රණවිරු උපහාර!
රණවිරුවන් දේශපාලන ප්‍රචාරය වෙනුවෙන් භාවිත නොකරන්නැයි හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අදාළ සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කළේය. මෙය බොහෝ දුරට සියලුම දේශපාලන පක්ෂ සඳහා විශේෂයෙන්ම ප්‍රධානම පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ නොනිල මටට්මින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සැබැවින්ම කාලීන අවවාදයකි. තම ජීවිත පූජා කළ රණවිරැවන් දේශපාලන වාසිය සඳහා යොදවා නොගන්න යන්න එම අවවාදයයි.
මෙය අද්විතීය රටකි. වසර දශක තුනක් තිස්සේ පැවැති භයානක සිවිල් යුද්ධයක් හේතුවෙන් සියලු දේශපාලන නායකයන්ගේ සහ ඔවුන්ගේ ළබැඳියන්ගේ ජීවිතවලට එල්ල වී තිබූ මරණීය තර්ජන තුරන් කිරීම සඳහා තම දිවි කැප කළ වීරයන් සැමරීම පවා එක් ස්ථානයක සිදු කිරීමට අසමත්ය. බෙදුම්වාදී කැරළිකාර කණ්ඩායම වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (එල්.ටී.ටී.ඊ) පරදවා සන්නද්ධ හමුදා ලැබූ ජයග්‍රහණය හිටපු ජනපති සහ ඔහුගේ පක්ෂයේ සෙසු නායකයන් විසින් තනිවම සමරද්දී රජයේ නායකයන් සන්නද්ධ හමුදාවල සහභාගීත්වය ඇතුව නිල රාජ්‍ය සැමරැම් උළෙල වෙනම පැවැත්වූහ.
රාජපක්ෂට අවශ්‍ය වන්නේ වෙනම උත්සව පවත්වා යුද ජයග්‍රහණයේ නියමුවා තමා බවට තහවුරැ කර ගැනීමටය. එම උත්වසවලදී යුද සමයේ හමුදාපති වූ සරත් ෆොන්සේකා පිළිබඳ කිසිම සඳහනක් නොකෙරිණි. ඔවුන් අතර සබඳතා යහපත්ව පැවැති සමයේදී ලොව හොඳම හමුදාපති වශයෙන් රාජපක්ෂවරු ඔහු හැඳින්වූහ. මෙම මානසිකත්වයම රජයේ නිල උත්සවවලදී දකින්නට ලැබුණේ අවසන් ජයග්‍රහණය සදහා පෙරමුණ ගනිමින් දේශපාලන සහ හමුදා නායකත්වයන් අතර එතෙක් පැවති හිඩැස පිරවීමට කටයුතු කළ පුද්ගලයා වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටත් හිටපු ජනාධිපතිවරයාටත් එකී සංග්‍රහයම ලබා දීමෙනි. එසේම එම කාලයේදී මානව හිමිකම් කඩවීම් පිළිබඳව අන්තර් ජාතික පීඩනය සන්නද්ධ හමුදා කෙරෙහි එල්ල වී තිබූ බව කියමින් රජයේ නායකයෝ රාජපක්ෂලාට වඩා උපායශීලී වීමට ද කටයුතු කළහ.
මෙහිදී ආණ්ඩු දෙකම සහ රටම අමතක කළ හෝ ගණන් නොගන්නා ප්‍රධානම කාරණය වන්නේ යුද්ධය අවසන් වී වසර නවයක් ගත වුවද ආණ්ඩු දෙකම රටට වඩාත් අවශ්‍ය වන ප්‍රතිසංවිධානය ගෙන ඒමට අසමත් වූ බවය.
- ඩේලි මිරර්
ජ්‍යෙෂ්ඨ පොලිස්පති රවී වෛද්‍යලංකාර යළි එෆ්.සී.අයි.ඩී.යට
එෆ්.සී.අයි.ඩී. භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර විශ්‍රාම ගිය ද ඔහු මාසයක කාල සීමාවකින් පසුව එෆ්. සී. අයි. ඩී.යට යළි පැමිණීමට නියමිතය.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබුණේ මෙලෙස මාසයක කාල සීමාවක් ඇති කරනු ලැබුවේ කාඩරයේ අවශ්‍යතාවක් සපුරමින් නියෝජ්‍ය පොලිස්පති ධූරයට ඊළඟට පත් වීම් ලැබිය යුතු නිලධාරියාට එම අවස්ථාව ලබා දීම සඳහා බවය.
එෆ්.සී.අයි.ඩී.ය මඟින් මෙතෙක් සිදු කරන ලද සියලු වැදගත් විමර්ශන කටයුතු සම්බන්ධයෙන් වඩාත් දැනුම්වත්ව සිටීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතා යළිත් එතැනට කැඳවීමට හේතු පාදක වී තිබේ.
ඔහු පැමිණෙන තුරු සී.අයි.ඩීය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න එෆ්.සී.අයි.ඩී.යේ කටයුතු ආවරණය කරනු ඇත.
නවීන් දක්ෂ තරුණ නායකයෙක්
- රනිල්
යූ.එන්.පී.යේ ප්‍රතිසංවිධාන කටයුතුවල එක් ප්‍රතිඵලයක් වූ නවීන් දිසානායක පක්ෂයේ ජාතික සංවිධායක වශයෙන් වැඩ භාර ගැනීම පසුගිය 24 වැනිදා සිරිකොතේදී සිදුවිය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උළෙලකදී වැඩ කටයුතු ඇරුඹූ නවීන් දිසානායකට සුබ පැතීම සඳහා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ද එක්ව සිටියහ. නවීන්ගේ මව ශ්‍රීමා දිසානායක මහත්මිය ද එම අවස්ථාවට සහභාගී වී සිටියාය.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා නවීන් දක්ෂ, ශක්තිමත්, කැප වන, තම දිස්ත්‍රික්කය දිනා ගැනීමට සමත්කම් දැක්වූ තරුණ නායකයකු වශයෙන් හැඳින්විය. පක්ෂ ප්‍රතිසංවිධානයට එවැනි තරුණ, දක්ෂ නායකයන් අවශ්‍ය බවත් පක්ෂය ඉදිරියට ගෙන ගොස් බලයේ තබා ගැනීම සඳහා නවීන්ට ශක්තිය ඇති බවත් අග්‍රාමාත්‍යවරයා කීය.
මෙම අවස්ථාවට බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු වන සාගල රත්නායක මේ අවස්ථාවට සහභාගී වූයේ නැත.