2020 මැයි 30 වන සෙනසුරාදා

ඉදිරි දින 90තුළ කොරෝනාවේ පෙරැළියක්

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 326

මෙම වසර තුළ ඡායා චන්ද්‍රග්‍රහණ 4ක් සිදුවන අතර එයින් දෙවැනි ඡායා චන්ද්‍රග්‍රහණ 2020 ජූනි මස 6 වැනි ශනි දින සිදුවනු ඇත. බුධට අයත් දෙට නැකතේ දෙවැනි පාදයේදී සිදුවන ඡායා චන්ද්‍රග්‍රහණයේදී මධ්‍යය 6 වැනි ශනි දිනට එළිවන5 වැනි කිවිදින රාත්‍රී 12 පසුවී විනාඩි 56ට වේ.

මෙම ඡායා චන්ද්‍රග්‍රහණය හේතුවෙන් අප රටට මෙන්ම ආසියාතික රටවලට ද අයහපත් වූ බලපෑම් ඇතිවනු ඇත. විශේෂයෙන් ඉදිරි දින 90ක් යනතුරු මෙහි අයහපත් බව ඇති වේ. අප රට තුළ මෙන්ම ආසියාතික රටවලද පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය තවතවත් වැඩි වර්ධනයක් ද ඇතිවීමත්, කාලගුණික විපත්ද දැඩි ලෙස ඇති වීමෙන්ද, හදිසි ජල ගැලීම් ද ඇතිවන කාලයක් ද වේ. භූමියට සිදුවන විපත් වැඩිවන අතර භූමියේ සෙලවීම් ද, ඉන්දුනීසියාව, චීනය, ඉන්දියාව යන රටවල් ආශ්‍රිතව භූචලන ද ඇති වේ. මේ කාලයේ රිට්ටමාපක 8ට ආසන්න භූචලන ද ඇතිවනවා ඇත.

මේ කාලය තුළ දේශපාලන නායකයකුට මාරක වේ.

මේෂ - ලෙඩ රෝග
ඔබට යහපත් නොවන කාල වකවානුවකි. ඔබගේ කටයුතුවලට බාධාවීම් ඇති වන අතර හදිසි ශරීර පීඩා ලෙඩ රෝග ඇතිවනු ඇත.

වෘෂභ -  සතුරු උපද්‍රව
හවුල් කටයුතුවල නිරත වී සිටින අයගේ කටයුතු දෙදරා යන කාලයක් බැවින් අවධානයෙන් කටයුතු කරන්න. සැඟවුණු සතුරු උපද්‍රව ද ක්‍රියාත්මක වන කාලයක් වේ.

මිථුන - දුර ගමන්
ඔබගේ කටයුතුවලට ද විවිධ වූ බාධා ඇතිවන අතර දුර ගමන් යෙදෙන මුත් ඵල නොලැබෙන අතර පවුල් දිවියේ ද ප්‍රශ්න ඇතිවන කාලයක් වේ.

කටක - අධ්‍යාපනයට බාධා
ප්‍රේම සම්බන්ධතාවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති වන කාලයක් වේ. අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අයට ද බාධා ඇතිවන අතර දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට ද අයහපත් වන කාලයකි.

සිංහ - සේවා ගැටලු
කෘෂි කාර්මික කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන කාලයක් වේ. තම සේවා ස්ථානය ආශ්‍රිතව ද ප්‍රශ්න ගැටලු පැන නගින කාලයක් වේ.

කන්‍යා - කෙටි ගමන්
තම සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවන කාලයක් වේ. කෙටි ගමන් අධිකව යෙදෙන වකවානුවකි. සන්නිවේදන කටයුතුවලට වැඩිපුර කාලය යොදවනු ඇත.

තුලා - ආර්ථික බාධා
පවුල් දිවියේ සමගිය පළුදු වන කාලයකි. ආර්ථික අපහසුතා ඇති වන කාලයක් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවීමෙන් ප්‍රතිකාර ගැනීමට ද සිදුවනු ඇත.

වෘශ්චික - ව්‍යාපාරික පාඩු
අන් අයගේ උපදෙස් නොසලකා ක්‍රියා කරන කාලයකි. ශරීර ශක්තියට ද බාධා වීම් ඇති වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයට පාඩු ලබන කාලයක් වේ.

ධනු - හදිසි ගැටලු
ඔබගේ කටයුතුවලට බාධාවීම් ඇතිවන අතර දුර ගමන්වලින් හදිසි ප්‍රශ්න හා පීඩා ද ඇතිවනු ඇත. පවුල් දිවියේ සමගියට ද බාධා වීම් ඇතිවනු ඇත.

මකර - ආදායම් අඩුවේ
දේශපාලනික කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වූ බලපෑම් ඇතිවන කාලයකි. හවුල් කටයුතුවල නිරත අයට ද අයහපත් වේ. ආදායම් ලැබීම් මාර්ගවලට ද බාධා ඇතිවන කාලයකි.

කුම්භ - ඉවසීම හොඳයි
ඔබ කුමන රැකියාවක නිරත වුවද එම රැකියාව පිළිබඳ ප්‍රශ්න ඇතිවන අතර ඉවසීමෙන් කටයුතු කළ යුතු වේ. කෘෂිකාර්මික කටයුතුවල නිරත අයට ද ඵල අත්නොවන කාලයකි.

මීන - පවුලේ මතබේද
කෙටි ගමන්වලින් අයහපත් ඵල ගෙන දෙන වකවානුවක් වන අතර වැඩිමහල් සහෝදර සහෝදරියන් සමඟ මතභේද ඇතිවන කාලයක් ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල