2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

කොමන් මෑන්ලාගේ ගෝරිය

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:03 154

පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියාකරන මිනිසුන් පිරිසක් හැඳින්වීම සඳහා භාවිතා කළ හැකි වචනය වන්නේ කණ්ඩායමක් යන්නයි. කණ්ඩායමක් අවශ්‍ය වන්නේ පුද්ගලයන්ට තනි තනිව ළඟා කරගත නොහැකි අරමුණු සහ ඉලක්ක වෙත ළඟාවීම සඳහාය. ජාතියක් යනු මෙලෙස සංවිධානය වූ පුද්ගල කණ්ඩායමකි. පුද්ගලයන්ට මෙන්ම ජාතියකට අරමුණු හා ඉලක්ක ඇති අතර එම ඉලක්ක වෙත ළඟාවීමට ජාතියක් ලෙස සංවිධානය වීම අත්‍යවශ්‍යම කරැණකි. ජාතික රාජ්‍ය බිහිවන්නේ ජාතියක් මුල් කරගනිමින් ශක්තිමත් රාජ්‍යයන් නිර්මාණය කරගැනීමේ අභිලාෂයන් වෙනුවෙනි. යුරෝපයේ බොහෝ රාජ්‍යයන් ජාතික රාජ්‍යයන් වනවිට අමෙරිකාව වැනි බහුවාර්ගික රටවල් වාර්ගික ජන විවිධත්වය තුළ ජාතිකත්වයක් නිර්මාණය කරගැනීමට සමත් වූයේ ඒ සඳහා වැඩපිළිවෙළක් තම රට තුළ ක්‍රියාත්මක කිරීම නිසාවෙනි. melting pot concept හා salad bawl concept වැනි සංකල්ප නිර්මාණය වන්නේ මෙම ජාතිකත්වය ගොඩනැගීම වෙනුවෙනි. ලෝකයේ රටවල් අතර ජාතිකත්වය ඇති කරගත් ජාතීන් ඉතා ඉක්මනින් තම අරමුණු කරා හෙවත් සංවර්ධනය කරා ගොස් ඇත්තේ කණ්ඩායමක් ලෙස වැඩ කිරීම නිසාවෙනි. අතීත වර්තමාන මෙන්ම අනාගත යන කල් ත්‍රිත්වයම තුළ ක්‍රියාත්මක විය හැකි ලෙස ජාතිකත්වය ගොඩනැගීම අවශ්‍ය.ය පොදු අතීතයක් පොදු වර්තමානයක් හා පොදු අනාගතයක් වෙනුවෙන් වෙහෙස විය හැක්කේ පොදු හැඟීම තුළිනි.

මධ්‍යධරණී මුහුදෙ නැගෙනහිර වෙරළේ ඇති බටහිර ආසියානු රටක් වූ වර්ගකිලෝමීටර 20770ක් වූ කුඩා රාජ්‍යය ලෙබනනය, සිරියාව, ඉජිප්තුව, ජොර්දානය යනු මුස්ලිම් රටවලට මායිම්ව පිහිටා ඇති. යුදෙව් රාජ්‍යයකි. 1948 පමණ මෑතකදී උපදින මෙම රටේ විශේෂත්වය වන්නේ දැඩි ශුෂ්ක කලාපීය භූමියක් වීමයි. ජල හිඟය ප්‍රධානම සතුරා වන අතර භූමියෙන් 20%ක් පමණ කාන්තාරවේ. ශුෂ්ක දේශගුණයක් සහිත මේ බිමේ උරුමය ලබන්නේ තම ශුද්ධ වූ ලියවිල්ල වූ බයිබලයෙන් උරුම වූ ශුද්ධ වූ භූමියක අයිතිය වෙනුවෙනි. තම ශුද්ධ වූ දේශය වෙනුවෙන් රටවල් ගණනාවක පිටස්තරයින් ලෙස ගැරහුම් ලබමින් දුක්ඛිත ජීවිත ගතකිරීමට යුදෙව්වන්ට සිදුවූයේ ජේසුස්වහන්සේ  පාවාදීමේ චූදිතයින් ලෙස ලැබුණු හංවඩුව නිසාවෙනි. ජර්මනියේ මිලියන පහක් පමණ යුදෙව්වන් වධකාගාරවල මිය යන්නට සිදුවීමත් වෙනත් රටවල ගැරහුම් ලබමින් ජීවත් වීමටත් සිදුවීම නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය නමින් රටක උරුමය ලබන්නට යුදෙව්වන්ට හැකිවිය. කාන්තාර සහිත මෙම ශුෂ්ක භූමිය දෙව්යන්ගේ භූමිය  වූ බැවින් දෙවියන්ට මෙන් ඔවුන් මෙම භූමියට ගරු කළහ. මේ නිසා දශක කීපයක් යන විට යුදෙව්වන් ලෝකයේ බලවත්ම රාජ්‍යයන්වලින් එකක් මෙම කුඩා ශුෂ්ක බිමිකඩ තුළ ඉමහත් අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ඉදිකළහ. දෙවියන්ගේ රාජ්‍ය දෙවියන් වෙනුවෙන් ඉඳිකළ යුත්තේ දෙවියන් නොව මිනිසුන් බව ඔවුන් ඔප්පු කර පෙන්වූහ.

මොවුන් වෙනස් කරනු ලැබූයේ ලංකාවේ භුමියෙන් හතරෙන් එකක්වන් ශූෂ්ක භූමියක් පමණක් නොවේ. ලෝකය වෙනස් කර ඇත්තේ ලෝකය තුළ වෙසෙන මිලියන 12ක් පමණ වන යුදෙව්වන් කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ. විසිවැනි සියවසේ බුද්ධිමතා වූ ඇල්බට් අයින්ස්ටයින්ගේ සිට සිග්මන් ප්‍රොයිඩ්. ස්පිල්බර්ග් සිනමාවේදියාත් අප අද හොඳින්ම දන්නා මාර්ක් සකර්බර්ග් ද අයත් වන්නේ ද මෙම යුදෙව් සම්භවයට වීම විශේෂත්වත්යකි.

යුදෙව්වන් ලෝකය පුරා විසිරී සිටිමින් තම අරමුණ හා ඉලක්ක වසර සිය ගණනක් ආරක්ෂා කර ගනිමින් සිටිනවා පමණක් නොව අවසානයේ ඊශ්‍රායලය නම් කුඩා රටට විත් ලෝකයේ. ප්‍රබල ජාතියක් බවට පත්වෙනවා. මුස්ලිම් රටවල්වලින් වටවුණු ඊශ්‍රායලය  තම රට මෙන් 650 ගුණයක් විශාල මැදපෙරදිග රටවල් එකතු වී කළ ආක්‍රමණයන් සුනුවිසුනු කර දමන්නේ ජාතිය තුළ ඇති ජවය හා බුද්ධිය තුළිනි. අදටත් ඊශ්‍රායලය පවතින්නේ ඔවුනගේ යුදමය හා තාක්ෂණික ශක්තිය නිසාවෙනි.

විස්මිත ජයග්‍රහණයන් නිර්මාණය කරගත හැක්කේ ජාතියක් ලෙස එකතුවීමෙන් මිස භූමියෙන් විශාල වීමෙන් නොවන බව ඔවුහු අපට කියා දෙති. වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් ඇති රටක වියළි කලාපයේ නියඟයට පමණක් මිනිසුන් නියං ආධාර පතන විට එවැනි දේශගුණයක් ඇති ඊශ්‍රායලයේ ලෝකයේ දියුණුම ජල සම්පාදන ක්‍රමයන් ඇති රටක් ලෙස තම හැකියාවන් සොබාදහම ජයගැනීම වෙනුවෙන් යෙදවීය. ඔවුන් බිම සිට පාලනය කරන ඩ්‍රෝනා යාත්‍රාවලින් වගාවන්ට පොහොර ඉසිමින් සිටිති. සොබාදහමට විනකරනු ලබන්නේ දුර්වල ජාතීන්ට අයත් මිනිසුන්ටය. සොබාදහම  සොබාදහමට අවනතව යටත් කරගත් ජාතීන් ප්‍රකෘතිය ජයගනිමින් නව ලෝකයක් නිර්මාණය කර ඇත.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවර්ධනයට වියදම් කළ මුදල්වලට හම්බන්තොට සමස්ත භූමියම වැසිය හැකි බව කියවේ. එහෙත් සංවර්ධනයේ අරුණැල්ලවත් නොමැතිව ලතවෙන අපේ රටේ වියළි කලාපීය මිනිසුන්ට හා නායකයින්ට ඊශ්‍රායලය කියා දෙන්නේ සොබාදහම වෙනස් කරගත් හැකි මාවත් මිස අන්යමක් නොවේ.

ගල්වලින් වැසීගිය භූමියේ ගල් ඉවත් කරමින් පස මතු කරගත් පසු වගාව සඳහා ජල සම්පාදනය හා කාෂිකර්මයේ නව අත්හදාබැලීම් මෙන්ම තාක්ෂණික භාවිතය ඊශ්‍රායලයේ  කෘෂිකාර්මික අංශයේ දියුණුවේ පදනම් විය. ලෝකයේ හොඳම ජල සම්පාදන ක්‍රමයන් බිහිකරන්නේ ජලය හිඟ මෙරට වැසියන්ය. ගැටලුවලින් නිවැරදි පිළිතුරු නිෂ්පාදනය කරන්නේ වෙනස්ව සිතිය හැකි මිනිසුන්ය.

වසර දෙදහස් පන්සීයක සිට ලෝකයේ හොඳම වාරි කාර්මිකයන් සිටින මිහිමත පාරාදීසය ලෙස වර නැගුණු අපිට පිල්ටර් කළ වතුරවත් නැති වන්නේ අපේ අරමුණු හා ඉලක්ක ජාතියක් ලෙස නිර්මාණය කරගැනීමට අපිට තිබූ නොහැකියාව නිසාවෙනි. දෙවියන්ගේ භූතයන්ගේ සිට මළවුන්ටත් බටහිර නැගෙනහිර උතුරු දකුණු ආක්‍රමණිකයන්ටත් වගකීම් පවරමින් තමා උපන් භූමියට තමන්ගේ ඇති වගකීම අතහරින මිනිසුන් කෙසේ ජාතියක් ලෙස ගොඩනැංවිය හැකිද යන්න නැවත නැවතත් සිතිය යුතු ගැටලුවකි. නූපන් පොළොවකට ආදරය කරමින් ඊශ්‍රායලය නිර්මාණය කළ පරම්පරාවන් උපන් පරම්පරාව වෙත ශක්තිමත් දේශයක් දායාද කළහ. අප හා උන් අතර ඇති වෙනස වන්නේ මෙයයි. උපන් දේශයට ආදරය නොකළ අපේ මිනිසුන් අනාගතයට රැගෙන ගියේ කෙබඳු රටක් දැයි ඒකපුද්ගල ණයගැතිභාවය ඔබට පසක් කරනු ඇත.

අනිවාර්ය හමුදා පුහුණුව තුළ ගොඩනැගෙන විනයත් අධ්‍යාපනය තුළින් ඇතිකරන බුද්ධිමය ප්‍රබෝධයත් නව නිර්මාණශීලීත්වයත් සමඟ වෙලුණු ජාතිකත්වය විසින් වසර හැත්තෑවක් වයසැති ඊශ්‍රායලය ලෝකයේ බලවත්ම යුද ශක්තිය, ආර්ථීක ශක්තිය  ඇති රටක් බවට පෙරළා ඇත. මුස්ලිම් රාජ්‍යයන්වලින් වටව ඇති මෙම යුදෙව් රාජ්‍ය සියළු සතුරන් මැද සාමකාමීව පවතින්නේ ඔවුන් සතු ශක්තිය නිසාවෙනි. ලෝකයේ කිසිඳු රටක් තවත් රටක් දියුණු කිරීමට උපදෙස් නොදෙනු ඇත. එක් රටක සමෘද්ධිය රැඳී ඇත්තේ තවත් රටක දියුණුව තුළ නොවන බව ලෝකයේ බලවත් රටවල් බොහෝ කලකට පෙර තේරැම්ගත් සත්‍යයකි. එහෙයින් ඔවුන් කියන පරිදි රටවලට උපදෙස් දෙන්නේ තමන්ගේ රට සංවර්ධනය කරන ලෙසයි. මෙම උපදෙස් අනුව දියුණුව කරා ගිය එකදු රටක්වත් ලෝකයේ නැත. අප තේරැම් ගතයුතු සත්‍යයක් නම්  ඔවුන් හැම රටක් සංවර්ධනය කරගෙන යාමට නම් එම රටේ ක්‍රමවේදයන් මිස වෙනත් රටවල උපදෙස් නිෂ්ඵල බවයි. බළලා මීයන් අල්ලන්නේ නම් මැටියෙන් වුවද කම් නැත. ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන ණය බරින් මිදී කතා කළහැකිය. දැන් අවශ්‍යව ඇත්තේ එවැනි චින්තනයකි. එම චින්තනය බටහිර රට නැගෙනහිරට නොගැලපිය හැකි වුවද අපට ගැලපිය හැකිය. මේ මොහොත පෙර දැනුම අමතක කර අලුත් දැනුමක් නිර්මාණය කිරීමේ විළිරැදාවක් ජාතියක් ලෙස අපට ඇවැසි මොහොතකි.
 
වජිර කාන්ත උබේසිංහ 

 

 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00