2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

බලන් ඇස් ඇර

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

ඉරිතලා ගිය බිමට
දිය පිරුණු මහ වැවට
වහින එක දිය බිඳට
හූල්ලන මිනිසුනේ.....

රට පුරා මහ මුහුද
සාරවත් මහ පොළොව
නිසි කලට මහ වැස්ස
බලන් ඇස් ඇර මිනිසුනේ

රටපුරා නටබුන්ය
හෙළයාගේ අභිමන්ය
දැක නෑර මේ සෑම
හදවතින් දරමිනේ.......

වකුටු කොඳු කෙළින් කර
නිදි පැදුර අහක් කොට
මත්වතුර නොබී තිත
ගොඩනගයි නුඹේකම......

- බෝදාගම සුමන හිමි

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00