2018 ජුනි 30 වන සෙනසුරාදා

තුණ්ඩු දෙක

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 67

මිනිසුන් කණ්ඩායමක් (ගෝත්‍රිකයන් නොවේ, ශිෂ්ටාචාරගත වූවන්ය.) නියැඳියක් ලෙස ගෙන පර්යේෂකයකු පොඩි අත්හදාබැලීමක් කර තිබෙනවා. එහිදී ඔහු මේ කණ්ඩායමට කඩදාසි කැබලි ලබාදී ඒවායේ තමන් ජීවිතයේ වඩාත් ආදරය කරන කාරණා ලියන ලෙස ඉල්ලා තිබෙනවා. 

අනතුරුව ඒ හැමදෙනා අසලම කුණු දමන භාජනයක් තබා ක්‍රමානුකූලව තමන් අත්හැරීමට කැමති දේවල් අනුපිළිවෙළට එම කුණු භාජනයට දමන ලෙසත් ඉල්ලා තිබෙනවා. එසේම එසේ ඉවත දමන්නට අකමැති දෙයක් වෙයිනම් පමණක් එය අතේ රඳවාගන්නා ලෙසත් ඔහු ඉල්ලා තිබෙනවා. 

මේ හැමදෙනාම තමන්ගේ ගෙදර, වාහනය, වෘත්තීය පමණක් නොව බිරිය දරුවන් පවා කුණු කූඩයට දමා තිබෙනවා. නමුත් අවසානයේ 95%ක දෙනා අත ඉතිරිවී තිබුණේ කොළ කැබලි දෙකක් පමණයි. 
පර්යේෂකයා ඒ කොළ කැබලි එකතුකර දිගහැර සභාවට පෙනෙන සේ එය චුම්භක පුවරුවක රඳවනවා.

එහි ලියා තිබී ඇත්තේ මොනවාද?

එක් කොළ කැබැල්ලක සිය “ආගම”. අනෙක් කොළ කැබැල්ලේ “ජාතිය”.

කපිල එම්. ගමගේ