ගැස්සුනත් හිටිගමන්
නොහිතාපු තැනකදී
මුලු ඇඟම ගල් කරන්
සිටින්නෙමි සීරුවෙන්
ඉසිඹුවක් දෙනු රිසින්
බෙල්ල යන්තම් හැරව්වෙන්
ඇස ගැටුනි ලෙලදෙනා
සිංහ කොඩි දෙක තුනක්.
තේජසින් ඔද වැඩි සිහරජු,
අතේ ඇත කඩුවක්.
සසර කලකිරී ඇති මගෙ,
ඩෙනිමෙ ඇත කොපුවක්
සිංහයා දෙස බලමි මම හොඳින්
බැලින්නම් ඌ ඉන්නෙ එක පයක් උස්සමින්
ඌත් මං වගේමයි,
මං ඉන්නේ තනි කකුලකින්,
හැබැයි හොඳටම සීරුවෙන්.
පහසුවෙන් ඉන්නට බොහෝ හිතයි මට
එහෙත් නැත ඉස්පාසුවක්
වටේ ඉන්නා හතර පස්දෙන,
ඇලී ඇඟටම නැත ඉඩක්.
ගෙල මුලින් උත්පාදවී
ගලායයි ඩා බිඳක්
පිට මැදදි වුණා එය,
සිහින් ඩා දිය ගඟක්,
දිගින් දිගටම ගලාවිත්
බේරේවි එය දෙකකුල් දිගෙත්
එය නිවන්නට සුළං රැල්ලක්
වැරදිලාවත් නැත ඇඟ සිඹින්නේ.
ගැස්සුනා හිටිගමන්
නොහිතාපු තැනකදී
වටේ හිටි හතර පස්දෙන
නොවේ විතරක්, තවත් මහ ජන ගඟක්
දිව ගියා හනි හනික
බනිස් කෑමේ තරගයට මෙන්.
ගෑනු දුවත් සාරිය උස්ස ගනිමින්
පිරිමි දුවත් මග දිග වෙට්ටු දමමින්
උන් හනික දිව් නිසා
නිදහස මට පැමිණියා
සීරුවෙන් හිඳුමට තවත් ඕනෑකමක් නැත
හරි තුටින් පා දිගැදුනා..
ලෝකයේ ඇති ලොකුම සන්තෝසෙ
කකුල් දෙක දිග අරින එක මිස
වෙනින් මොන බක්කක්ද ?
ගැස්සුනත් හිටිගමන්
නොහිතාපු තැනකදී
යළි ගමන් ඇරඹුවා
අප රුහුණු කුමාරී...
►දසුන් සිල්වා