2018 ජුනි 17 වන ඉරිදා

මහනුවර පොත් ප්‍රදර්ශනය ජුනි 27 අැරඹේ

 2018 ජුනි 17 වන ඉරිදා, පෙ.ව. 12:12 211

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මගින් සංවිධානය කරනු ලබන &මහනුවර පොත් ප්‍රදර්ශනය 2018* ජුනි මස 27 වැනි දින සිට ජූලි මස පළමු වැනිදා දක්වා උදෑසන 9 සිට රාත්‍රී 7 දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. දිවයිනේ නන් දෙසින් පැමිණෙන පොත් ප්‍රකාශකයන්ගේ අලෙවිසැල්වලින් සපිරැණු මහනුවර පොත් ප්‍රදර්ශනය මෙවරත් සුවිසල් විෂය පරාසයකින් යුත් ග්‍රන්ථ රාශියකින් සමන්විතය. ආගමික, සාහිත්‍ය, අධ්‍යාපනික, නවකතා, ප්‍රබන්ධ නොවන යන ප්‍රභේදයන් යටතේ අති විශාල ග්‍රන්ථ ප්‍රමාණයක් ප්‍රදර්ශනයේ ඇතුළත් වන අතර ඒ සඳහා 20෴ දක්වා වට්ටම් ලබා දීමට එම ප්‍රකාශකයෝ සූදානමින් සිටිති.
සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ මෙහි ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි. ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ සරසවි පොත් ප්‍රකාශකයෝ, අකුර ප්‍රකාශකයෝ, එම්. ඩී. ගුණසේන සහ ගොඩගේ පොත් ප්‍රකාශකයන් විසිනි. මහනුවර පොත් ප්‍රදර්ශනය සඳහා විජිත යාපා පොත්හල, ආශිර්වාද ප්‍රකාශකයෝ, පැන්තර් සහ වාසනා ප්‍රකාශකයන් රන් අනුග්‍රාහකත්වය සපයන අතර මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් ආයතනය මගින් ලබා දීමට නියමිතය. කඳුරට ගුවන් විදුලි සේවය - ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නිල ශ්‍රව්‍ය මාධ්‍ය දායකත්වය ලබාදෙන අතර නිල සන්නිවේදන සහකරැ වශයෙන් නෝර්ත්වුඩ් කන්සල්ටින් පුද්ගලික සමාගම කටයුතු කරයි. මෙම කර්තව්‍ය සඳහා සම සංවිධාන දායකත්වය දක්වන්නේ කැන්ඩි සිටි සෙන්ටර් සමාගමයි.


එපමණක් නොව ප්‍රදර්ශනය ආරම්භක දින සිට අවසාන වන තෙක්ම සාහිත්‍ය කෙත පෝෂණය කරන්නට මතු උරැමකම් කියන්නා වූ දූ දරැවන්ගේ සෞන්දර්ය හැකියාවන් ඔප් නංවනු වස් ඉදිරිපත් කිරීම් රාශියක් වැඩසටහන් පෙළගැස්මේ ඉදිරියෙන් පවතී. 


මෙම ප්‍රසාංගික ඉදිරිපත්කිරීම් අතරතුර ශ්‍රී ලාංකේය ග්‍රන්ථ සාහිත්‍යයේ හෙට දවස පිළිබඳ විද්වත් කතිකාවන් කීපයක් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.