කොළඹ පුරපතිනියගේ සිංගප්පූරු ගමන
ලෝක පුරපති සමුළුවට සහභාගී වීම සඳහා සිංගප්පූරුවට ගිය කොළඹ පුරපතිනි රෝසි සේනානායක එම ගමනේදී ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පතක් වෙනුවෙන්ද ඉහළ සුපිරි හෝටලයක් වන මරිනා බේ සෑන්ඩ්ස් හි නවාතැන් ගැනීම වෙනුවෙන්ද වැයකළ මුදල පිළිබඳව පසුගිය සභාවාරයේදී ප්‍රශ්න කෙරිණි. ජවිපෙ මන්ත්‍රී හේමන්ත වීරකෝන් එම වියදම් ගැන ප්‍රශ්න කළේ අදාළ සමුළුව සඳහා වන ආරාධනා පත්‍රය සභාවට ඉදරිපත් කර නැති බවත් සාමාන්‍යයෙන් මෙවැනි සමුළුවල එවැනි වියදම් දරන්නේ සත්කාරක රට හෝ ඇරියුම් එවූ තැනැත්තා බවත් සඳහන් කරමිනි.
එම විරෝධයට එක්වූ සෙසු විරුද්ධ පක්ෂ සාමාජිකයන්ද ප්‍රශ්න කර තිබුණේ පුරපතිනිය සමඟ එම ගමනට සහභාගී වූ මන්ත්‍රීවරයා තෝරාගනු ලැබුවේ කුමන පදනමක් මතදැයි කියාය. සභාවට ඉදිරිපත් කර තිබූ ලිපි ලේඛනවලට අනුව එම ඇරියුම එවා තිබුණේ විදේශ අමාත්‍යංශය මගින් බව පැහැදිලි විය.
සේනානායක මහත්මිය දැරූ වියදම් අතර සිංගප්පූරුව දක්වා ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට් පතට රුපියල් 115,000ක්ද මරීනා බේ හෝටලයේ නවාතැන් සඳහා රුපියල් 320,000ක්ද තිබිණි. ඇය කැටුව ගිය මන්ත්‍රීවරයාට පිරිමැසුම් පන්තියේ ගුවන් ටිකට්පතට රුපියල් 52,000ක්ද මරීනා හෝටලයේ නවාතැන් සඳහා රුපියල් 3,20,000ක්ද වැයකර තිබිණි.
විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධය මැද එම ගෙවීම් අනුමත විය.
මේ අතර කොළඹ මහ නගර සභාවේ විපක්ෂනායක ධුරය සම්බන්ධ ගැටලුවද තවම විසඳී නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් පත් කරන්නැයි කරන ලද ඉල්ලීම රෝසි සේනානායක මහත්මිය විසින් එවැනි තනතුරක් නැතැයි පවසා ප්‍රතික්ෂේප කෙරිණි. පසුව අසාද් සාලි තමන් පත් කරන්නැයි කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කෙරුණු අතර ශ්‍රීලනිප මන්ත්‍රීන් 27කගේ සහාය ඇතිව එම්.එච්. මන්සිල්ගේ නම පසුව යෝජනා විය. එයට සාලි සහ පොදුජන පෙරමුණ විරෝධය දැක්විය. රෝසි සේනානායක මහත්මිය එහිදී පොදුජන පෙරමුණට පැවසුවේ ජූලි 31 වැනිදාට පෙර තමන්ට සහාය දක්වන මන්ත්‍රී ලැයිස්තුව ඉදිරිපත් කරන ලෙසටය.
- සන්ඩේ ටයිම්ස්
හිල්ටන් ගම්පෙරළියට ප්‍රබල ඇමැති 5ක් ඇවිත් නෑ
යූ.එන්.පී.ය මගින් ක්‍රියාත්මක කෙරෙන අලුත්ම බිම් මට්ටමේ සංවර්ධන වැඩපිළිවෙළ වන ගම් පෙරළිය ගැන සාකච්ඡා කිරීමට යූ.එන්.පී. මැති ඇමැතිවරුන්ට ආරාධනාවක් ලැබුණි. එය පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේදීය. මේ ව්‍යාපෘතිවලට නායකත්වය ලබාදෙන්නේ මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසිනි.
එම සාකච්ඡාව සඳහා ප්‍රබල ඇමැතිවරු පස් දෙනකුගේ නොපැමිණීම කැපී පෙනුණි. සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, නවීන් දිසානායක, රන්ජිත් මද්දුම බණ්ඩාර සහ චම්පික රණවක එම පස්දෙනාය.
- සන්ඩේ ටයිම්ස්
පර්පෙචුවල් නිලධාරීන් 2ක් රජයේ සාක්ෂිකරුවෝ වෙති
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් සිටින දෙදෙනකු රජයේ සාක්ෂිකරුවන් වශයෙන් සාක්ෂි දෙනු ඇතැයි නීතිපති පසුගිය බ්‍රහස්පතින්දා (02) අධිකරණයට දැනුම් දුන්නේය.
අදාළ නිලධාරීන් දෙදෙනා වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැනුම්කරු වූ නුවන් සල්ගාදු සහ සමාගමේ තොරතුරු තාක්ෂණ නිලධාරි වූ සචිත්‍ර දේවතන්ත්‍රී අත්අඩංගුවට ගෙන කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පමුණුවනු ලැබුවේ දුරකතන සංවාද දත්ත මකා දැමීමේ සිද්ධියට සැකකරුවන් වශයෙනි.
මේ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහරිනු ලැබුවත් ඇප කොන්දේසි ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. එහිදී දෙදෙනාම රුපියල් ලක්ෂ 3 බැගින් වන සහතික ඇප මත මුදාහරින ලෙසට නියෝග කෙරිණි. පර්පෙචුවල් ට්‍රෙෂරීස් හිමිකරු අර්ජුන ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අගෝස්තු 09 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
- ඩේලි එෆ්.ටී.