මොන ඡන්ද තිබ්බත් දිනන්නෙ අපි
අපට පරද්දන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ගෝඨායි
රොටිය හදාගෙන යනවා: ඒත් හරියට පිච්චෙන්නෙ නෑ
මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනම වෙෙළඳ භාණ්ඩයක්
16 දෙනා ආණ්ඩුවෙන් ගිය එක අපේ ලොකුම ජයග්‍රහණයක්
මිනිසුන්ට නැතිවෙලා තිබ්බ නිදහස ආපහු ලැබුණාම ගන්නේ ඇරියස් එක්ක
ජනවාරි 08 සටන කළේ ප්රජාතන්ත්රවාදය ගැන කතාකරලයි
රාජිත සේනාරත්න කියන්නෙ ටිකක් පෙරළිකාර චරිතයක්. දැන් රටත් යන්නෙ බොහෝම තීරණාත්මක තැනකට. ඊළඟට ඔබ කරන්න හදන පෙරළිය මොකක්ද?
අලුත් පෙරළියක් ආපුවාම තමයි ඒක තීන්දු කරන්නේ. දැනට එහෙම පෙරළියක් නෑ.
හැබැයි අපිට දැනෙන්නෙ හිටපු ගමන් උඩට ආපු ‘සුවපති’ තේමාව ඒ වගේ පෙරළියක ආරම්භයක්දෝ කියලා?
එහෙම නෑ. ඒක තීන්දු කළේ මම නෙවෙයි. මේ අදහස ආවේ වෘත්තිය සමිතිවලින්. අපේ අය ලෝක සෞඛ්‍ය සංවිධානයත් එක්ක කතා කළාම ඒ අයත් මේ වැඩේට එකතු වුණා. ඒ අය තමයි සංවිධානය කළේ.
හැබැයි එතැන කතාවක් ආවා සුවපති ඊළඟ ජනපති කියලා?
ඇත්තටම එතන හිටිය මහාචාර්යවරq හා ජනපතිතුමා තමයි වෙනත් කතාවක් කිව්වේ. හැබැයි ඒක මේ රටේ මිනිස්සු තීන්දු කරන්න ඕන.
අපි ඉතිහාසයේ දැකලා තියෙන්නේ හිටපු ගමන් තමයි චරිත ඉස්මතු වෙන්නෙ, උඩට එන්නේ. ඔබට එවැනි ආරාධනා නැද්ද?
නෑ මෙහෙමයි. ඒ වෙලාවට පොදු අපේක්ෂකයකුගේ අත්‍යවශ්‍යතාවයක් ආවොත් අන්න එදාට තමයි එවැනි තීන්දු වෙන්නෙ. අන්න එදාට ප්‍රතිවාදියා පරාජය කරන්න හොඳම පුද්ගලයා මමය කියලා හිතුණොත්, ආරාධනා කළොත් මම එනවා. ඉතිහාසයේ කිසිම දවසක මම මේ තනතුරු ඉල්ලාගත්ත ඒවා නෙමෙයි. ඒවා මට ලැබුණු ඒවා.
එවැනි බලාපොරොත්තුවක් තියෙනවද?
නෑ බලාපොරොත්තු වුණ කිසි කෙනෙක් මේ රටේ ජනාධිපති වෙලා නෑ.
ඔබ වටෙන් වගේ කිව්වා පොදු අපේක්ෂක කතාවක්. ඒ කියන්නෙ නැවතත් පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියල?
මම හිතන්නේ එන වරත් පොදු අපේක්ෂකයෙක් ඕන. අපේ ප්‍රතිවාදීන්ට එරෙහිව මෙය ජයග්‍රහණය කරනවා නම් පොදු අපේක්ෂකයෙක් ඕනේ. ඒ සඳහා සියලු බලවේග එකතු කරගත හැක්කේ පොදු අපේක්ෂකයකුට විතරයි.
පොදු අපේක්ෂක සංකල්පය දැන් යල්පැන ගිහිල්ලා නේද? බලාපොරොත්තු කඩවුණු තනතුරක් වෙලා නේද? එජාපයෙන් කියනවා ඒ අය උදව් කරන්නෙත් නෑ කියලා?
ඔව් ඒ අය ඔය කතා එදත් කිව්වනේ. 2014 දැඩි මතයක හිටියේ. ඒ පක්ෂයේ ප්‍රබල චරිත පවා හිටියෙ එතන. ඒවා පෙරළන්න තමයි ඉදිරියට ආවේ.
ඒත් දැන් පොදු අපේක්ෂක සංකල්පය මිනිස්සුන්ගේ බලාපොරොත්තු බිඳවැට්ටුවා කියන තැනක තියෙන්නෙ?
ඇත්තටම පොදු අපේක්ෂකයාට වඩා ප්‍රශ්න ඇතිවුණේ ජාතික රජයක් පිහිටුවීම හරහා. විශාල අර්බුද ඇතිවුණා මේ ක්‍රමය හරහා. නමුත් රට ගොඩනගන්න තමයි මේ පක්ෂ දෙකම එකතු වුණේ. ඒත් ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තු විසුරුවා හැරලා ඡන්දයකට ගියා නම් එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක හරි ඊට ආසන්න සංඛ්‍යාවක් හරි ගන්න තිබ්බා. ඒ විතරක් නෙමෙයි විපක්ෂයේ අයත් ගන්න තිබ්බා. එහෙනම් ප්‍රබල ආණ්ඩුවක් පිහිටුවන්න තිබ්බා. ඒත් රට හදන්න තමයි දෙගොල්ල එක්වුණේ.
ඒත් රට හදනවා වෙනුවට ප්‍රශ්නනේ හැදුණේ?
මේ ජාතික රජයට එක්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නිසාත්, එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවුණු බැඳුම්කර සිද්ධිය නිසාත් මිනිස්සු අන්දමන්ද භාවයට පත්වුණා.
මිනිස්සු නෙවෙයි මැති ඇමැතිවරු අන්ද මන්ද වෙලා ඉන්නේ?
ඔව් මේ සැරේ මිනිස්සු දැක්කා ආණ්ඩුව ඇතුළෙන්ම ආණ්ඩුවට ගහන පිරිසක්. එහෙම තත්ත්වයක් කවදාවත් තිබ්බේ නෑ. ඊට කලින් වුණේ විපක්ෂයේ කට්ටිය ගැහුවා. ආණ්ඩුවේ අය ආරක්ෂා කරමින් තමයි දුර්වල තැන් හදාගත්තේ. මේක එහෙම නෙමෙයි. ඇතුළේ ඉඳන්ම ගැහුවා. මේ නිසා මිනිස්සුන්ට කලකිරීමක් ඇතිවුණා. ඒත් ඒ කලකිරීම පහව යනවා දැන් අර ශ්‍රීලනිපයේ 16 දෙනා ගියාට පස්සේ. ඒ 16 දෙනා ගිය එක විශාල ජයග්‍රහණයක්. දැන් දුර්වල තැන් හදාගෙන යනවා.
ඒත් අපි දැකලා තියෙනවා ජනාධිපතිවරයා දාන කැබිනට් පත්‍රිකාවලට අගමැතිවරයා විරුද්ධ වෙනවා. අගමැතිවරයා දාන කැබිනට් පත්‍රිකාවලට ජනාධිපතිවරයා විරුද්ධ වෙනවා?
නෑ එහෙම දෙයක් නෑ. එක එක අයට ඒ ගැන නිර්වචන කරන්න පුළුවන්. දැන් තියෙන්නෙ ඉස්සර කැබිනට් මණ්ඩලය නෙවෙයි. රාජපක්ෂලගේ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුණේ විධායක ජනාධිපති සියලු බලතල හිමි. එයාට පුළුවන් වුණා සෑම කැබිනට් ඇමැතිවරයෙක්ගේම අනාගතය තීරණය කරන්න. ඒත් අද නැහැ. අද තියෙන්නෙ බල රහිත ජනාධිපති කෙනෙක්ගෙ මූලාසනයක්. ඒ නිසා මේ ගැන විශාල සංවාද තියෙනවා. ඒ සංවාද තුළින් හොඳ කැබිනට් පත්‍රිකා හැදෙනවා.
මේ දේවල් අපි නෙමෙයි කියන්නේ ජනාධිපතිවරයා. ඔහුත් ආණ්ඩුවේ ඇතැම් අයට?
ඔව්. ඒත් ඒවා දැන් නෑනේ. ඒ එදා හිටියෙ. ශ්‍රීලනිපයේ අන්තවාදීන්ගේ වැඩවලට නතුවෙලා ජනාධිපතිතුමත් එවැනි ස්ථාවරවලට ගියා. අද ඒ අන්තවාදීන් එළියට ගිහින් දේශපාලන ගන්ධබ්බයෝ බවට පත්වෙලා. අද ජනාධිපතිවරයත් එදාට වඩා පහසුවෙන් තමන්ගේ පක්ෂය හසුරුවමින් ඉදිරියට යනවා. අද සුහදශීලී කැබිනට් මණ්ඩලයකුත් තියෙනවා.
අපි දැකලා තියෙනවා ඔබ කියන සමහර දේවල් මාධ්‍යයට කිව්වට පස්සේ වෙනස් වෙනවා?
කොහෙද වෙනස් වුණේ. දැන් බලන්න ඔබලගේ මාධ්‍යය කිව්වා වරාය නගරය හැදෙන්නේ නෑ කියලා. මම කිව්වා කෙරෙනවා කියලා. දැන් මමද හරි! ඒක නෑ කිව්ව අයද හරි. මම කියන්නේ අද වෙන දේ නෙමෙයි හෙට වෙනදේ. ඒක තමයි අපේ දේශපාලන අවබෝධය. මේ ළඟදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ හමුවේදී මම කිව්වා ඔය කියන බද්ද ගැන. පස්සේ මුදල් අමාත්‍යංශය ඒ කියන විදිහට බද්ද අඩු කරන්නේ නෑ කිව්වා. නමුත් අඩුකරනවා. දැන් අපේ අය හිතනවා හංගන්න පුළුවන් කියලා. ඒත් මම හිතන්නේ නෑ හංගන්න පුළුවන් කියලා. දොස්තරලාට දෙන එක නොතේරෙන ඉංජිනේරුවෝ ලංකාවේ නෑ.
ඒ වුණාට ගොඩක් දේවල් හංගනවනේ?
අපි දේශපාලන තීන්දුවක් ගත්තා නම් හංග හංග ගහන්න බෑ. අපි කොච්චර ඇතුළේ ඇඳුම් ඇන්දත් නටන්න වෙන්නේ එළියේ... මම ඒ නිසා යථාර්ථය කියන්නේ.
ඔබ කියන්නේ ආණ්ඩුව මිනිස්සු අන්දනවා නේද?
සමහරු හිතනවා එහෙම අන්දන්න පුළුවන් කියලා. එහෙම අන්දන්න බෑ. දවස් කීපයකට පුළුවන් ඒ දේවල්.
හැබැයි මේ අන්දවන වැඩ නිසා නේද උද්ඝෝෂණ වැඩවර්ජන ඔක්කොම?
නෑ. ඒක වෙන දෙයක්. මිනිස්සුන්ට නිදහස නැතිවෙලා ආයේ ලැබුණම හිඟත් එක්ක තමයි ලබාගන්නේ. ඒකයි යථාර්ථය. දැන් බලන්න සර් ජෝන් කොතලාවලට බයේ හිටිය මිනිස්සු බණ්ඩාරනායක කෙනෙක් ආවම ඔක්කොම එළියට බැස්සනේ.365 දවසට 325ක් වැඩවර්ජන වුණා. දැන් මාධ්‍ය නිදහස නැතුව තිබ්බේ. අපි දුන්නම අපිට එළව එළවා ගහනවා. ඒත් අපිට නිදහස නැතිකරන්න බෑ. තියෙන්නේ ඕනේ චර්යාව හදාගන්න එක. ඒ වගේ දෙයක් තමයි මේ වෙන්නේ.
එදා වගේ නෙමෙයි හැම තිස්සෙම වර්ජනනේ?
ඔව්. එදා වගේ නෙමෙයි විසඳුමක් නැතිවුණ ගමන් එළියට බහිනවා. ඒ අර නිදහස නිසා. දුම්රිය වර්ජනයත් එහෙමයි. මම මැදිහත් වුණා. ඒත් එයාලා එළියට බැස්සා. මමත් වෘත්තීය සමිති නායකයෙක් හැටියට දන්නවා. එළියට බැස්සට පස්සේ ආයිත් හැරෙන්න බෑ කියලා. ක්‍රමවේදයක් තියෙනවා. දැන් බලන්න එදා උතුරේ පිකටින් තිබ්බද? දැන් තියෙනවා. ඒ නිසා මම නම් බලන්නේ පුදුම ආස්වාදයකින්.
ඔබලා සතුටු වෙනවා. හැබැයි හැමෝම බණින්නේ පාලනය හොඳ නෑ කියලා?
එහෙම තමයි බණ්ඩාරනායකටත් කිව්වේ. දැන් බලන්න මහජනයා නැගී සිටිනවා රජය වෙනුවෙන්. ඉදිරියට ඔය වෛද්‍ය වර්ජනවලටත් ඔය ටික තමයි වෙන්නේ ගම් මට්ටමින්. මිනිස්සු නැගී සිටිනවා. මිනිස්සු හිතනවා එයාලට ලැබුණු නිදහස බුක්ති විඳින්නේ මෙහෙමද කියලා. ඒ නිසා ඉහළට ගිහින් පහළට බහිනවා. හැබැයි ඒ බණින්නේ බයෙන් නෙමෙයි. යම් හික්මීමකින්.
ඒත් මේ දේවල් අස්සේ ඔබලා එපා කියලා එළවපු රාජපක්ෂලා දැන් ජනතාව ඉල්ලනවා. ඡන්ද ප්‍රතිඵල වලින් පේනවා?
ඇත්තටම එතනදිත් බලන්න මම කිව්වනේ. මැතිවරණයට කලින් අපි දෙගොල්ලෝ එකතුවෙලා ඉල්ලන්න ඕන කියලා. එතකොට යූ.ඇන්.පී. එකේ අය කිව්වා අපේ එහෙම තීන්දුවක් නෑ කියලා. හේතුව මේ අය හිතනවා ආණ්ඩුවක් හදලා ඇමැතිකම් ලැබුණම සදාකාලික ඇමැතිවරු කියලා. හැබැයි ඒ අය දන්නේ නෑ තවත් පැත්තක් තියෙනවා කවදා හරි වැටෙන්න කියලා. ඒ විපක්ෂය. අපි දන්නවා එන දවස වගේම යන දවසත්. අපි යන තැනත් තීරණය කරලා තමයි දේශපාලනය කරන්නේ. අනිත් අය හිතන්නේ ආවා ආවාමයි කියලා.
එජාපය බැලුවේ ඒ වෙලාවේ තනි බලයක් ගන්න?
ඔව් ඒ අය බැලුවා ශ්රීලනිපය දෙකට කඩලා ඒකේ වාසිය ගන්න. ශ්‍රී ලංකා අයත් ඔය වගේම හිටියා. අන්තිමට මොකද වුණේ. දෙගොල්ලම පරාද වුණා. හැබැයි දෙගොල්ලෝ එකතු කරාම දිනුම්. දැන් පිළිගන්නවා හැමෝම එකතු වුණා නම් හොඳයි කියලා.
හැබැයි අපි දැකලා තියෙනවා හිටිය නායකයෝ කැපිලා යනවා. ඒත් මහින්ද රාජපක්ෂ එන්න එන්න උඩට එනවා?
මහින්ද රාජපක්ෂ කියන්නේ වෙනම වෙළඳ භාණ්ඩයක්. තව කෙනෙකුට කොච්චර උත්සාහ කළත් මහින්ද රාජපක්ෂ වෙන්න බෑ. ඒක ඔහුට විතරයි. හැබැයි බලන්න අපි ජනවාරි 08 සටන කළේ දේශප්‍රේමීත්වය විකුණලා නෙමෙයි. ප්රජාතන්ත්රවාදය ගැන කතා කරලා. ඒ නිසා අපි දිනුවා. මතක තියාගන්න හෙටත් අපි දිනනවා ඒ ගැන කතා කරලා. ඒකට හේතුව අපිට දැන් තියන්නේ නිර්මල ඡන්ද. ඒවා කාටවත් වෙනස් කරන්න බෑ. එදා වෙනස් කළා. 88 ප්‍රේමදාස මහත්තයා දින්නේ එහෙම. 1999 චන්ද්‍රිකා කුමාරතුංග දින්නේ බෝම්බෙන්. ඒත් අපි එන්නේ නිර්මල ඡන්දවලින්. අපි සියයට 29 පටන්ගත්තේ. ඉතුරු සියයට 21ත් අපි ගන්නවා. මේවා පටලවා ගන්න නරකයි.
ඒ වුණාට රාජපක්ෂවරු ටික ටික පාර්ලිමේන්තුවේ ශක්තිමත් වෙනවා. ශ්‍රීලනිපයේ අයත් යනවා?
ඔවුන් කොහොමද ශක්තිමත් වෙන්නේ. එදා ජනපතිකම ඉල්ලපු මහින්දලා අද ඉල්ලන්නේ විපක්ෂනායක කම. ගෝල්ෆේස් එකේ රැලි තිබ්බ මිනිස්සු අද විහාර මහාදේවි පාර්ක් එකේ රැස්වීම් තියන්නේ. එතකොට කොහොමද වර්ධනයක්.
ඉතිහාසයේ ඔබම කියලා තියෙනවා මහින්ද කියන්නේ හොඳ ශක්තිමත් විපක්ෂ නායකවරයෙක් කියලා?
ඔහු සංවේදී දේශපාලකයෙක්. ඔහු දේශපාලන ගණන් හදන්නේ රට වෙනුවෙන් නැති වුණත් තමන්ගේ ව්‍යාපාරය වෙනුවෙන්. එයාට රටක් වැඩක් නෑ. එයාට සංවේදී ඇහැක් තියෙනවා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒකයි එයාගේ සාර්ථකත්වය. දැන් බලන්න ත්‍රස්තවාදයෙන් රට මුදවාගෙන දෙවැනි මැන්ඩෙලා වෙන්න ගිය අවස්ථාව අයින් කරගෙන එයා මුගාබේ කෙනෙක් වුණා. ඔය දෙන්නම වීරෝධාර මිනිස්සු. ඒත් ගියේ පාරවල් දෙකක.
ඒත් ඔවුන් ඊළඟ සටනටත් රාජපක්ෂ කෙනෙක් දාන්නේ. ඔහු හිටපු ආරක්ෂක ලේකම්?
අපිට තියෙන සහ ගන්න පුළුවන් හොඳම අපේක්ෂකයා ගෝඨාභය. ගෝඨාභය කිව්ව ගමන් චිත්‍රපට තුනක් හතරක් විතරයි පෙන්නන්න ඕන මේ රටේ. සුදු වෑන්, මාධ්‍යවේදීන්ගේ සිද්ධි පෙන්නුවම ඇති. අපිට කතා කරන්න ඕනෙත් නෑ. කුමාර වෙල්ගමගේ කෑල්ලකුත් දැම්මම ඇති. පහසුවෙන් දිනන්න පුළුවන්.
විපක්ෂය කියන්නේ ජනතාවගේ ඉල්ලීම ගෝඨාභය වැනි නායකයෙක් කියලා?
මහින්ද රාජපක්ෂ දන්නවා ගෝඨාභයට දිනන්න බෑ කියලා.
ඔබලා ඇතුළු හැමෝම ජනාධිපතිවරණයක් පස්සේ දුවන්නේ. කාටවත් රටේ ප්‍රශ්න මතක නෑනේ?
පැහැදිලිවම. හැබැයි මතක තියාගන්න ජනවාරි 08 ඡන්දය පුද්ගලයෙක්, ආණ්ඩුවක් වෙනස් කරන්න දුන්න ඡන්දයක් නෙමෙයි. විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව දේශපාලන කලකිරීමත් එක්ක ගොඩනගපු දෙයක්. මට මතකයි මම කතා කරද්දි මට එදා පෙනුණේ ටී ෂර්ට්, ජීන්ස්, ඩෙනිම් ගහගත්ත ළමයි අපේ කතා අහන්න හිටියේ කියලා. එදා හිතුණා අපි දිනනවා කියල. අන්න මේ පිරිස අද කලකිරීමෙන් ඉන්නේ. මොකද ඒ අය බලාපොරොත්තු වුණේ මේ වෙනස නෙමෙයි. ඔවුන් අපි හිතනවටත් වඩා වෙනසක් බලාපොරොත්තු වුණේ.
ඒක කරගන්න බැරිවුණා ඔබලට?
අපිට සියයට 50ක් වත් කරගන්න පුළුවන් වුණා නම් ඒ ළමයින්ට නැවත කතා කරන්න තිබ්බා. ඒත් අපි රොටිය හදාගෙන යනවා නමුත් හරියට පිච්චෙන්නේ නෑ. හැබැයි අපි ප්රජාතන්ත්රවාදය ඇති කළා. අපිත් සමඟ ජනාධිපති වෙනකල් විවේචනය කරන්න පුළුවන් නිදහසක් හදා තියෙනවා. ඔබලටත් දැන් එහෙම පුළුවන්. සියලු ආයතන දේශපාලන හස්තයෙන් නිදහස් කළා. මැතිවරණ පවා. ඒ නිසයි අපි පරදින්නත් හේතුව. හැබැයි මේ සියලු දේවල් අස්සේ කිරි කළේට ගොම බින්දු වැටුණා. පාටත් ටික ටික වෙනස් වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමාගෙනුත් බලාපොරොත්තු වුණේ අලුත් දෙයක්. ඒත් සමහර දේවල් කෙනෙක්ට බලාපොරොත්තු විය නොහැකි දේවල් සිදුවුණා. දැන් බලන්න බැඳුම්කරය වගේ සිද්ධියක් ආවා නම් වෙන ආණ්ඩුවකට මෙච්චර දෙයක් වෙන්නේ නෑ.
ඉස්සරහට එන්නේ ජනාධිපතිවරණයක්ද පළාත් සභා මැතිවරණයක්ද?
ජනාධිපතිවරණයක් එන්නේ නෑ. අලුත් ව්‍යවස්ථාවක් හදාගන්න පුළුවන් වුණොත් ඉස්සෙල්ලා එන්නේ ජනමත විචාරණයක්. අපිට ඒක ඒකාන්ත වශයෙන් ජයගන්න පුළුවන්. පළාත් සභා ඡන්දයෙන් අපි දිනුම්. කිසි වෙනසක් නෑ.
අපි කිව්වේ කවුද?
පක්ෂ දෙකම. එදාට ජනතා විමුක්ති පෙරමුණයි, ටී.එන්.ඒ. එකත් එකතු වෙනවනේ. හැබැයි රාජපක්ෂලාගේ ඡන්ද ටික සියයට 48 ඉඳලා සියයට 36 දක්වා පල්ලම් බැස්සා.
ජනාධිපතිවරයාත් නැවත ජනාධිපතිවරණයට ලෑස්තියි කියලා පක්ෂයේ අය කියනවා. ඔහු ඉල්ලුවොත් ඔබ මොකද කරන්නේ?
ඉස්සෙල්ලා බලන්න ඕන එතුමා ඉල්ලනවද? ඉල්ලන්නේ කොයි විදිහටද කියන එක. එතුමා පහට වැඩිය ඉන්නේ නෑ කිව්වා. ඒ වගේම ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වා. අගමැතිතුමාටත් බෑ. ඔහුත් කිව්වා මේ දේවල් ඉවත් කරනවා කියලා. එතකොට බලපුවම ඉස්සරහට එන්න ඕනේ අගමැති සටනක්. ඒක සිදු නොවුණත් ඔය එක්කෙනෙක්ටවත් බෑ කොටසකින් ආවොත්. ඒ නිසා ඉස්සෙල්ලා ඔක්කොම එකතු වෙන්න ඕන. ඊට පස්සේ ඒ කඳවුරට එන්න ඕන විශ්වාසය කඩ නොවුණ ආකර්ෂණීය නායකයෙක්. ඔන්න ඔය කරුණු දෙක සම්පූර්ණ කරගත්තොත් ප්‍රශ්නයක් නෑ.
ඔබේ කඳවුරේ එවැනි නායකයෙක් ඉන්නවද?
ඉන්නවා කීප දෙනෙක්.
ඔබත් ඒ අතර ඉන්නවද?
ඔව්. කට්ටිය කියනවා නම් මම හෝ වෙනත් කෙනෙකු හෝ එකතුවෙන් සටනක් අරගෙන යන්න ඕන.
►ගයාන් ගාල්ලගේ