2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා

නුඹේ නමින් පාරමී පුන්නම්

 2018 සැප්තැම්බර් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 71

නමකුත් තියන්
නුඹ එනකල් බලන්
අවුරුදු ගණන්
ගෙවිලා ගිහින්

හීන මල් පරවී වැටෙයිදෝ
පැතූ පැතුමන් සුළඟෙ යාදෝ
අපේ ලෝකෙට නුඹ වඩීදෝ
දෙගිඩියාවෙන් තවම ඇයිදෝ

කුස යහන සැපසේ තනන්නම්
නුඹෙ නමින් පාරමි පුරන්නම්
සියලු දේ මම අත්හරින්නම්
අද හෙටක හරි නුඹ එනවනම්

හීන ගෙනෙන නුඹ දූ කුමරියදෝ
මගේ ලොවට නුඹ පුත් රුවනක්දෝ
ඒ කොයි කවුරුන් වුණාහම ඇයිදෝ
අපේ ලොවේ නුඹ කිරුළු පළන්දෝ

කවිකාරී