2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා

පොඩි එකා රිද්දපු උන්...

 2018 ඔක්තෝබර් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

හුඟක් අය රිද්දපු
මගේ හිත ගාව
නුඹ
නොරිද්දා නතරවෙයි
සිතුවාට,
නුඹත් රිද්දුවා
මගෙ හිතම
අනිත් උන් තරමටම
නැතුවාට..
ඒත්,
ඒ පිහි පාරවල්
හැම එකකටම
වැඩියෙන්
මට
රිඳුණෙ
නුඹේ
නියපොතු පාර

කවිකාරී