2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අපරාධකරුවන් නීතියේ රැහැනට

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 102

ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාගේ නිවස වූ මේෂ රාශියෙන් නික්ම තමාට සම රාශි භවනක්වූ වෘෂභ රාශියට 2017 අප්‍රේල් 13 වන ගුරු දින පාන්දර හතර පසුවී විනාඩි දොළහට පිවිසේ. වෘෂභ රාශියෙහි රවිට අයත්වූ කැති නැකතේ දෙවන තුන්වන හතරවන පාදවලත් සඳුට අයත්වූ රෙහෙන නැකතේ සම්පූර්ණවත් අඟහරුටම අයත්වූ මුවසිරස නැකතේ ප්‍රථම හා දෙවන පාදවලත් මැයි මස 27 වන ශනි දින පාන්දර එක පසුවී විනාඩි හතළිස් දෙක දක්වාම ගමන් කරනු ඇත.

ආරක්ෂක අංශ විසින් අපරාධකරැවන් නීතියේ රැහැනට වැඩි වශයෙන් හසු කරගනු ලබන වකවානුවක් වනු ඇත. පාර්ලිමේන්තුව ආශ්‍රිතව කැළඹිලි සහගත තත්ත්වයක් ඇති වන අතර මන්ත්‍රීවරුන් අතර වාද විවාද පැනනගී. වාණිජමය ගොඩනැගිල්ලක් ගිනි ගැනීමකට ලක්වනු ඇත. විදේශ ආයෝජනයක් සම්බන්ධ ප්‍රශ්නයක් ඇතිවේ.

විදේශීය වශයෙන් ඇති වන බලපෑම සැලකීමේදී තම රටවල හමුදා ශක්තිය වැඩිකිරීම සඳහා මූල්‍යමය වියදම් වැඩිකරන වකවානුවක්වේ. ඔරුවක් පාරුවක් යාත්‍රාවක් ගිනිගැනීමට ලක්වීමක් හෝ පෙරළීමක් වාර්තාවනු ඇත. විද්‍යස්ථානයකට හෝ විනෝදස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වනු ඇත. මූල්‍ය ආයතන බැංකු ආශ්‍රිතව අශුභ සිදුවීම් වාර්තාවේ.

මේෂ - හදිසි කේන්තියක්

ඔබගේ දේ රැකගෙන කටයුතු කිරීමට පෙළඹෙන වකවානුවක්වේ. හදිසි කේන්තිගති ඇතිවනු ඇත. මිතුරන් නිසා යම් යම් ප්‍රශ්නවලට මැදිවීමට සිදුවේ. තමන් කිරීමට යන කටයුතු සඳහා විවිධ බාධක ඇතිවේ.

වෘෂභ - හිමිකම් ලැබේ

උරුම හිමිකමක් අපේක්ෂාවෙන් සිටි අයට එම හිමිකම ලැබෙනු ඇත. සිත නිතර කෝප ගතියෙන් යුක්තව ක්‍රියාකරනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටින අයහපත් වූ වකවානුවක් වන අතර පාඩු ලැබීම් ඇති වනු ඇත.

මිථුන - සතුරන් පරදී

පවුල් ජීවිතයේ සමගියට බාධා වීම් ඇතිවනු ඇත. තමන්ට එරෙහි සතුරු බලවේග පරාජයට පත්කිරීමට හැකිවනු ඇත. අලුත් අය තමා සමඟ හිතමිත්‍රකම් ඇති කරගනී. සහෝදරයන් සමඟ සිත් අමනාපකම් ඇතිවේ.

කටක - ලිංගික ආකර්ශනය

තමන්ට ඇති ප්‍රශ්න අමතක කර කටයුතු කරන වකවානුවක්වේ. අනවශ්‍ය දෙයකට මුදලක් වියදම් වනු ඇත. විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වනු ඇත. භූමිය හා රථ වාහන ආශ්‍රිත රැකියාවල නිරත අයට වාසිදායක වනු ඇත.

සිංහ - අන්අයගේ ආදරය

රැකියාවේ තිබූ කරදර මගහැරී යන වකවානුවක්වේ. හදිසි කේන්තිගති ඇතිවේ. අන්අයගේ ආදරයට පිළිගැනීමට ලක්වේ. තමන්ගේ බලාපොරොත්තුවක් ඉෂ්ඨ කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

කන්‍යා - තැතිගැනීම් ඇතිවේ

ඔබට මිශ්‍රඵල අත්වනු ඇත. ඔබ අලුතින් සිදුකරන කටයුතු සඳහා වැඩි ප්‍රතිඵලයක් ලබාගත නොහැකිවේ. යම් යම් හේතු නිසා තැතිගැනීම්වලට ලක්වනු ඇත. තම සහෝදරයන් සමඟ සිත් අමනාකම් ඇතිවේ.

තුලා - කටයුතුවලට බාධා

ඔබට එතරම් යහපත් නොවනු ඇත. තමන් කරන කටයුතුවලට බාධා වීම් ඇතිවේ. හිතමිතුරන්ගෙන් තමාට ප්‍රශ්න ඇතිවනු ඇත. තම කලත්‍රයාට හදිසි ශරීර පීඩාවක් ඇතිවේ. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත්වේ.

වෘශ්චික - පවුල් දිවියේ ගැටලු

ව්‍යාපාරික කටයුතුවල නිරතවී සිටින අයට යහපත් නොවනු ඇත. විශාල ලෙස මුදල් යොදා කටයුතු සිදුකිරීම මෙම කාලවකවානුව තුළ නොකළ යුතුවේ. පවුල් දිවියේ සමගියට බාධා වීම් ඇතිවනු ඇත.

ධනු - අධ්‍යාපනයට හොඳ නැහැ

ඔබට යහපත් ඵල අත්වනු ඇති. නමුත් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටිනම් යහපත් නොවේ. තමන්ට එරෙහි සතුරැ කරදරවලට නොබියව ඉදිරිපත් වනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීවන්න.

මකර - භූමියේ වැඩට හොඳයි

විරඅද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනයට ලක්වනු ඇත. හදිසි කේන්ති ගති ඇතිවනු ඇත. හිත මිතුරන්ගෙන් යම් යම් ප්‍රශ්න ඇති විය හැක. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට යහපත් ඵල අත්වනු ඇත.

කුම්භ - නව රැකියා ලාභ

හදිසි කේන්ති ගති පාලනය කරගෙන කටයුතු කළ යුතුවේ. උරුම හිමිකම් ලබාගැනීමට යහපත් කාලවකවානුවකි. නව රුකියා අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

මීන - නොබියව ඉදිරියට

සහෝදරයන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරීවිය යුතුය. සිත් අමනාකම් ඇති වනු ඇත. යම් යම් කටයුතු සඳහා නොබියව ඉදිරිපත්වේ. සතුරැ කරදර සඳහා නැගිසිටින අතර සැඟවුණු සතුරැ කරදර අනාවරණය කරගත හැකි වනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ 
පර් ෙය්ෂණයතනය 
ඔලබොඩුව, ගෝනපල.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00