සිතුවෙමි.... මතක
අමතක වුණායැයි....
නමුදු.... අද රාත්‍රියේ
වේගයෙන් හමා ආ වැහි කෝඩයක,
ප්‍රථම වසත් අකුණු සර සමඟ
නැවත පැමිණ ඇත....
ඒ සියලු මතක....
සිහිකරමි....
පොළොව මත වදිමින් අකුණු සර
අහස මත අදිමින් විදුලි එළි
හමා යද්දී කුණාටුව....
අප නතර වී උන්
අඳුරු මාවත....
මතකයි....
පසු කර යන බස් රථ
එහෙ මෙහෙ පැද්දුනා....
වීදි එළි කැළල් අතරින්,
කුඩා රිදී රළ, තදින් අවුදින් වදින,
නදියක් වූ නිසාවෙන් වීදිය....
ඒ රාත්‍රියේ....
කිසිදා නුඹේ දෙතොල් නොකියූ,
බොහෝ දේ පැවසුවා,ඔය නෙතු....
චණ්ඩ වසත් වැහි හා අකුණුසර අතර
වියරු විය.....ප්‍රභාත්මක විය....
මගේ හෘදය....
සිතුවෙමි....මතක
අමතක වුණායැයි....
නමුදු....අද රාත්‍රියේ
වේගයෙන් හමා ආ වැහි කෝඩයක,
ප්‍රථම වසත් අකුණු සර සමඟ
නැවත පැමිණ ඇත
ඒ සියලු මතක....
අමෙරිකානු කිවිඳියක වන Sara Teasedale විසින් රචනා කරන ලද කවියකි..
පරිවර්තනය - අනුත්තරා කොඩිකාර