2018 මාර්තු 31 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 මාර්තු 31 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 113

කරු අගමැති කිරීමට සැලැස්මක්

විශ්වාසභංගය වටේ බොහෝ කතා පැතිරෙමින් තිබේ. පහත දැක්වෙන්නේ කලම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ පළවූ පුවතකි.

දෙවැනි ධූර කාලයක් පිළිබඳව ඇස යොමාගෙන සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වාසභංග යෝජනා විවාදයෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය ධුරය කරු ජයසූරිය මහතාට ලබාදීමට පියවර ගනු ඇතැයි සඳහන් වේ. ජනාධිපතිට සමීප ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විශ්වාසභංගය ජයගත හැකිවන බවට විශ්වාසයකින් පසුවන ජනාධිපතිවරයා ඉන්පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පත් කිරීමට පියවර ගනු ඇත. 
2020දී ජනාධිපතිවරණයේදී දෙවැනි ධුර කාලයක් සඳහා ශ්‍රීලනිපයෙන් තරග කිරීමට අදහස් කරන මෛත්‍රීපාල සිරිසේන මහතා එම ඡන්ද ව්‍යාපාරය තුළ අගමැති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ඇතැයිද සඳහන්ය.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට තරග කළ දෙවැනි අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති අපේක්ෂක වශයෙන් නම් කරන්නැයි ඉල්ලීමක් කළ රාජපක්ෂ පවුලේ එකම සාමාජිකයා ගෝඨාභයයි. එය ඉටු නොවූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්ෂ රජයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයා වශයෙන් තරගකර ජනාධිපති පදවියට පත්විය.

- කලම්බො ටෙලිග්‍රාෆ්


නපති නිල දූත පිරිසට පූජ්‍ය පක්ෂයත්

මෑතකදී ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ නිල සංචාරයේදී රටේ විදේශ ප්‍රතිපත්තියේ එක් ප්‍රබල වෙනසක් දැකගත හැකි විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපන් අගමැති ෂින්සෝ අබේ යන මහත්වරැන් අතර පැවැති ඉහළ පෙළේ සාකච්ඡා සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා දූත පිරිසට පැවිදි සාමාජිකයකු ඇතුළු කර තිබීම එම වෙනස විය.

නම සඳහන් කිරීමට අකැමැති විදේශ අමාත්‍යංශ නිලධාරියකු ප්‍රකාශ කළේ දශක හතක කාලය තුළදී මෙරට රාජ්‍ය නායකයකුගේ හෝ රජයේ නායකයකුගේ හෝ නිල දූත පිරිසක සාමාජිකයකු වශයෙන් පූජ්‍ය පක්ෂය නියෝජනය කළ පළමු අවස්ථාව මෙය බවය. පැවිදි පක්ෂයට නිල දූත සාමාජිකත්වයක් ලැබීම මෙරට විදේශ සේවයේ මින් පෙර නොසිදුවූවක් බවත් එය එක් ආරම්භක පියවරක් වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

උලපනේ සුමංගල හිමියෝ එම අවස්ථාව නියෝජනය කළ ස්වාමීන් වහන්සේ වූහ. උලපනේ හිමියන් රජයේ කිසිදු තනතුරක් නොදරණ නමුත් උන්වහන්සේ දූෂණයට සහ මත්කුඩු ජාවාරමට එරෙහිව කටයුතු කරන ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙති. ජනාධිපති සිරිසේන මහතා විසින් පත් කරන ලද බෞද්ධ බුද්ධිමතුන් 30 දෙනකුගෙන් සමන්විත සභාවේ කටයුතු කරන උලපනේ හිමියෝ නාරාහේන්පිට ධර්මායතන විහාරස්ථානයේ විහාරාධිපති පදවිය උසුලති.

- සන්ඩේ ටයිමිස්

 

ග්ලයිෆොසේට් සටන: නවීන්ගෙන් සැර කතාවක්

මතභේදාත්මක වල්නාශකයක් වන ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට විරෝධය දක්වන කණ්ඩායම්වලට එරෙහිව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (29) සැර කතාවක් කළේය. මෙම තහනම වැවිලි සමාගම්වලට, වැවිලිකරුවන්ට සහ කෘෂි ආර්ථිකයට ඉතා බරපතළ හානියක් සිදුකර ඇති බවද සඳහන් කළ නවීන් දිසානායක ඇමැතිවරයා වතු හිමිකරුවන් වල්නාශකවලින් තොරව ඉදිරියට යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළේය. වතුයායවල වල්පැළ වැවීම පාලනය කිරීම කම්කරැවන්ට පමණක් කළ නොහැකි වියදම් අධික ඵලදායී නොවන ක්‍රියාවක් බවද ඇමතිවරයා සඳහන් කළේය.

බත්තරමුල්ලේ පිහිටි පොල්වගා කිරීමේ මණ්ඩලයේ කප්රුක කමිටු 33ක් සඳහා ජංගම අලෙවි සේවා ට්‍රක් රථ බෙදාහැරීම ජාතික උළෙලේ දෙවැනි අදියර සඳහා පැවැති උළෙලේදී ඇමැතිවරයා මේ බව කීය.

වල් නාශක ගෙවතු වගාවලට අවශ්‍ය වෙන්නෙ නෑ. නමුත් වාණිජ කෘෂි කර්මාන්තයට ඒවා අවශ්‍යයි. සුදුසු වල්නාශක නොමැතිව පොල් වගාකිරීමත් දුෂ්කර දෙයක්. රජය වහාම කෘෂි ආර්ථිකයට තවදුරටත් හානි සිදුවීම වළක්වා ගැනීමට ඵලදායී පියවර ගත යුතුයි. යැයිද දිසානායක මහතා සඳහන් කර තිබිණි.

- ඩේලි එෆ්.ටී.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00