ඕනෑම රටක ජනගහණයෙන් සැලකිය යුතු කොටසක් කිනම් වර්ගයක හෝ සූදු ඔට්ටුවලට ඇබ්බැහිවී සිටින්නේ නැතැයි කිසිවෙකුට කිව නොහැකිය. සූදුව ද කොටස් දෙකකට බෙදෙයි. ලොතරැයි දිනුම් එක් වර්ගයකටත් තුරඟ තරග හෝ වෙනයම් ඔට්ටු ඇල්ලීම් (එංගලන්තය වැනි රටවල ක්‍රීඩාවෙනුත් ඔට්ටු අල්ලයි) අනිත් වර්ගයට අයත් වෙයි. රේස්, බූරු සහ වෙන යම් ඔට්ටු වර්ග කෙසේ වෙතත් ලොතරුයි පතක්වත් මිලදී නොගන්නා කෙනෙකු සොයාගත නොහැකිය. ඒ තරමටම ජනතාව සූදුවට ඇබ්බැහිවී සිටී. සූදු අතර කැසිනෝ වැනි මහා පරිමාණ නම්බුකාර සූදු ද ඇත.
තමාගේ ඡන්ම පත්‍රයේ ග්‍රහ පිහිටීම නිතරම ලොතරුයි ගන්නෙක්ද නැද්ද යන්න පෙන්වයි. නමුත් සෑමදාම හෝ සතියකට වරක් හෝ මිලදී ගන්නා පලියටම එයින් වාසියක් වෙයිද යන්නද ග්‍රහයින්ම පෙන්වා දෙයි. ලොතරුයි වේවා, බූරු, තුරඟ තරග ඔට්ටු හෝ වේවා. මේ දෙකම අයත් වන්නේ හදිසි මුදල් වාසි යන වර්ගයටයි. ඒ මෙයින් මේ වර්ග දෙකටම පොදු වශයෙන් 8 වෙනි භාවයේ ග්‍රහයන් භාව නිවේදකයින් වීම වැදගත් වේ.
අපි පළමුවෙන් ලොතරැයි අංශය ගනිමු. මෙහි ඇති සීරීමද බූරු ගැහිල්ල හා සමාන බව මතක තබාගත යුතුයි. පරමාර්ථ වශයෙන් රටේ සංවර්ධනයට දායකවීම වෙනම කතන්දරයකි. ලොතරැයි ගැනීම 3වන භාවයෙන් පෙන්වයි. නමුත් ගන්නා පළියටම දිනුම් නොපෙන්වයි. ලොතරැයි ගන්නා සමහරැ නිතර නිතර සුළු වශයෙන් ද තවත් සමහරු විශාල වශයෙන් ද මුදල් දිනති. ලොතරුයි ගන්නා සෑම දෙනාටම සැමවිටම ජය අත්වේ නම් එම ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යා නොහැක. ඒ නිසා ජය ලබනවාට වඩා පරාජය ලැබීම අධිකය.
ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට අනුව 3 වන භාවයේ උප අධිපති ලොතරුයි ගැනීම පෙන්වයි. ඔහුට කොයියම් අවස්ථාවක හෝ දිනුමක හිමිකමක් ඇත්නම් එම තුන්වන භාවයේ උපපති 3, 8, 2, 6 සහ 11 නිවේදනය කළ යුතුය. කෙනෙකුගේ කේන්දරයක කොතරම් ධනයෝග තිබුණ ද ඉහත සඳහන් භාවවලට අදාල ග්‍රහ පිහිටීම් නොමැති නම් ලොතරැයි දිනුම ලැබීමට අපහසුය. නමුත් ධනයෝග නිසා වෙනත් මූලාශ්රමවලින් මුදල් ඉපැයිය හැකිය.
2, 6, 3, 8, 11 භාවවලට සම්බන්ධ එවැනි ලොතරැයිවලින් මුදල් ඉපයීමේ හැකියාව පෙන්වයි. එවා සුළු හා මධ්‍ය හෝ සුවිශාල වියහැකිය.
විශාල වශයෙන් මුදල් දිනන්නෙක් ද නැත්නම් සුළු වශයෙන් දිනුම් ලබන්නෙක් ද යන්න 2, 6 සහ 11 භාවවල ප්‍රබලත්වය මත තීරණය වේ.
අනික් කාරණය නම් එවැනි දිනුම් හැමදාම නොලැබෙන බවයි. 2, 3, 8, 11 භාවයන්ගේ දසකාල ක්‍රියාත්මක විය යුතුය. එවැනි පිහිටීම් ඇති තැනැත්තාට 2, 6, 11 දසා, අන්තර් දසා, විදසා හා සූක්ෂම දසා දුවන කාලයට ලොතරැයි දිනුම්වල මුදල් ලැබීම ක්‍රියාත්මක වෙයි. මන්දයත් 2, 6, 11 ප්‍රතිවාදීන් පරදා තමාට ආදායම් ලැබීම පෙන්වන හෙයිනි.
මීළඟට තුරඟ තරග හා වෙනත් ඔට්ටු දැමීම අංශය ගැන සලකා බලමු. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමය අනුව 5 වන භාවයේ උප අධිපති මෙවැනි සූදුවලට පෙළඹීම පෙන්වයි. විශේෂයෙන් රාහු, කුජ වැනි ග්‍රහයන් මේ සඳහා ප්රමුඛ වේ. සමහරු දිනපතා රේස් ඔට්ටු අල්ලති. හැමදාම පරදිති. 5හේ උපඅධිපති 5, 8, 12ත් ප්‍රබල ලෙස නිවේදනය මෙවැනි පරාජයන්ට හේතු වේ. 5, 6, 2, 10 නිවේදනය කරන විට සාමාන්‍ය වශයෙන් දිනයි.
5, 8, 12ත් නිතරම පරාජය පෙන්වන බව ඉහතද කියන ලදී. නමුත් කෙනෙකුගේ 5 උපඅධිපතියා 5ත් 6, 11, 12 නිවේදනය කරන විට සිදුවන්නේ කුමක් ද? එවැනි අවස්ථාවක සිදුවන්නේ 6, 11ත් නිවේදනය වන දසා, අන්තර්, විදසා හා සූක්ෂම දසාවල දිනුමත් 5, 12ත් දසා කාලවල පරාජයක්ය. භාව 12ත් හැමවෙලේම තමාට වාසිදායක භාව වන්නේ 1, 2, 3, 6, 10 සහ 11යි. 5 සමඟ 7, 8, 9, 12 ජන්මියාට අවාසියම පෙන්වයි. එම නිසා ඉහත සඳහන් භාව ප්‍රබල ලෙස නිවේදනය කරයි නම් එවැන්නක් සූදු ඔට්ටු තුරඟ තරග ආදිය නතර කළ යුතුය.
කොයිතරම් ප්රබලව ඒ සඳහා ග්‍රහ පිහිටීම් තිබුණද, හැමදාම දිනන කෙනෙකු නැති බව පෙරකී කරැණුවලන් වටහා ගත යුතුය. ඒ නිසා තමාගේ දිනුම් වාර කොයි අවස්ථාවේ වැඩිපුර ලැබෙන්නේද යන්න බලාගත යුත්තේ ඉතා ප්රවේශමෙනි.
එම නිසා කෙනෙකුගේ ඡන්ම පත්‍රය පරීක්ෂා කර ලොතරුයි වසනා කොයි අවස්ථාවලදී දැයි දැනගැනීම අපහසුවක් නැත. ඡන්මියා කළ යුත්තේ එම වකවානුවල පමණක් එයට යොමු වීමයි.
ජ්‍යොතිෂවේදී,
පානදුරේ, රෝහාන් වීරරත්න,
“සිතුමිණ* දුම්රියපළ පාර.