2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

පක්ෂ දෙක ඒකතු වුණාට වැඩේ කචල්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 159

හිටපු නියා්ෙජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර

පක්ෂ ඇතුළේ ගැටුම් ඡන්ද ප්‍රතිඵලවලට බලපානවා
කිසිම වැඩක් කරන්න අපට මුදල් ලැබුණෙ නෑ 
තනතුර දාලා එන්න කිව්වේ මගේ ජනතාවයි
යන බව කිව්වම ඉන්න කියලා ජනාධිපතිතුමා කිව්වේ නෑ 
කම්බිකාෙටුවේ රාළහාමිගේ නම රැකීමයි මගේ අරමුණ 
දාෙම්පේ අාසනේට දුන්න සල්ලි එ.ජා.ප.ය නැවැත්තුවා

ඔබ එකපාරට ආණ්ඩුවෙන් ඉවත් වුණා. මේක හාෙඳට හිතලා ගත්ත තීරණයක්ද?  
කාලයකට කලින් ගන්න තිබ්බ තීන්දුවක්. පහුගිය 30 වැනිදා රටට ජනතාවට බලපාන දවසක්. රටේ බහුතරයක් ව්‍යවස්ථාවට එරෙහිව සිටි දවසක මෙහෙම තීරණයක් ගත්තොත් හොඳයි කියලා මට හිතුණා.

ඒ කියන්නේ කලින් සැලසුම් කළා?
ඔව් 30 වැනිදා මේ තීරණය ගන්න කලින් පසුගිය සිකුරාදා කතානායකතුමා, පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා මුණගැහිලා ප්‍රකාශයක් කරන්න වෙලාවක් ඉල්ලුවා. එවෙලේ මට පැහැදිලිව කිව්වා මේ පාර්ලිමේන්තු සැසිවාරයක් නෙමෙයි කමිටු සාකච්ඡාවක් කියලා. ඒ වගේ අවස්ථාවක ප්‍රකාශයක් දෙන්න අයිතියක් නෑ කියලා කිව්වා.

ඒත් ඔබ ඉවත් වෙන්න කලින්නේ ඇමැතිකම ගැලවුණේ?
ඩුලිප් විජේසේකර ඉවත් වෙනවා කියලා දැනගෙන වෙන්න ඇති ඊට කලින් දවසේ තනතුරුවලින් ඉවත් කරන්න ඇත්තේ. ඒ ගැන ගැටලුවක් නෑ.

ඉන්න කාලේ වැඩක් නොකළාම ඇමැතිකම ඉවත්කරන එක සාධාරණයි නේද?
පැහැදිලිවම ඒකේ වැඩක් කරන්න දෙයක් නෑ. අපිට කිසි වැඩක් කරන්න මුදල් ලැබුණේ නෑ. අඩුපාඩු රැසක් තිබ්බා.

ඔබලා ආණ්ඩුවට එකතු වුණේ ආරාධනාව මත කිව්වා. දැන් කියනවා අමාත්‍යංශවල වැඩ කරන්න සල්ලි නෑලු... ආණ්ඩුව රැවැට්ටුවද ඔබලව?
මම නම් ඇමැතිකමක් ඉල්ලුවේ නෑ. මට දෙන්න හේතුවක් තිබ්බා. පහුගිය මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තේරිච්ච අයගෙන් ජ්‍යෙෂ්ඨතාවය අතින් දෙවැනියා මම. හැබැයි කියන්න ඕන දින සීයේ ආණ්ඩුවෙන් මට ඇමැතිකම් ගන්න කිව්වා. ඒත් මම ගියේ නෑ. මහ මැතිවරණයෙන් පස්සේ තමයි මම ගත්තේ.

ඔය තියෙන අඩුපාඩු ජනාධිපතිට කිව්වේ නැද්ද?
මම පහුගිය ජනවාරි මාසයේ ඉඳන්ම කිව්වා ජනාධිපතිතුමාට. උඩ යහපාලනය තිබ්බට ජනතාව අතරේ එවැනි යහපාලනයක් නෑ කියලා. මේ තීරණය ගත්තේ 30 වැනිදා නෙමෙයි. එහෙනම් මම යන්නේ පහුගිය පළාත් සභා ඡන්දය කල්දාපු වෙලාවේ ජනාධිපතිතුමාටත් කියලා. එදා එතුමා ලංකාවේ හිටියේ නෑ. ඒ නිසා මම ඡන්දය දුන්නේ නෑ.

ඇයි ඔබ ඡන්දය නොදුන්නේ?
එදා පනත ගේන දවසේ උදේ තිබ්බේ හැටට හතලිහ අනුපාතෙට. දවල් අගමැතිතුමාගේ කාමරේ පක්ෂත් එක්ක තිබ්බ සාකච්ඡාවෙන් පස්සේ පනහට පනහ කරලා මෙන්න ඡන්දය තිබ්බා. මේ තුනෙන් දෙකෙන් සම්මත කරන්න ඕන පනතක්. නැවත මේ පනත කවදා සංශෝධනය වෙයිද මන්දා. මේවා වැරදි වැඩ.

ඔබ නියෝජ්‍ය ඇමැතිවරයෙක් හැටියට ආණ්ඩුවේ හිටියට කකුලක් තිබ්බේ රාජපක්ෂලා ගාව නේද?
ඒක ඉතින් ඕන කෙනෙකුට ඕන විදිහට අර්ථ ගන්වන්න පුළුවන්. හැබැයි මම මගේ හෘද සාක්ෂියට අනුව වැඩ කළා. හැබැයි මගේ ජනතාව කිව්වේ ඔය තනතුරු වැඩක් නෑ. ඒවා දාලා එන්න. අපි ඔබව බලාගන්නම් කියලා. ඉතින් ඒ නිසා ගොඩක් අය හිතන්න ඇති මම දෙපැත්තේ කකුල් තියාගෙන කියලා.

මේ මාසයෙන් මාසේ එක එක්කෙනා අයින් වෙන්නේ සැලසුම්සහගත වැඩක්ද?
පැහැදිලිවම නෑ.

ඔබ කාලයක් බැසිල් රාජපක්ෂ එක්ක හිටිය කෙනෙක්. ඔහුද එන්න කිව්වේ?
අනේ කිසිම ආරාධනාවක් නෑ. අමාත්‍යංශය බාරගන්නකොටත් කිව්වේ ගිහින් බාරගෙන වැඩ කරන්න කියලා. මේක මේ මගේ හිතට එකඟව ගත්ත තීරණයක්.

ඔබ පාර්ලිමේන්තුවේදී දරුණු ප්‍රකාශයක් කරනවා මගේ පියා මැරූ පක්ෂයක් එක්ක වැඩ කළේ කියලා?
ඔය සම්පූර්ණ කතාවෙන්ම එක කොනක් අරගෙන තියෙන්නේ. ඇත්තටම තාත්තාව ඝාතනය කළේ එවකට එජාප ආණ්ඩුවෙන්. තාත්තා නීතිඥ මහත්තයෙකුත් දාගෙන කඳවුරුවලට අරගෙන ගිය කොල්ලෝ 64ක් බේරගත්තා. මේ නිසා තාත්තා ජේ.වී.පී. කියලා හිතුවේ. ඇවිදගන්න බැරි තාත්තව උස්සගෙන ගිහින් වෙඩි තියලා මැරුවේ 89 දී. ඒත් මම හිතුවා පක්ෂ දෙක එකතු වුණාම රටට හරියයි කියලා. ඒ නිසා ඒ අතීතය අමතක කරලා උදව් කළා. ඒත් එදා ඉඳලා අද වෙනකල් බැලුවා කිසි දෙයක් වුණේ නෑ.

තාත්තා මරපු පක්ෂයත් එක්ක වැඩ කරද්දි පුතාට ඔයිට වඩා හෘද සාක්ෂියක් තියෙන්න එපැයි. හම්බවුණු තනතුරු නිසාද සද්ද නැතුව හිටියේ?
අනේ මට කිසි දෙයක් ලැබිලා නෑ. කොටින්ම මගේ ඇමැතිකම නැතිකළා කියලා දැනගත්ත ගමන් එදා උදේම ගිහින් වාහනය, අනෙක් බඩු ඔක්කොම බාරදීලා ආවා. නිල නිවසයේ විතරයි ඉන්නේ. ඒකත් ඉක්මනට බාරදෙනවා. එහෙම ඉන්නවා නම් මට ඉන්න පුළුවන් 2020 අගෝස්තු වෙනකල්.

ඔබ මෙහෙම යනකොට ජනාධිපතිතුමා මොකද කිව්වේ?
ජනවාරි මාසයේ මම එතුමාව දැනුම්වත් කළා. පහුගිය මාසයේ ගාල්ලෙදි මේ ගැන මම විනාඩි 25ක් තේරුම් කරලා දුන්නා. ඒ නිසා මම මේ තීරණය ගන්නවා කිව්වා. එතුමා සාවධානව ඇහුම්කන් දීලා හිටියා. මාත් එක්ක ඉන්න කියලා එතුමා කිව්වේ නෑ.

පහුගිය කාලයේ 18 දෙනෙක් එනවා කිව්වා. කෝ එනවා කිව්ව අය?
මම කිසිවෙලාවක ඔය 18ක් එනවා කිව්වේ නෑ. අපේ සමහර ඇමැතිවරු කිව්වා. එහෙම ආවා නම් මට එළියට එන්න තිබ්බා. මොකද මට තේරුණා මේ යන වැඩපිළිවෙළ එච්චර හොඳ නෑ. ඒ නිසා මගේ හෘද සාක්ෂියට ගැටලුවක් කර නොගන්නයි ඉවත් වුණේ.

ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කියනවා එකතුවෙලා මේ පක්ෂය ගොඩගන්න ඕන කියලා. ඒත් ඔබලා වෙනත් පක්ෂවලට ගිහින් හේත්තු වෙනවා ඇයි මේ?
ශ්‍රීලනිපය එකතු වෙනවා නම් අපි ඇත්තම සතුටුයි. මගේ එකම පරමාර්ථය යූ.ඇන්.පී. විරෝධී සටනක් පටන් ගන්න.

දැන් ඔබ ශ්‍රීලනිපයෙද නෙළුම් පොහොට්ටුවෙද?
මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක්.

හදිසියේ හරි යූ.ඇන්.පී. විරෝධයක් ශ්‍රීලනිපය ගොඩනැගුවේ නැත්තම් එදාට ඔබ ගන්න තීරණය?
එදාට තීන්දුවක් ගන්න වෙනවා. ඒත් අපි දශක තුනක් වැඩකළේ ශ්‍රීලනිපයට.

දැන් ඔබලත් ඉවත් වෙනවා. ශ්‍රීලනිපයත් ඉන්නේ දැඩි මතයක. මෙහෙම දෙගොල්ලො කඹ අදිනකොට එජාපයට වාසිය ගිහින් ඉවරයිනේ?
පැහැදිලිවම ඒ ගැන හිතන්න වෙනවා ඒ සියලු දෙනා.

ඉතින් ඒක දැනගන්න ඕන කවුද?
නායකයෝ. අපි නම් හිතනවා. අපේ කොට්ඨාස පුළුවන් එකතු කරන්න. ඇත්තම කියන්නේ බියගම ආසනේ හැදුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා ගේන්න ඕන හැමදෙයක්ම ගමට ගෙනාවා. ඊට පස්සේ රුවන් විජයවර්ධන එතුමත් ගෙනාවා. මම එතුමත් එක්කත් තරග කළා.

ඔබ කියන්නේ අගමැතිතුමා මන්ත්‍රී කාලේ කරපු දෙයවත් ඔබට බියගමට කරන්න බැරිවුණා කියලද?
බියගම පොදු වැඩ කළා. මේ ආණ්ඩුව කාලයේ නම් කිසිම දෙයක් කරන්න බැරිවුණා. හැබැයි පුද්ගලිකව කළා. මට ආණ්ඩුවට සම්බන්ධ වුණු නිසා ලක්ෂ 660ක් ලබාදුන්නා. ඒක දොම්පේ ආසනයට දාපු සල්ලි. එහි එජාප සංවිධායකතුමා විවිධ තැන්වලට ගිහින් ඒවා නැවැත්තුවා. අපේ දරුවෝ දෙන්නෙක් මිනින්දෝරූ විභාගය පාස්වුණා. ඔවුන් අපේ පක්ෂයේ නිසා නමවත් නෑ ලිස්ට් එකේ. ඒවා අපි ඔප්පු කරගත්තා.

දැන් ඔබලා කියනවා ශ්‍රීලනිපය එක්ක ඉන්න කැමතිලු. ඒත් ශ්‍රීලනිපයේ අය කියන්නේ රාජපක්ෂ බලකඳවුරු හදන අය එක්ක එකතුවෙන්න ලෑස්ති නෑ කියලා?
ඔව්. එහෙම මතයක් තියෙනවා. එක එක්කෙනාගේ මත. මේකනේ වෙන්නේ අවසානයේ අපි සියලුදෙනා එකතුවෙලා ලබාගන්න පුළුවන් ජයග්‍රහණය හීන වෙන එක.

ඔබත් විශ්වාස කරනවද රාජපක්ෂවරු නැතිව ශ්‍රීලනිප සටනක් නෑ කියලා?
මේ මොහොත වෙනකොට ඒක තීරණය වෙලා තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ මහත්තයා නුගේගොඩින් ආරම්භ කළ දේ රැල්ලක් වෙලා තියෙනවා. ජීවිතෙට අපේ ගම්වල මැයි රැලියකට ගෙනියන්න බැරි අය එදා ගෝල්ෆේස් ගියා.

ඒ කියන්නේ ඒවා දකිද්දී ඩුලිප් බයවුණා?
නෑ. ඒක මම දන්නවා නේ.

ඒකාබද්ධයේ අය කිව්වා මේ බස් එකට අන්තිමට නගින කට්ටිය ගැන බලාගන්නම් කියලා. දැන් ඔබට මොකද වෙන්නේ?
ඒක ගැන කිසිම ගැටලුවක් නෑ. ගම්පහ දිස්ත්‍රික්කයේ දොම්පේ ආසනයේ ජනතාව දන්නවා මම කවුද කියලා. අපි ආණ්ඩුවට එකතු වුණා කියලා කිසිම කෙනෙක්ට වචනයකින්වත් පහර ගැහුවේ නෑ. අසාධාරණ වැඩ කළේ නෑ. මම කවුද කියලා ජනතාව දන්නවා.

ඒකාබද්ධ විපක්ෂයේ විමල් මන්ත්‍රීවරයාගේ පක්ෂයේ පහුගිය දවසක ගැටුමක් ඇතිවුණා. මෙහෙම ගැටලු වෙනකොට කොහොමද වැඩ කරන්නේ?
ඔය ගැටුම් සියල්ල බලපාන්නේ ඡන්ද ප්‍රතිඵල වලට. ඒ නිසා අපි හැමෝම කල්පනාවෙන් වැඩකරන්න ඕන. මොකද මේ අලුත් අත්දැකීමකට අපි ඉදිරියේ මුහුණ දෙන්නේ. මේ ගැටුම් අවම කරගන්න ඕන.

දැන් ඔබ ආණ්ඩුවේ ඉන්නකොට ගෙනාපු අලුත් ව්‍යවස්ථාව එළියට ආපුවම හොඳ නැතිවෙයි නේද?
ව්‍යවස්ථාවට අලුත් කාරණා පක්ෂවලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා හරි සුන්දරයි. ඒත් අවදානමක් තියෙනවා. ඒ නිසානේ උත්තරීතර සංඝරත්නය එපා කියන්නේ. ඒත් ආණ්ඩුව බලහත්කාරයෙන් පටවන්න හදනවා. මේකට වරමක් ලැබිලත් නෑ. අනෙක් හැම ව්‍යවස්ථාවකම ජනවරමක් පාර්ලිමේන්තුව ඇතුළේ තිබුණා. ඒත් මේකට 106යි තියෙන්නේ. බහුතරයක් නෑ. කාගේ හරි උවමනාවකට ගේන්නේ කියලා තේරෙනවා.

ඉතින් බහුතරයක් නැති එක හොඳයිනේ. එතකොට සාමූහික ප්‍රතිඵලයක් හැටියටනේ ව්‍යවස්ථාව එන්නේ?
දැන් පේනවනේ බහුතරයක් නැතිවත් ගෙනාපු පළාත් සභා පනත වෙනස්වුණු හැටි. ඒකනේ මම ඡන්දය නොදෙන්නේ.

ඒත් ඔබත් එක්ක හිටිය ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කිව්වා ඔවුන් කළේ හරි දෙයක් කියලා?
ඔව්. එයාලා කියයි. ඒත් මගේ හෘද සාක්ෂියට එකඟ නෑ. මට අත් දෙකම උස්සන්න තිබ්බා. මොකද දොම්පේ ආසනේ මට දිනන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒත් මම හිතුවේ මේ වෙච්ච දේ හරි නෑ කියලා. ඒ නිසා ව්‍යවස්ථාව ගැනත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මෙතනින් පස්සේ මම ව්‍යවස්ථාව මර්දනය කරන්න සටන් කරනවා. මොකද අපි වැරදි කරලා නෑ.

ඔබට පස් කැපීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනාවක් ආවා නේද?
පස්.... නෑ... නෑ... එහෙම නැහැ.

ඒත් අපිට ආරංචියි දොම්පේ චණ්ඩියා ඔබ තමයි කියලා?
එහෙම කිසිම දෙයක් නෑ. මම බොහොම අහිංසක විදිහට වැඩ කරන්නේ. ජනතාවත් එක්ක ඉන්නේ.

දොම්පෙට කුණු ගේන වෙලාවේ ජනතාව මෙහෙය වූයේ ඔබ. රටේ ප්‍රශ්නයක් විසඳන්න යනකොට ඇයි මෙහෙම චණ්ඩි පාට් දාන්නේ?
ඔය දොම්පේ තියෙන්නේ තෝරාගෙන ආපු කසල රඳවනයක්. පස් හය දෙනයි වැඩ. ඒත් වටේම තියෙන ඉඳුල් එතෙන්ට ගේන්න හැදුවා බලහත්කාරයෙන්. ඒකයි පාරට බැස්සේ.

ඒ කියන්නේ ආණ්ඩුව ඇතුළෙදිත් එජාපය බලන්නේ ශ්‍රීලනිපයේ වැඩ අවුල් කරන්නද?
කතා කරන්න අයිතියක් තියෙනවා. ඇතුළේ කාගෙවත් හඬ යටපත් කරලා නෑ. ඕන කෙනෙක්ට කතා කරන්න පුළුවන්.

ඔබ පිළිගන්නවද ගිය ආණ්ඩුවට විසඳන්න බැරි ප්‍රශ්න විසඳුවා කියලා මේ ආණ්ඩුව?
මොනවද?
විශේෂයෙන් සයිටම් ප්‍රශ්නය?
නැවැත්තුවා කිව්වට තවම නවත්තලා නෑනේ. කොච්චර කල්ද?
ඒ කියන්නේ මේ ආණ්ඩුව වැඩක් කරලම නැද්ද?

කරලා තියෙනවා. ඇති තරම් වැඩ කරලා තියෙනවා. විශේෂයෙන් මහින්ද මහත්තයගේ කාලේ තිබ්බ විදේශ අතපෙවීම් නතර වෙලා තියෙනවා. හැබැයි අපිට සැකයක් තියෙනවා. ඒ දේවල් නිසාද මේ ව්‍යවස්ථාව එන්නේ කියලා. ඒ වගේම තෙල් ගෑස්වලින් මිනිස්සුන්ට සහන දීලා තියෙනවා. ජනතාවට තියෙන ලොකු ප්‍රශ්න ඒවා වෙන්න ඇති.

ඒකාබද්ධයේ පිරිස නෙමෙයි මේ නීති දාන්නේ. ව්‍යවස්ථාව ප්‍රශ්නේ වෙලාවේ විමල් වීරවංශ ඇමැතිවරයා කියනවා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕන කියලා. මේවා ජනතාව අවුස්සන කතා නෙවේද?
නෑ... නෑ... ඔය වැරදි  තැන්වලින් අල්ලගෙන තියෙන්නේ. තව කට්ටිය තව මොන මොන කතා කියනවද? බෝම්බ ගහනවා කියලා එතුමා අර්ථවත් කළේ මේ ව්‍යවස්ථාවේ තියෙන බැරැරූම්කම.

ඔබ පහුගිය දවසක වාහනයක් බාරදෙනකොට ඒකේ ආයුධයක් තිබිලා හම්බවුණා. ඒක කාගෙද?
මට අලුත් වාහනයක් හම්බවුණා. තිබ්බ වාහනේ ගිහින් බාරදුන්නා අදාළ කොම්පැණියට. එතන සති හතරක් ගියාට පස්සේ තැපැල් අමාත්‍යංශයේ රියැදුරු මහත්තයෙක් වාහනය ගෙනාවා. එතැනත් සති දෙකක් විතර තියලා එම වාහනේ මුදල් අමාත්‍යංශයෙන් අරගෙන ගියා. ඒ වාහනේ එහෙට අයිති. මුදල් අමාත්‍යංශයේ දවස් දෙකක් දිව්වට පස්සේ තමයි ඔය චෝදනාව ආවේ. හැබැයි කවුරුත් මගෙන් අදටත් ප්‍රකාශ ගත්තේ නෑ.

පහුගිය ආණ්ඩුවේ නම් කට්ටියගේ ෆයිල් තිබ්බා නායකයා ගාව. මේ ආණ්ඩුවේ නැද්ද ඩුලිප්ට ෆයිල්?
ගැටලුවක් නෑ. අපි නිර්දෝෂයිනේ.

ඔබේ අනාගත අරමුණ මොකක්ද?
අපේ දේශපාලනය කම්බිකොටුවේ දේශපාලනය. මගේ තාත්තා කම්බිකොටුවේ රාළහාමි. මම මගේ පණට වගේ ආදරෙයි. තාත්තා අරගෙන ආපු කම්බිකොටුවේ නම තියාගෙන මගේ පණ තියාගන්න එක තමයි අරමුණ.

ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමා කිව්වා තාත්තා වළෙන් ඇවිත් ගහයි කියලා එතුමා කරපු දේට. ඔබටත් එහෙම වෙයිද?
නෑ. මම කවදාවත් වැරදි කරලා නෑ. මම විශ්වාස කරනවා තාත්තා කොහේ හරි තැනක ඉඳන් මාව ආරක්ෂා කරන බව.

►ගයාන් ගාල්ලගේ
  සේයාරුව I අන්තර්ජාලය අැසුෙරනි