2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 90

ශ්‍රීලනිපයට මැයි දිනය හිසරදයක් වෙලා

ශ්‍රිලනිපය තුළ මේ දිනවල පවතින අර්බුදය හේතුවෙන් මැයි දිනය සැමරීම නමට පමණක් සිදුවන කටයුත්තක් බවට පත්වෙමින් තිබෙන බව ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවේදී එම යෝජනාවට සහාය දැක්වූ 16 දෙනාගේ මැති ඇමැති කණ්ඩායම හේතුවෙන් ජනාධිපතිවරයා සතු පක්ෂය පාලනය කිරීමේ හැකියාව තවදුරටත් දුර්වල වී ශ්‍රීලනිපය සී සී කඩ යාම ඊට හේතුව වී තිබේ.

රජය තුළ තවදුරටත් රැඳී සිටින්නේද නැද්ද යන්න පිළිබඳව පක්ෂය තවමත් තීන්දුවක් ගෙන නැත. ඒ පිළිබඳ විකල්ප යෝජනා අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක්ද පත්කරනු ලැබ ඇත. ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායමේ සියලු මන්ත්‍රීවරුන් තීරණය කර ඇත්තේ යූ.එන්.පී. සමඟ පවතින සම්මුති ගිවිසුම අවසන් කළයුතු බවය.

දැනට තිබෙන තත්ත්වය වන්නේ ප්‍රධාන නිලතල හොබවන කිහිප දෙනකුම එම තනතුරැවලින් ඉවත් නොකළහොත් මැයි දින රැලිය වර්ජනය කරන බවට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අනතුරු අඟවා තිබීමයි.

- කළම්බු ටෙලිග්‍රාෆ්

කැබිනට් සංශෝධන

සම්මුති ආණ්ඩුවක් යටතේ වසර දෙකකටත් අඩු කාලයක් තිස්සේ පැවැති ශ්‍රී ලංකාව තම සිව්වැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සූදානම් වෙයි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කඳවුරට එක්වීමට සැරසෙන පැති මාරු කරන්නන් ඉන් වළක්වා ගැනීම එහි අරමුණය. ගැඹුරටම පැලී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමන්ගේ කණ්ඩායම තවදුරටත් රැක ගැනීමේ උත්සාහයක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරතව සිටින බවද හොඳම කැබිනට් තනතුරු මෙහිදී දේශපාලන වරදාන වශයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ තිබෙන බවද සඳහන් ප්‍රබල කතා පැතිරෙමින් තිබේ.

අලුතින්ම සිදුකෙරෙන ඇමැති සංශෝධනය මගින් අලුත් මුහුණුවරක් ලැබෙනු ඇතැයි දේශපාලනඥයෝ පොරොන්දුවක්ද ලබාදුන්හ. එය අසංවිධිත බව සම්බන්ධයෙන් නිරතුරුවම විවේචනයට ලක්වෙන ආණ්ඩුවකට ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යාම සම්බන්ධව ප්‍රශ්න කිරීමකට ලක් කරයි. පාර්ලිමේන්තුව යළි ඇරැඹෙන මැයි 08 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ඇතැයිද අපේක්ෂිතය. මින් වසරකට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ තම ධුර කාලයට වසරක් ගෙවී යමින් තිබියදී පස් අවුරැදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් සිදුකළ අතර V 2025 වශයෙන් 2017 දී එම වැඩපිළිවෙළ දියත් කරනු ලැබීය. පසුගිය වසරේ අයවැයට පෙරද අගමැතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයක්ද සිදුකළේය. ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එන්නේ ඉන්පසුවය.

මේ සියලු ප්‍රකාශ සහ කැබිනට් සංශෝධන තමන්ගේ සැලසුම්වල ගුණාත්මක බව වර්ධනය සඳහා ගනු ලබන පියවර වශයෙන් දේශපාලකයෝ හඳුන්වති. නමුත් මහජනතාවගේ තර්කය ඊට පරස්පරය.

ශ්‍රී ලංකාවේ කැබිනට් සංශෝධන සිදුවන්නේ ආර්ථික කාරණාවලට වඩා දේශපාලන කාරණා හේතුවෙනි. මේවා දේශපාලන අවිනිශ්චිතභාවය මග හැරීම සඳහා සිදුකෙරෙන කෙටිකාලීන විසඳුම් පමණි. මෙය කිසි ලෙසකින් හෝ රාජ්‍ය පාලනයේ වර්ධනයට, දේශපාලන ස්ථාවරභාවයට, සංවර්ධනයට හෝ ආර්ථික වර්ධනයට හේතුවන්නේ නැත.

- ඩේලි එෆ්.ටී.