2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111
අගමැති තනතුර: මත දෙකක්
 
19 වැනි ව්‍යවස්ථාවට අනුව අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිට බලයක් නැති බව ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණි. වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ද ජනාධිපතිවරයාට බලයක් නැතැයිද ඔහු කියා තිබිණි.
 
2015 වසරේ ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේ දී ලැබූ ජනවරම තවම එසේම ක්‍රියාත්මක බවත් ප්‍රකාශ කළ වජිර අබේවර්ධන ඇමැතිවරයා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන ඇතැමුන් සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයකින් තොරව එසේ කරන බවද සඳහන් කළේය. මෙතෙක් සිදුකර ඇති ප්‍රකාශ එකක්වත් ව්‍යවස්ථාවට අනුකූල නැති බවත් ඔහු කියයි.
 
මේ අතර හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (15) ප්‍රකාශ කර තිබුණේ අගමැතිවරයා ද ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම මේ වනවිට පවතින්නේ නීතිවිරෝධී ආකාරයට බවයි. වසර දෙකක් තිස්සේ ක්‍රියාත්මක වූ ජාතික රජය මේ වනවිට අහෝසි වී තිබීම ඊට හේතුව බවද ඔහු සඳහන් කරයි.
 
19 වැනි ව්‍යවස්ථාවට අනුව මේ වනවිට කැබිනට් මණ්ඩලය 30කටද නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමැති ධුර සංඛ්‍යාව 40කටද සීමාවිය යුතු බවද ඔහු කියයි. මේ අනුව හිටපු අගවිනිසුරැ ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි තැනැත්තා අගමැති වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයාට දැන් බලය තිබෙන බව තමන්ගේ මතය බවයි. එම අගමැතිගේ උපදෙස් පරිදි කැබිනට් මණ්ඩලය පත්කළ හැකි බවද ඔහු සඳහන් කරයි.
- ඩේලි මිරර්
 
ආර්ථිකය ගැන රතු එළියක්
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුව අස්ථාවර භාවයකට ලක්වෙමින් පවතින රටේ පාලනය පිළබඳව පසුගිය බ්‍රහස්පතින්දා (15) ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අනතුරු ඇඟවීමේ සීනුව නාද කළේය. වහාම මේ තත්ත්වය සමනය කර නොගතහොත් ආර්ථිකය ඉන් දැඩි බලපෑමක් වීමට ඉඩඇතැයි ඔහු සඳහන් කර තිබිණි.
 
දිගින් දිගටම දේශපාලන අකර්මණ්‍ය බවක් පැවතීම වෙළෙඳපොළ ගනුදෙනුවලට බලපානු ඇතිබවට ද ඔහු අනතුරු ඇඟවූයේය. ණය ආපසු ගෙවීම බරපතළ ලෙස ඇතිකරන බලපෑම් නිසා මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීමක් සිදුනොවන බවත් පොලී අනුපාතිකය එලෙසම පවත්වා ගැනීම අවශ්‍ය බවත් ඔහු පෙන්වා දී තිබිණි. අන්තර්ජාතික වෙළෙඳපොළේ පොලී අනුපාත ඉහළ යාම සහ තෙල් මිල නැගීමද ඔහුගේ අවධානයට ලක්වී තිබේ. ආර්ථිකයේ යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් හැකිඉක්මනට දේශපාලන ස්ථාවරභාවය ඇතිකර ගැනීම අවශ්‍ය බවද ඔහු අවධාරණය කර තිබිණි.
- ඩේලි එෆ්.ටී.
 
මහේන්ද්‍රන් අල්ලගන්න ඉන්ටපොල් සහාය
 
බැඳුම්කර කොමිසම මගින් පළමු සැකකරැ වශයෙන් නම් කරනු ලැබ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සොයාගැනීම සඳහා ඉන්ටපෝල් සහාය ලබාගැනීමට සී.අයි.ඩී.ය පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ 15 වැනිදාට පෙර සී.අයි.ඩී.ය ඉදිරියේ පෙනී සිටින්නැයි කළ දැන්වීමට මහේන්ද්‍රන් ප්‍රතිචාරයක් දක්වා නැති බවය.
 
“සී.අයි.ඩී.ය ඉදිරියේ පෙනීසිටීමට ඔහු පැමිණියේ නෑ. මේ නිසා දැන් සී.අයි.ඩී.ය ඉන්ටපෝල් එක හරහා සිංගප්පූරැවෙන් ඉල්ලීමක් කර තිබෙනවා මහේන්ද්‍රන් සොයාදෙන්නැයි කියා “රුවන් ගුණසේකර මහත සඳහන් කරයි. තමන්ට පිළිතුරක් ලැබුණු පසුව නීතිපති සමඟ සාකච්ඡා කොට ඊළඟ පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
 
මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටින අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන දෙදෙනා පසුගිය සිකුරාදා (16) උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත විය.
- ඩේලි එෆ්.ටී.
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00