2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

ලෝක නායකයකුට මාරකයක්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

ග්‍රහලොව රජ වූ සූර්යා හෙවත් රවි 2018 පෙබරවාරි මස 13 වැනි කුජ දින පාන්දර 2.48ට තමාට සතුරු රාශි භවනක් වූ සෙනසුරුට අයත් කුම්භ රාශියට පිවිසෙයි. කුම්භ රාශියෙහි අඟහරුට අයත් දෙනට නැකතේ තුන්වන හතරවන පාදවලත් රාහුට අයත් සියාවස නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් වූ පුවපුටුප නැකතේ ප්‍රථම දෙවන තුන්වන පාදවලත් 2018 මාර්තු 14 වැනි බුධ දින රාත්‍රී 11.43 දක්වාම ගමන් කරනු ඇත.

රවි කුම්භ රාශිගතවීම අප රටට ඇතිකරන්නා වූ බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීමේදී මහජනතාවගේ සෞඛ්‍යයට බාධා එල්ලවන අතර පාලක පක්ෂයට පාලන කටයුතු කරගෙන යාමට බාධා සිදුවේ. මහජන විරෝධතා, උද්ඝෝෂණ ඇතිවනු ඇත. රාජ්‍ය ප්‍රධානියකුට හදිසි ආපදා, රෝග පීඩා ඇතිවේ. ගමනාගමන හෝ ගුවන් සේවා ප්‍රධානියකුට ද අපල ඇතිවේ. විදේශීය රාජ්‍ය ප්‍රධානියකුට, නායකයකුට හෝ මහජන නියෝජිතයකුට මාරක වන අතර විනෝද ස්ථාන, සමාජ ශාලා ආශ්‍රිතව ද අශුභ සිදුවීම් ඇතිවනු ඇත.

මේෂ - දේශපාලනයට හොඳයි

ඔබට යහපත් ඵල අත්වනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වන නමුත් යම් යම් කටයුතුවල ප්‍රමාද ගති ද ඇතිවීමට ඉඩ තිබේ.

වෘෂභ - රැකියා ගැටලු ඉවතට

ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. රැකියා ස්ථානයේ පැවති ගැටලු මඟහැරී යන වකවානුවක් වේ. සිතේ සහනය අඩුවනු ඇත. දුර ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

මිථුන - විදේශ ගමන්

ඔබට කෙටි ගමන්වලින් වාසි අත්වනු ඇත. දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල ලැබේ. උසස් අධ්‍යාපන කටයුතුවලට විදේශගත වීමේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

කටක - විවිධ බාධා

එතරම් යහපත් නොවනු ඇත. ඔබ කරන කටයුතුවලට විවිධ බාධා ඇතිවන අතර යම් යම් කටයුතු අතපසු වී යනු ඇත. ඇස් ආශ්‍රිත පීඩාවක් ගෙන දේ.

සිංහ - හවුලට යහපත්

පවුල් දිවියේ සමගියට බාධාවීම් ඇතිවන අතර හවුල් කටයුතුවල නිරත වී සිටින අයට යහපත්ය. කෙටි ගමන් ද විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

කන්‍යා - සතුරන් එළියට

ඔබට එරෙහි සතුරු බලවේග අනාවරණය කරගත හැකිවන අතර ගමන්වලින් හදිසි ශරීර පීඩා ඇතිවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිවන අතර ඇස් ආශ්‍රිත පීඩාවක් මතුවේ.

තුලා - ආර්ථික ගැටලු

ඔබගේ වැඩ කටයුතුවල ප්‍රමාද ගති ඇතිවනු ඇත. දේශපාලන කටයුතුවල නිරත අයට ශුභ ඵල ලැබේ. හවුල් කටයුතුවලට බාධාවන් ඇතිවනු ඇත. ආර්ථික ප්‍රශ්න ඇතිවේ.

වෘශ්චික - රැකියා ලැබේ

යම් යම් ප්‍රශ්න හේතුවෙන් සිතේ සහනය අඩුවනු ඇත. අන් අයගේ ප්‍රශ්නවලට මැදිවීමේදී කල්පනාකාරී වීම වැදගත්ය. සේවා ස්ථානයේ ගැටලු මඟහැරී යන අතර නව රැකියා බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

ධනු - නව නිර්මාණ

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ශුභ ඵල අත්වන අතර ලේඛන කටයුතුවල නිරත අයට ද නව නිර්මාණ බිහිකිරීමට හැකිවන වකවානුවක් වනු ඇත.

මකර - සිතේ සහනය අඩුයි

ඔබගේ උත්සාහයට ලබන්නා වූ ඵලය අඩු වකවානුවක පවතින අතර යම් යම් ප්‍රශ්න හේතුවෙන් සිතේ සහනය අඩුවනු ඇත. ආර්ථික ගැටලු ද ඇතිවන අතර ඇස්වල පීඩා මතුවේ.

කුම්භ - කැපීපෙනේ

අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. සිතේ සහනය අඩුවන අතර දුර ගමන්, විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

මීන - නීතිමය ගැටලු

ඔබට අයහපත් ඵල අත්වන අතර නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ගමන්වලින් ද පීඩා මතුවනු ඇත. ආර්ථික ප්‍රශ්න ඇතිවන අතර සතුරැ බලවේග ද ඔබට එරෙහිව ක්‍රියාත්මක වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00