බැඳුම්කර මගඩිය: තැතිගත් බැංකු නිලධාරියා වස ඉල්ලලා!
බැඳුම්කර වෙන්දේසියේ දී ඉහළ පොලී අනුපාතයකට සිදුකළ බැඳුම්කර මිලදී ගැනීම සම්බන්ධයෙන් බලවත් “කම්පනයකට” ලක්වූ බව ප්‍රකාශ කරමින් ලංකා බැංකුවේ ඉහළම නිලධාරියෙක් ශ්‍රී ලංකා මහ බැංකුවේ තම මිතුරු නිලධාරිනියකට දුරකතන ඇමතුමක් දෙමින් එම ක්‍රියාව “සදාචාර නොවන* බව පවසා තමාට “වස කුප්පියක්” එවැන්නයි ඉල්ලීමක් කර තිබේ.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කරැණු විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කොමිසමේ වාර්තාවේ මේ නිලධාරියා ජේ.කේ.ඩී. ධර්මපාල ලංකා බැංකුවේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කළමනාකරැ වශයෙන් හඳුන්වා දී තිබේ.
ඔහු දුරකථනයෙන් අමතා තිබුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ස්ටෙෆී ප්‍රනාන්දු මහත්මියට බවද එහි සඳහන් වේ.
- සන්ඩේ ටයිම්ස්
මීළඟ ජනාධිපතිවරණය
“ඔන්ලයින්” පාඨකයන්ගේ ප්‍රතිචාරය දැනගැනීම සඳහා සන්ඩේ ටයිම්ස් පුවත්පත සතිපතා පළකරන මත විමසුමේ පසුගිය සතියේ (පෙබරවාරි 04) අසා තිබූ ප්‍රශ්නය වූයේ “ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපතිවරණයේ දී තම දෙවැනි ධුර කාලය සඳහා තරග කරණු ඇතිදැයි ඔබ සිතන්නේද?” යන්නයි.
එයට ලැබුණු ප්‍රතිචාර අතුරින් 72%ක්ම “ඔව්* යැයි ප්‍රකාශ කර තිබුණි. “නැත* යනුවෙන් පිළිතුරැ දී තිබුණේ 22෴ක් පමණි. “කිව නොහැකි* යනුවෙන් 6%ක් ප්‍රකාශ කර තිබේ.
30ට එරෙහිව 70
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවර නිදහස් දින ජාතිය අමතා කළ ප්‍රකාශයේ දී කිසියම් අත්වැරැද්දක් හේතුවෙන් දෙවරක්ම සඳහන් කළේ මේ සමරන්නේ 30 ජාතික නිදහස් දිනය බවය. එය 70 වැනි සංවත්සර වශයෙන් සඳහන් විය යුතුව තිබිණි.
මේ මගහැරීම එම අවස්ථාවට සහභාගී වෙමින් සිටි සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අසමින් සහ දකිමින් සිටි ජනතාවට ද දැනී තිබිණි. ජනාධිපතිවරයා මේ ප්‍රකාශය ටෙලිප්‍රොම්ටරය හරහා සිදුකරද්දී වරදවා කියවීම අදාළ මගහැරීමට හේතුවන්නට ඇතැයි සමහරු කියන අතර වෙනත් පිරිසක් පවසා ඇත්තේ එය මුද්‍රණදෝෂයක් හේතුවෙන් සිදුවූ බවය. කෙසේ වුවද ජනාධිපතිවරයා පොළොන්නරැව දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරගකොට පළමු වරට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1988 වසරේ දීය. ඔහුගේ පාර්ලිමේන්තු දිවියට දැන් වසර 30කි.
- ඩේලි එෆ්.ටී.
විගණකාධිපති දකින ලේකම් මාෆියාව
පසුගිය දිනවල තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ නිලධාරියකු වූයේ විගණකාධිපතිවරයාය. පසුගිය දස වසරක කාලය තුළදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති විදෙස් ණය ප්‍රමාණය හෙළිකරමින් ඒ ඇතැම් ණය සම්බන්ධයෙන් ලිපි ලේඛන පවා නැතැයි ද ඔහු කළ ප්‍රකාශය රටේ විද්වතුන්ගේත් දේශපාලනඥයන්ගේත් දැඩි අවධානයට ලක්විය. ඒ අතර අමාත්‍යංශ ලේකම්වරැන්ගේ මාෆියාවක් ඇතැයි ද විගණන පනත වළක්වන්නේ ඒ මාෆියාව බවට ද ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.
“විගණන පනත ප්‍රමාද කරන්නේ අමාත්‍යංශ ලේකම්වරුන් පිරිසක්. මේ පිරිස ශ්‍රී ලංකා රජයේ සේවයේ ඉහළම ගණයේ මාෆියාවයි. තමන්ට ඕනෑ දේ තමන්ට වාසිදායක දේ තමයි ඔවුන් කරන්නේ. තමන්ට අභියෝගයක් වන කිසිවක් ඔවුන් කරන්නේ නෑ. විගණන පනත කියැවූ පසු ඔවුන් හිතනවා එය තමන්ට පහර වැදීමක් කියා.”
- ඩේලි එෆ්.ටී.