්න ඉස්සෙල්ලාම වැඩ පටන් ගත්ත රන්ජන් රාමනායක එහි නායකත්වයේ ඉන්න නිසා. ඔහු ජනප්‍රිය නළුවෙක් වගේම ජනප්‍රිය දේශපාලනඥයෙක්. ඔහුට ජනතා ආකර්ශනය වැඩියි. විශේෂයෙන් හොරෙක් නෙවෙයි. ඒ නිසා මගේ දේශපාලන ගමන එතුමත් එක්ක ආරම්භ කළ යුතුයි කියන එක මට හිතුණා. ඒකට ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව ඉතාම කැමතියි. මාත් එක්ක ගියවර සජබයට වැඩ කරපු අය අද අලුත් දේශපාලන ගමනක් යන්න එකතු වෙලා ඉන්නේ.
හොරු අල්ලන ආණ්ඩුව පත්වෙලා ඉන්නේ. රන්ජන් රාමනායකත් හොරු අල්ලන්න යන්නේ. ඔබලා පාර්ලිමේන්තුව කියලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? ආණ්ඩුවට උදව් කරන්නද?
ආණ්ඩුව හරි දේ කරනවා නම් අපි ඕනෑ උදව් දෙන්න ලෑස්තියි. හැබැයි ප්‍රබල විපක්ෂයක් ඕනෑ. දැන් ඉන්න විපක්ෂය නමට විතරයි. බොරු විසිල් බල්ටි විතරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයට බැණලා රෑට ගිහිල්ලා බාර් පර්මිට් ගන්නවා. අන්න එහෙමයි විපක්ෂය වැඩ කළේ. හැබැයි අපිට ඕනෑ හොර බොරු නැති විපක්ෂයක්. මම හිතනවා විපක්ෂය හදාගන්න එක තමයි අපේ ලොකුම යුතුකම. ඒකට හොඳම කෙනා රන්ජන් රාමනායක.
ඒ කියන්නේ ආණ්ඩුව අල්ලන අදහසක් නෑ?
එහෙම නැතුව නෙවෙයි. අපි එන්නේ කොහොමත් බලය අල්ලන්නනේ. හැබැයි දැන් මාලිමා ආණ්ඩුවක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒකටනේ ජනාධිපති කෙනෙක් පත් කළේ. ජනතා වරම මාලිමාවට නම් අපි ඒක පිළිගන්නවා. හැබැයි අපි දන්නවා හොඳ විපක්ෂයක් නෑ කියන එක. තනතුරුවලටත් මරාගන්නවා. ශක්තිමත් විපක්ෂයක් හදන්න තමයි අපි ඇතුළට එන්නේ. ඊට පස්සේ බලමු කරන්න තියෙන දේ. ආණ්ඩුව ගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. මිනිස්සුන්ට හරි දේ හොර බොරු නැතුව කළොත්, මිනිස්සු නිකම්ම ආණ්ඩුව ඉහළින් තියනවා. හොර බොරු කළොත් අද ලොකු පක්ෂවලට වෙලා තියෙන දේ තමයි වෙන්නේ.
ඇයි ඔබේ පක්ෂයට ඡන්ද දෙන්න ඕනෑ?
මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නව දේශපාලන සංස්කෘතියක්. මජර දේශපාලනය ඉවර කරලා තියෙන්නේ. ඒකනේ ගොඩක් අය ගෙදර යැව්වේ. අද පරණ දේශපාලනඥයන්ට ජනතාවට මුහුණ දෙන්න බැරිවෙලා තියෙනවා. එහෙනම් ඕනෑ අලුත් දේශපාලනයක්. අන්න ඒ අලුත් දේශපාලන සංස්කෘතිය තමයි අපි හදන්නේ. ඒ දේශපාලන සංස්කෘතිය ඇත්ත කතා කරන, දූෂණය වංචාව නැති දේශපාලනයක් වෙන්න ඕනෑ. ඉතින් ඒක හදනවා නම් ඉන්න එකම කෙනා රන්ජන් රාමනායක. අන්න ඒක හදන්න අපි මේ පාර පාර්ලිමේන්තු යනවාමයි.
ගම්පහ විශාල ඡන්ද ප්‍රමාණයක් තියෙනවා. ප්‍රබල දේශපාලනඥයෝ ඉල්ලනවා. දිනන්න පුළුවන්ද?
ඔබට මම ආරාධනා කරනවා දවසක අපිත් එක්ක යන්න එන්න. ජනතාවට කොච්චර අපි ගැන බලාපොරොත්තු තියෙනවද කියලා ගියාම බලන්න පුළුවන්. මොකද ගම්පහ කියන්නේ විශාල ඡන්ද තියෙනවා වගේම විශාල වශයෙන් බොරු පොරොන්දු දුන්න දිස්ත්‍රික්කයක්. කවුරුත් හරියට ගම්පහට කිසි දෙයක් කළේ නෑ. හැමෝම කළේ තමන්ගේ දේවල්. ඒ නිසා අපි රටේ දේශපාලන සංස්කෘතිය වගේම ගම්පහ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරනවා. අන්න එදාට ඔබට පුළුවන් මගෙන් අහන්න කොහොමද එහෙම කළේ කියලා.
• ගයාන් ගාල්ලගේ