එස්. බී. සහ ශ්‍රී.ල.නි.පය
හිටපු ඇමැති එස්. බී. දිසානායක දැන් ශ්‍රී.ල.නි.පයේ 16 දෙනාගේ කණ්ඩායමේ පෙරමුණ ගෙන ක්‍රියා කරන්නෙකි. පවතින දේශපාලන තත්ත්වය සහ මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා තිබුණේ මේ මොහොතේ රජයට සම්බන්ධව සිටින ශ්‍රී.ල.නිපය මන්ත්‍රීන්ගෙන් විශාල පිරිසක් තමන්ගේ කණ්ඩායම සමඟ නුදුරේදීම එක්වන බවය. දැනට ශ්‍රී.ල.නිපය තුළ කණ්ඩායම් තුනකට බෙදී පවතින තත්ත්වය පක්ෂයට විශාල හානියක් බැවින් තමන් උත්සාහ කරන්නේ එම පාර්ශව තුනම එකම බැනරයක් යටතට ගෙන ඒමට බවද ඔහු කියයි. එම කාරණා ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව විසින් තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කර තිබිණි.
ශ්‍රී.ල.නි.පය රජයෙන් ඉවත් විය යුත්තේ කවදා දැයි ජනාධිපතිවරයා තවම තීරණය කර නෑ. කොහොම වුණත් රජය සමඟ එ.ජ.නි.සට එක්ව කටයුතු කිරීම අපහසු බව එතුමා අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ එක්කම එතුමා තේරැම් ගෙන තිබෙනවා. සම්මුති ආණ්ඩුවක යූ. එන්. පීය සමඟ එකතුව කටයුතු කිරීම නිසා මේ රටේ ප්‍රගතිශීලී අදහස් ඇති එසේම වාමාංශික නැඹුරැවක් සහිත ජනතාව එ.ජ.නි.ස අතහැර දමා ඇති බව එස්. බී. කියයි.
එස්. බී. තවදුරටත් කියා තිබුණේ ජනාධිපතිවරයා දේශපාලනයෙන් විශ්‍රාම නොගත යුතු බවය. එතුමා පක්ෂ නායකයා බවත් ඒකාබද්ධ විපක්ෂය ජනාධිපති අපේක්ෂකයන් විය හැකි තිදෙනකු සම්බන්ධයෙන් සලකා බලමින් ඉන්නවා. චමල්, බැසිල් සහ ගෝඨාභය රාජපක්ෂවරුන්. මේ සියලු දෙනා එකතු වී එක් අපේක්ෂකයකුට එකඟ විය යුතු වෙනවා. බවත් කියූ ඔහු ගෝඨාභය ගැන මෙසේ අදහස් දක්වා තිබිණි.
ආරක්ෂක ලේකම් වශයෙන් ඔහු තම හැකියාවන් පෙන්වා තිබෙනවා. එම ධූරයේ සිටිමින් ඉතාම කාර්යක්ෂම වගේම ඵලදායී විශාල කාර්යභාරයක් ඉටු කළා. නමුත් ඔහු සුළු ජාතීන් තරහ කරගෙන සිටිනවා. සිංහල, බෞද්ධ ජනතාව අතරත් බුද්ධිමතුන් අතරේත් විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන් තුළත් ඔහු කෙරේ ආකර්ශනයක් තිබෙනවා. ඒ සමඟම සුළු ජන ප්‍රජාව ඔහු කෙරෙහි දක්වන්නේ බියක්.
ඩේලි මිරර්
මධ්‍යම කාරක සභාවේදී පැවසූ දේ
එස්. බී. මේ සම්මුඛ සාකච්ඡාව ලබා දුන් දිනයේ සවස ශ්‍රී.ල.නි.ප මධ්‍යම කාරක සභාව රැස්විය. එහිදී බොහෝ කාරණා සාකච්ඡා වී තිබූ අතර රජය තුළ තවදුරටත් රැඳී සිටිනවාද නැද්ද යන මාතෘකාව තරමක් විවාද සම්පන්නව සාකච්ඡා වී තිබිණි. ජ්‍යොෂ්ඨ මන්ත්‍රීවරු ද එම සාකච්ඡාවට සක්‍රීය සම්බන්ධ වූ බවද දැනගන්නට තිබේ. එහිදී ආණ්ඩුවේ කොයිතරම් කාලයක් රැඳී සිටිනවාද යන තීන්දුව ඇත්තේ දැනට සිටින 23 දෙනාගේ කණ්ඩායම අතේ බවද 2020 වනවිටත් යූ. එන්. පී සමඟ හවුලේ ආණ්ඩු කිරමින් සිටියොත් ශ්‍රී.ල.නි.පය කුණු වී යා හැකි බවටත් අදහසක් එහිදී ප්‍රකාශ වූ බවද කියයි. ඒ අවස්ථාවේදී හිටපු ජනාධිපතිනිය රැස්වීමෙන් පිටව ගිය බවද දැනගන්නට තිබේ.
මහතීර්ගේ ආපසු පැමිණීම රාජපක්ෂවරුන්ගේ සතුටට හේතු වෙයි
වසර 15කට පසුව මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය මහතීර් මොහොමඩ් යළිත් තෝරා පත්කරගනු ලැබීම පසුගිය රාජපක්ෂ පාලනයේ ඇතැමුන්ගේ මහත් ප්‍රීතියට හේතු වී තිබේ. යළිත් බලයට පත්වීම සඳහා උත්සාහ දරන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 92 හැවිරිදි මොහොමඩ් මහතීර්ට ඉතා ඉක්මනින්ම සුබ පැතුවේය.
තම ට්විටර් ගිණුමෙන් මැලේසියාවේ නව නායකයාට සුබ පතා පණිවුඩයක් යවන ඔහු ප්‍රකාශ කර ඇත්තේ &මැලේසියාවේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් යළිත් දිව්රුම් දුන් වෛද්‍ය මහතීර් මොහොමඩ්ට ඔහු ලද ඓතිහාසික ජයග්‍රහණය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනමමි. යනුවෙනි.
ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ ද වෙද්‍ය මහතීර්ට ඉක්මනින්ම සුබ පතා තිබිණි. මහතීර් ලද කැපී පෙනෙන ජයග්‍රහණය වෙනුවෙන් සතුට පළ කරමින් ඔහු කියා තිබුණේ මැලේසියානු ජනතාවටත් නව නායකයාටත් උණුසුම් සුබ පැතුම් පිරිනමන බවයි.
සන්ඩේ ටයිම්ස්