අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ
නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක
ප්‍රකාශවලින් පමණක් ජන බලවේග හැදෙනවද
අපේ නායකයො ටික දැන් චූන් වෙලා ඉන්නේ
මම තමයි මහජන දිනේදී හැමෝටම කන්න දුන්නේ
ඒකාබද්ධෙට ඕන රනිල් ජනාධිපති කරවන්න
මහින්ද සුළඟ හැදුවේ අපියි
අද වුණත් ජ.නි.පෙඅත්හරින්න පුළුවන්
ඔබට ලියවුණු දේශපාලන කතා පිටපතක් තිබුණ නමුත් ඔබ ඒ පිටපතෙන් පිට කතාවක් මේ ළඟදි ඉඳලා කියනවා. මොකද මේ?
පිටපත කියන එක තියෙන්නෙ අපි ආපු දේශපාලන මතවාදයක් එක්ක. අපි රඳාපැවතුණේ වාමාංශික බලවේගෙත් එක්ක. නමුත් 2000 ඉඳලා බැලුවොත් අපි කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරපු එක. ඒකට හේතු වුණේ අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයට බලය ගියාම මොකද වෙන්නෙ කියලා. ඒ නිසයි එදා පරිවාස ආණ්ඩුව හැදුවේ. ඊට පස්සෙත් අපි එහෙමයි. ඒ නිසයි අපි කියන්නේ මේ බෙදීම හරි නෑ. මේකෙන් ඡන්දය ලැබෙන්නේ නෑ. හිතන්නකෝ මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් ඉඳගෙන පළාත් සභා කට්ටියක් තියාගෙන, ප්‍රාදේශීය සභා කට්ටියත් තියාගෙන බින්දුවට වැටෙයිද. නෑනේ. එතුමත් බලයක් ගොඩනගනවා. එතකොට බල දෙකයි. තේරුමක් නෑ එහෙම වුණාම. ජාතික සමගිය ගැන කතා කරන්නේ කොහෙද අපි එකතු නැත්තම්. එනිසා ඒකයි අපි කියන්නේ මේක එකතු වෙන්න ඕන කියලා. අවුරුද්දක් තිස්සේ මම උත්සාහ කළා. මේ අවස්ථාව තීරණාත්මකයි. මේ අවස්ථාවේදීත් බැරිනම් වැඩක් නෑ. ඒකේ පව්කාරයෙක් වෙන්න වීරකුමාර කැමති නෑ. ඒ නිසයි වීරකුමාර එළියට ඇවිත් කතා කළේ.
ඔබ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයට තැනක් නැතිවෙනවා කියලද ඉස්සරහට?
ඒකාබද්ධ විපක්ෂයේ භූමිකාව යල් පැනගිය ඓතිහාසික භූමිකාවක් වෙනවා. ඒකාබද්ධ විපක්ෂයක් තියෙයි. හැබැයි පාර්ලිමේන්තුවට විතරක්. මේකෙන් වෙන්නේ පාර්ලිමේන්තුවේ කණ්ඩායමයි එළියෙ ජන බලයයි දෙකක් වෙන එක. ඒක එකක් කියලා පෙන්නන්න බෑ. මේ නිසා වෙන්නේ විකෘති අයගේ වෙන්වීමක්. ඒ විකෘතිය ප්‍රකෘති කරන්න පුළුවන් හොඳම දේ තමයි මේක යා කරන එක.
ඔබට තියෙන මේ අවුල ඒකාබද්ධ විපක්ෂයේ අවුලක් ද්? ජාතික නිදහස් පෙරමුණේ අවුලක්ද?
ජාතික නිදහස් පෙරමුණේ ප්‍රශ්න ඇත්තටම මට දේශපාලන ප්‍රශ්න නෙමෙයි. මට පක්ෂයක් හැටියට ඒ පක්ෂය අත්ඇරලා දාන්නත් පුළුවන්. ජාතික නිදහස් පෙරමුණ ගැන නම් මට එච්චර ගැඹුරැ විග්‍රහයක් කරන්න ඕනේ නෑනේ. අපේ පක්ෂයේ ප්‍රශ්න මට විසඳන්න පුළුවන්. ඒවා ලොකු දේවල් නෙමෙයි. මම හැමතිස්සෙම බලන්නේ සමාජ ප්‍රවාහය ගලන්නේ කොහෙද කියලා.
ඔබලා ඒකාබද්ධ විපක්ෂය හැදුවේ මේ සමාජ ප්රවාහයට නේද?
නෑ... නෑ... ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තුවේ නිර්මාණය වෙච්ච භූමිකාවක්නේ. මේක කාලයක් ගිහින් හයිබ්‍රිඩ් වෙලා හැදුණා පොදුජන පක්ෂය කියලා පක්ෂයක්. ඒ අය කියන්නේ ඒවටයි මහජන බලය එකතුවෙන්නෙ කියලා. අන්න එතනයි විකෘතිය. හරිනම් වෙන්න තිබ්බේ ඉස්සෙල්ලා පාර්ලිමේන්තු බලය අල්ලා ගන්න. නමුත් වුණේ ඒක අනිත් පැත්ත හැරිලා දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙලා දැන් ඒකේ ප්රතිවිරෝධය තමයි එන්නේ. හෙට මේක දෙකට බෙදිලා මහින්ද රාජපක්ෂ මහත්තයා නායකයා වුණොත් වැඩක් නෑනේ. දැන් ජනතාව බෙදිලා ඉවරයි. නායකයෝ එකතු වුණත් ජනතාව ඉන්නේ අර බෙදුණු ඉරේ. ඒ නිසා එයට ඥානය දෙන්න ඕන දේශපාලන නායකයෝ. නමුත් ඒ වෙනුවට අපේ නායකයෝ වෙන වෙන අලකලංචි ඇති කරා. සටනක් වුණත් නායකයෝ ඉන්න ඕන, සෙන්පතියෝ ඉන්න ඕන. අයුධ තියෙන්න ඕන. නමුත් මේ කිසිදෙයක් නෑ. හිටපු ගමන් කතාවෙලා ප්‍රකාශයක් දෙනවා. ඒ නිසා අපි කියන්නේ එකතු වෙන්න ඕන. අන්න එදාට අලුතින් එන බලවේගත් ඒ සංස්කෘතියේ යයි.
ඒ කියන්නේ නායකයන්ට තවම එවැනි වුවමනාවක් නැහැ කියලද?
අනිවාර් යෙන්ම. නායකයෝ මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන.
ඒ කියන්නේ නායකයෝ මේක විකෘති කළාද?
අනිවාර් යෙන්ම විකෘති කළා.
කොහොමද ඒක වුණේ?
ඉස්සෙල්ලා මේ අය පක්ෂයක් හදාගත්තා. ඒ මොකද කට්ටියට ඉන්න තැනක් දෙන්න. සාධාරණයි. හැබැයි එහෙම කළා කියලා කවුරු හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එ්කේ සාමාජිකත්වය ගත්තද? නෑනේ. එතකොට පක්ෂයක් හදලා ජනතාව එකතු කරලා ඒකේ වෙනම නායකයෝ ටිකක් හැදිලා. මේකනේ විකෘතිය. මේකෙන් වෙන්නේ විශාල පිරිසක් අවතැන් වෙන එක. ජනතාව බෙදෙනවා. මෙන්න මේ කාරණයයි ප්‍රශ්නෙ. බලන්න මේ මැතිවරණයෙන් මේ බෙදීමේ ප්‍රතිඵල පෙනෙයි. ඒ නිසා භූමිකාව විනාශ වෙන්න දෙන්න නරකයි. භූමිකාව අපි ගොඩනගන්න ඕන.
හැබැයි ඔය ඒකාබද්ධ විපක්ෂය හදලා ඔබලා ශ්‍රී.ල.නි.පයේ භූමිකාව විනාශ කළා නේද?
නෑ. ඒකාබද්ධ විපක්ෂය නෙමෙයි. ඒක පාර්ලිමේන්තුවේ නිර්මාණය වුණු බලවේගයක්. මොකද ආණ්ඩුව ගත්තයින් පස්සේ ඔය යූ.ඇන්.පී එකෙන් අපිට ගහන්න ලෑස්ති වුණා. ඊට පස්සේ මමයි වීරවංශ මන්ත්රීතුමයි කතා වුණා බලවේගයක් හදන්න. ඊට පස්සෙ තමයි මහින්ද සුළඟ හැදුණේ නුගේගොඩ. ඔය තැන පවා වෙන්කළේ රොජර් මන්ත්‍රීතුමාගේ නමින්. ඊට පස්සේ තමයි මේක පටන් ගත්තේ. එදා මිනිස්සු ස්වෙච්ඡාවෙන් ආවා. ඔන්න එතකොට තමයි දැනගත්තේ මොකක් හරි දෙයක් මේකේ තියෙනවා කියලා. ඊට පස්සේ පක්ෂ බිහිවුණා. කොහොම වුණත් එදා අපිම පටන් ගත්තේ විරුද්ධ පක්ෂයක් හැටියට කණ්ඩායමට එන පීඩනය දරා ගන්න.
ඇයි ඔය කියන කතා එදා කිව්වෙ නැත්තේ ඔබ?
මම එදා ඉඳලා ඇතුළෙදි කිව්වා මේ දෙක එකතු වෙන්න ඕන කියලා නැත්නම් ගමනක් නෑ කියලත් හිතුණා. මාස තුන හතරක ඉඳන් සෘජුවම ඇතුළේ කතා කළ මම ගොඩක් අය හරි කිව්වා. ඒත් ඒ අයට ජවයක් නෑ. ඒ නිසයි මම එළියට බැහැලා මෙහෙම කිව්වේ.
ඔබ ඔය කිව්ව දේවල් එක්ක තේරෙන්නේ නෙළුම් පොහොට්ටුව බාධාවක් වෙලාද ඒකාබද්ධයේ ගමනට?
මම කිව්වේ නෙළුම් පොහොට්ටුව පිපිච්ච ගමන් ඒකාබද්ධය අහෝසි වෙනවා. ඉතුරු වෙන්නෙම නෑ. ඊට පස්සේ ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ටිකක් විතරයි. එතකොට ජන පදනම යන්නේ පොහොට්ටුවට.
නෙළුම් පොහොට්ටුව පිටුපස ඉන්නේ බැසිල් රාජපක්ෂ. මේ බැසිල් රාජපක්ෂ එක්ක තියෙන අවුලක්ද?
මට බැසිල් ඇමැතිතුමා එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. එතුමා මා එක්ක ගොඩක් හිතවත්... එතුමා මේ දේශපාලන ව්‍යාපාරය පටන් ගත්ත දවසේ ඉඳලා ඒකට කැපවෙනවා. මම කියන්නේ පුද්ගලයන් දෙස නෙමෙයි බලන්න ඕන. මේ ක්‍රියාදාමය දෙසයි බලන්න ඕන. ඊට පස්සේ සමාජ ප්‍රවාහය දිනන්න පුළුවන්ද කියලා බලන්න ඕන.
ඔබ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයට ජයග්‍රහණයක් නැද්ද?
නෑ. ගොඩක් අය හිතන්නේ ෆේස් බුක් ලයික් එක්ක, කොමෙන්ට් ගාණයි ලයික් ගාණයි දැක්කම හිතෙනවා ගොඩක් අය ඉන්නවා කියලා. ඕක දේශපාලනයට අදාළ නෑ. මේවා හොඳයි රෝස වසන්තයට. අපිට හරියන්නේ නෑ. අපි ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලේ ඉඳන් ඡන්ද 700ට, 800ට සතුටු වෙච්චි මිනිස්සු. එහෙම අපිට මේවා චූන් නෙමෙයි. අපේ නායකයෝ ඔක්කොම චූන් වෙලා ඉන්නේ.
ඕවා කියන්න ගිහින් වැඩේ වරදින්න පුළුවන් නේද?
මම බය නෑ. කියන්න ඕන දේ කියනවා. මම කොහොමත් සත පහක් අරගෙන නෑ. කාටවත් මම බය නෑ. මිනිස්සු යන්න කියන දවසට මම යනවා.
ඔබව අනුරාධපුරේ මිනිස්සු පිළිගනීද මෙහෙම පීලි පනින කතා කියනකොට?
අනිවාර් යෙන්. අනුරාධපුරේ මිනිස්සුන්ට මාව විශ්වාසයි. එහේ මිනිස්සු දන්නවා මම කරපුවා. මම තමයි එකම කෙනා මහජන දිනය දවසේ එන හැමෝටම කන්න දුන්න. ඒවා කළේ මගේම ජනතාවට. ඒ මිනිස්සු ඒතරම් මට ආදරෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැම අවස්ථාවෙම අත දිගු කළා. ඒකාබද්ධ විපක්ෂය පයින් ගැහුවා. දැන් හිතනවද වැරදුණා කියලා.
නැහැ. වැරදීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ කළ යුතු දේ හරි විදියට නොකිරීම. වැරැද්දක් නෑ. කොහොමත් කියන්නේ එදා ජේ.වී.පී එකයි ශ්‍රී.ල.නි.පයයි ගහපු පරිවාසයක් එක්ක බලද්දි මේ දෙගොල්ලන්ට එකතු වෙන්නබැරිකමක් නෑ. එදා මතවාද දෙකක් තිබ්බ පක්ෂ දෙකක් එකතු වුණේ. ඒ නිසා මේවා මොනවද?
ඔය දේවල් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන්ට තේරෙන්න එපැයි?
මම දන්නේ නෑ. ඒ ගොල්ලන්ගෙන්ම තමයි අහන්න ඕන.
ඔබ හිතන්නේ කොතැනද වැරදිලා තියෙන්නේ?
මෙතන තේරෙන පිරිසක් ඉන්නවා. ඒත් මේ අය එක එක පූචානම් කතා කිය කියා ඉන්නවා. හැමෝම කට කැඩිච්ච කතා කීවේ. කවුරුත් මේකට දේශපාලන ඔළුවක් හැදුවේ නෑ. එතැනයි පළවෙනි ප්රශ්නය. මේ නිසා මේ බලවේග තමන්ට කැමති දේවල් තියෙනවා. හැබැයි ගිහින් ගිහින් තීරණයක් ගන්න තැනට ආපුවම නායකයන්ව අවසානයේ බලවේග විසින් කොටුකරනවා. මෙතනයි ප්රශ්නය.
දැන් වැඩේ අල වෙලාද?
නෑ අල කරගෙන.
ශ්‍රීලනිපයෙන් කියන්නේ මේ එකතුවීමට එරෙහි බලපෑම විමල් වීරවංශයි, ගම්මන්පිලයි කියලා?
නෑ. ඒ ගොල්ලන්ට යටවෙන නායකයෙක් නෙමෙයි මහින්දයි මෛත්රීයි.
ඔබ එදා කිව්වා මේ හදන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න කියලා. කවුද ඒ වැඩේ කරන්නේ?
ඒකාබද්ධ විපක්ෂයේ සියලුම නායකයෝ.
දැන් මට කියන්න ඔබගේ පක්ෂය මොකක්ද කියලා?
ජාතික නිදහස් පෙරමුණ.
පක්ෂයේ ප්‍රශ්න විසඳන්නේ නැතුව ඇයි මේ ශ්‍රීලනිපයේ ප්‍රශ්න විසඳන්න එන්නේ?
මගේ භූමිකාව මේකනේ. මට ඡන්දය දුන්නේ ජාතික නිදහස් පෙරමුණෙන් නෙවෙයි. දුන්නේ ශ්‍රීලනිපයෙන්.
පහුගිය කාලයේ වැඩකළේ හෘද සාක්ෂියට අනුව නෙවෙයිද?
හෘද සාක්ෂියට අනුව.
මුලදිම තිබ්බනේ තීරණය ගන්න ශ්රීලනිපය වෙනුවෙන් පෙනී සිටින්න?
බෑ. ඒකට ස්ටෙප් කීපයක් තියෙනවා. මගේ පක්ෂය වෙනස්නේ. මම හැබැයි මුල ඉඳලා කිව්වා එකතුවෙමු කියලා.
ඔබ මේ වෙනකොට ජාතික නිදහස් පෙරමුණ අතඇරලාද?
නෑ.
ඇයි මේ ජාතික නිදහස් පෙරමුණ හදිසියේ පිපුරුවේ?
ජාතික නිදහස් පෙරමුණ ඇතුළෙත් මතවාද ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න පසුගිය කාලයේ ඉස්මතු වුණා.
පියසිරි විජේනායක කියන්නේ වෙන කතාවක්නේ?
ඒ සහෝදරයගේ පෞද්ගලික අදහස. ඔහු හොඳ කෙනෙක්. මම ආදරේ කරන කෙනෙක්.
මේ ඔබ කියන කතා ගැන පක්ෂයේ නායකයා වන විමල් වීරවංශ සහෝදරයා එක්ක කතා කළේ නැද්ද?
මොනවා ගැනද?
ඔබ මෙහෙම එළියට බහිනවා කියලා...
මම තවම පක්ෂය දාලා ගිහින් නෑ.
ඔබ මොන දේ කිව්වත් අවසාන අරමුණ ආණ්ඩුවට යාම බව කියලා කිව්වොත්...?
ආණ්ඩුවට එකතුවීමක් කියලා දෙයක් නෑනේ. ආණ්ඩුවේ අපේ කොටසක් ඉන්නවා.
ආණ්ඩුවෙන් බර ඇමැතිකමක් ලැබුණොත්?
ඒක ඉස්සරහට බලන්න ඕන.
අවුරුදු තුනක් ගිහින් ජනතා ප්‍රසාදය බිඳ වැටුණු ආණ්ඩුවකට එකතු වෙන එකත් ඡන්ද පදනමට බලපෑමක් වෙයි කියලා?
ඡන්ද පදනම කියන්නේ මම කරන හරි වැරදි මත තීරණය වෙන දෙයක්. මම කියන්නේ එකතු වෙන්න කියලා. බුදුහාමුදුරුවෝ, ජේසුස් වහන්සේ, නබි නායකතුමා කියන්නෙත් මේ දේ. සමගිය තමයි තැන කියලා.
මේක පක්ෂයේ අදහසක්ද?
නෑ. මගේ අදහසක්.
පක්ෂයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගත්තොත්?
ප්‍රශ්නයක් නෑ. මම බය නෑ. ඒක එච්චර සැලකිය යුතු දෙයක් නෙමෙයි.
♦ ගයාන් ගාල්ලගේ