2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

පිංවන්තියේ

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 85

අන් ලොවක් වෙත පායලා
ඇගේ පුන්සඳ හිනැහුණා
අව සඳක් මට පෙන්වලා
සැණින් ඉවතට ඉගිලුණා

ඔබට මා දුන් දුක් සුසුම්
පාව යාවිද යළි ඉතින්
කමන්නට ආ මුත් සොවින්
සොමි සඳක් වැනි වත දකිම්

කෙලෙස් සයුරින් අත් මිදී
යන මඟට ඔබ නොම සැලී
එකතු වන්නට හිත හැදී
මේ ලොවේ මට පිං මදී...

අසංක ගයාන් අබේසිංහ