2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

රස්තියාදුව

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

ඇළ පාරේ පාලම උඩ
හැමදාමත් හැන්දෑවට
සරං කොටේ ඇඳගත් අය
අඳුර සමඟ පිළිසඳරක...

එංගලන්තේ මහ රැජනට
දැන් අවුරුදු අනූවක්ලු
ඩයනා කුමරිය මැරුණේ
රජ පවුලෙම අය නිසයිලු...

බුලත් හපේ හප කරමින්
රසමුසු තැන් ගැන කියමින්
රට හදන්න කතා කරන
පුංචි සබේ කතා ගොඩයි...
පාලම උඩ රණ්ඩු ගොඩයි...

බියර් විස්කි සංස්කෘතිය
දේදුනු පාලම් සිහිනය
රැඩිකල් ෆැෂනින් තියරිය
කරපින්නා උජාරුවට
ලිව්වලු ෆැන්ටසි මාකට්
රස්තියාදු බජාර් කතා
අක් මුල් සිඳ වැඩි මඟ ලෝ...
දොහොත් මුදා වඳින හිතට...
පුද දෙන තිලොනා මුනිඳුට...    

බෝදාගම සුමන හිමි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00