හෙලිකොප්ටර් කතා
මහින්ද රාජපක්ෂ මහතාට තංගල්ලට යාමට හෙලිකොප්ටර් දුන්නේ කවුදැයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රශ්න කළත් එම හෙලිකොප්ටර් ලබාගත්තේ වෙනින් කවුරුවත් නොව ඒ වනවිටද ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතාම බව රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. එම සිද්ධියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මත වගකීම පැවැරීමට දැරූ උත්සාහය ඒ නිසා ව්‍යාර්ථ වී තිබේ.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වූ 2015 ජනවාරි 09 වැනිදා පාන්දර යාමයේ පරාජය පිළිබඳ දැනගැනීමෙන් අනතුරැව තම ආරක්ෂක කටයුතු සම්බන්ධ කටයුතු කළ නිලධාරියකු වූ කැප්ටන් තිස්ස විමලසේනට කතා කළ එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් එවන්නැයි ගුවන් හමුදාපතිවරයාට දැනුම් දෙන ලෙස නියෝග කළ බවත් හෙලිකොප්ටර් යානා පැමිණියේ ඒ අනුව බවත් සඳහන් වේ.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියේ දිව්රැම් දුන්නේ 09 වැනිදා පස්වරැවේය. එතෙක් රටේ විධායක බලතල තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා අතය. මෛත්‍රීපාල සිරිසේන මහතා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණ සමරු උළෙලේදී ඒ සම්බන්ධයෙන් කියා තිබුණේ තමන් ගුවන් හමුදාපතිට කතා කර හෙලිකොප්ටර් සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන්නේ කවුදැයි විමසූ විට ඔහු කිව්වේ ජනාධිපතිතුමා කිව්වා කියලා අහවලා එම ඉල්ලීම කළ බව යැයි දැනුම් දුන් බවය. තමන් ඒ ගැන මෙලෝ දෙයක් නොදන්නා බවත් තමන්ගෙන් ඇහුවේ නැති බවත් ජනාධිපතිවරයා කීය.
කෙසේ වුවද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2016 වසරේ අප්‍රේල් 09 වැනිදා කළ කතාවේදී ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ගමට යාම සඳහා හෙලිකොප්ටර් ලබාදුන්නේ තමා විසින් බවය. එහිදී සිරිසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මැතිවරණ පරාජයකින් පසුව ඒ ආකාරයට පරාජිත නායකයාට ගෙදර යාමට හෙලිකොප්ටර් ලබාදුන් රාජ්‍ය නායකයකු මේ ලෝකයේවත් නැති බවය.
කලම්බෝ ටෙලිග්‍රාෆ්
ගෝඨාභය - කබීර් හෂීම් දීර්ඝ සාකච්ඡාවක
වෘත්තීයවේදීන්ගෙන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් සමන්විත වියත් මග සංවිධානයට නායකත්වය දෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යූ.එන්.පී. සභාපති සහ ඇමැති කබීර් හෂීම් විස්මයට පත් කරමින් සුළු අසනීප තත්ත්වයකින් පෙළෙමින් සිටි හිටපු මහා ලේකම්ගේ සුවදුක් බැලීමට ඔහුගේ රාජගිරියේ නිවෙසට පසුගිය 24 වැනිදා බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගියේය.
පෞද්ගලික රෝහලකදී උගුර සහ නාසය පිළිබඳ සැත්කමකට භාජනය වී සිටි කබීර් හෂීම් ආපසු නිවෙසට පැමිණ සිටියේ එදාමය. ගෝඨාභය එහි ගියේ එදින කොළඹ තරුපහේ හෝටලයක පැවැති විවාහ මංගල්‍ය උළෙලකට සහභාගි වීමෙන් අනතුරුවය. මාධ්‍ය ආයතනයකටද සබඳතා ඇති ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර ද ගෝඨාභය සමඟ විය. (රාජපක්ෂ නායකත්වය දරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ වික්‍රමසිංහ නායකත්වය දරණ යූ.එන්.පි.ය යන පක්ෂ දෙකේම ප්‍රචාරක කටයුතු සිදුවූයේ ඔහුගේ ආයතනයෙනි.)
විනාඩි 90ක කතාබහ ඇරැඹුණේ දේශපාලනයට අදාළ විෂයයන් මගහරිමිනි. කෙසේ වුවද මාළුවන්ට ජලය නැතුව බෑ යන න්‍යායට අනුව ඉක්මනින්ම දේශපාලන කාරණා සාකච්ඡාවට එකතු විය. මහජන සේවා දියුණු කිරීමේ මාර්ගද කතාබහට ලක් විය. රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ තමා වඩාත් කැමැත්ත දක්වන්නේ විෂයයන්වලට උපදේශකවරුන් ගණනාවක් පත් කිරීමට වඩා තීරණ ගෙන ඒවා ක්‍රියාත්මක කරවාගත හැකිවන පරිදි අතිරේක ලේකම්වරුන් අමාත්‍යාංශවලට පත් කිරීමට බවය. වෛද්‍ය උපදෙස් හේතුවෙන් වැඩිපුර කතාබහ කිරීමෙන් වැළකී සිටි කබීර් හෂීම් මහතා හිස සලමින් එම කාරණාව පිළිගත්තේය.
අමුත්තන් දෙදෙනා යාමට සැරසෙද්දී ඒ අසල සිටි හෂීම් මහතාගේ ඥාතියකු රාජපක්ෂ මහතාගෙන් දැන් ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ඔබතුමා කියලා අවසන් තීන්දුවක් අරගෙනද් යනුවෙන් විමසුවේය. හෂීම් මහතා තම නිහඬතාව බින්දේය.ඒ වගේ දේවල් අහන්න එපා යනුවෙන් ඔහු අවවාද කළේය.
මේ හමුවීම සිදුවූයේ ගෝඨාභය මහතාට එරෙහිව මලික් සමරවික්‍රම සහ මංගල සමරවීර ඇමැතින් දෙදෙනාම නිවේදන දෙකක් නිකුත් කළ පසුබිමක වීම කැපීපෙනෙන කරුණකි.
සන්ඩේ ටයිම්ස්