රජයේ සංවර්ධන ඉලක්කය ෆේල්
රේඛීය අමාත්‍යංශ 47ක් හරහා මෙහෙයවනු ලැබූ රජයේ සංවර්ධන ව්‍යාපෘති සහ වැඩපිළිවෙළ අතුරින් අවම වශයෙන් 50%ක් වත් ඉලක්කගත අරමුණු සපුරා ගැනීමට අසමත්ව ඇතැයි මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී සඳහන් කර තිබේ. වසරේ පළමු කාර්තුවේ රජයේ වියදම් පිළිබඳ වාර්තාව සභාගත කරමින් මුදල් ඇමැතිවරයා මේ බව හෙළිකර තිබිණි. අදාළ කාලසීමාව තුළදී ඉලක්කගත වියදමට සාපේක්ෂව ව්‍යාපෘතිවල ආර්ථික ප්‍රගතිය වාර්තා වී ඇත්තේ 43.7%ක් වශයෙන් බවද මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරයා එහිදී හෙළි කළේය.
ව්‍යාපෘති සහ වැඩපිළිවෙළ 1354ක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය රැපියල් මිලියන 700,686ක් අදාළ අමාත්‍යංශවලට වෙන්කර දී තිබේ. කෙසේ වුවද 2018 වසර තුළදී ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යංශ 04ක් විසින් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කර නැත. ව්‍යාපෘති සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ විදේශ රැකියා එම අමාත්‍යංශ හතර වෙයි.
අදාළ ව්‍යාපෘති 1354 අතුරින් 944ක් සිය ඉලක්කවලින් 25%ක් හෝ සපුරාගෙන නැත. එසේම මහා පරිමාණ ව්‍යාපාති 148ක් සිය ඉලක්කවලින් ළඟා කරගෙන ඇත්තේ 35%ක ප්‍රගතියක් පමණි. පළමු කාර්තුව සඳහා රජයේ වියදම රුපියල් බිලියන 403ක් වන අතර රජය බදු එකතු කිරීම හරහා සිය ආදායම් ඉලක්ක සපුරා ගැනීමට සමත්ව සිටින බවද එම වාර්තාව හෙළිකර තිබේ.
ආදායම් හරහා රජය රුපියල් බිලියන 469ක් එකතු කරගෙන ඇති අතර එය ඉලක්කගත ආදායමෙන් 90%ක් සපුරා ගැනීමකි. ආදායම් බදු ඉලක්කය සපුරා ගැනීමේ ප්‍රතිශතය 105%ක් බවද වාර්තාව හෙළිකරයි.
- ඩේලි එෆ්.ටී.
එස්.බී. - ඩිලාන් තිලංග බේරති
16 කණ්ඩායමේ මන්ත්‍රී තිලංග සුමතිපාලගෙන් ක්‍රිකට් පිළිබඳ ප්‍රශ්න විමසීමට උත්සාහ කළ මාධ්‍යවේදීන්ට එම අවස්ථාව අහිමි කිරීමට එම කණ්ඩායමේ සාමාජික එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරැ පසුගියදා ක්‍රියා කළහ. ඉකුත් සතියේ සිකුරාදා පැවැති මාධ්‍ය හමුවේදී මෙය දැකගන්නට ලැබිණි.
මෙම ප්‍රවෘත්ති පාලන භූමිකාවට ඔවුන් දෙදෙනා පණපෙව්වේ සුමතිපාලගෙන් ක්‍රිකට් පිළිබඳ ඇසීමෙන් වළකින ලෙසට අනතුරැ ඇඟවීමක් කරමිනි. දේශපාලනය ක්‍රිකට්වලට සම්බන්ධ නොකළ යුතුයි ඔවුහු කීහ.
ඔවුන්ගේ අනතුරු ඇඟවීම හාස්‍යජනක වන්නේ සුමතිපාල මහතා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති සහ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කථානායකවරයා වීම හේතුවෙනි. වර්තමානයේ ඔහු 16 කණ්ඩායමේ සාමාජිකයකුව සිටිමින් ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වයි. මීළඟ ක්‍රිකට් නිලවරණයේදී තරග කරන බවට දැනටමත් ඉඟිකර ඇති සුමතිපාල මහතා දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කිරීමේ ජීවමාන ප්‍රතිමූර්තියයි.
ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා පිලේ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වාට එරෙහිව 90 දශකයේදී තරග පාවාදුන් බවට සුමතිපාල මහතා ප්‍රසිද්ධියේ කළ චෝදනාව සම්බන්ධයෙන් විමසීමට මාධ්‍යවේදීන් උත්සාහ දැරූ අවස්ථාවේ එස්.බී., ඩිලාන් මන්ත්‍රීවරු එම විරෝධය පළකළහ. ඔවුන් පැවසුවේ මෙම මාධ්‍ය සාකච්ඡාව කැඳවා ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ලබන අප්‍රේල් අලුත් අවුරැද්දට පෙර අගමැති වශයෙන් දිවුරුම් දිය යුතු බවට වන තමන්ගේ ස්ථාවරය ඇතුළු වෙනත් දේශපාලන කරුණු සාකච්ඡා කිරීමට පමණක් බවය. එම කරුණු කතා කිරීම අවසන් බව මාධ්‍යවේදීන් විසින් පෙන්වා දී සුමතිපාල මහතාගේ ක්‍රිකට් පිළිබඳ ඇසීමට අවසර පැතුවත් එම ඉල්ලීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ.
- සන්ඩේ ටයිම්ස්
තනතුරු ඇත: කවුරුත් නැත
ශ්‍රී ලංකා ආරක්ෂක මූලස්ථානයේ ආකර්ශනීය නිලයක් වන ප්‍රධාන ආරක්ෂක මාණ්ඩලික නිලධාරි (CDS) තනතුර ලබන 03 වැනිදා හිස්වෙයි. දැනට සේවා දිගුවක් සහිතව එම තනතුර දරණ අද්මිරාල් රවි විජේගුණරත්න එදින විශ්‍රාම යාමට නියමිතය.
විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨම හමුදාපති විසින් හොබවනු ලබන මේ තනතුර සඳහා මීළඟට පත්වීමට නියමිත වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට වසරක සේවා දිගුවක් ලැබීම හේතුවෙන් ඔහු මේ තනතුරට පත් නොවනු ඇත. ඊළඟට සුදුසුකම් ලබන ගුවන් හමුදාපති එයාර් මර්ෂල් කපිල ජයම්පතිගේ සේවයද ලබන වසර මැද දක්වා දීර්ඝ කර තිබේ. යුද්ධය අවසන් වීම නිසා අදාළ තනතුර මේ වනවිට චාරිත්‍රානුකූල නිලයක් පමණක් බවට පත්වීම නිසා ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරැන් තමන් දරණ තනතුරේ රැඳී සිටීමට වඩාත් කැමැත්ත දක්වන බව පවසන ආරක්ෂක අමාත්‍යංශ ඇතැම් නිලධාරීන් පවසන්නේ මේ තනතුර අහෝසි කිරීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවයි.
- සන්ඩේ ටයිම්ස්