දූෂිත ක්‍රියා, නීති විරෝධී ක්‍රියා, කුමන්ත්‍රණ හා ක්ෂණික නොසිතූ විපර්යාස ඇති කිරීමට සමත් වූ නැප්චූන් ග්‍රහයා සිකුරැ හා බුධ ග්‍රහයාත් සමඟ යුද සංග්‍රාමවල නිරතවනු ඇත. 2018 පෙබරවාරි 21 වැනි බුධ දින සිකුරු ග්‍රහයා සමඟ හා 2018 පෙබරවාරි 25 වැනි ඉරු දින බුධ ග්‍රහයා සමඟ නැප්චූන් මෙසේ යුද වදිනු ඇත. ඒ සෙනසුරැට අයත් වූ කුම්භ රාශියෙහි රාහුට අයත් සියාවස නැකතේ 4 වැනි පාදයේදීය. බුධ ග්‍රහයාත් සිකුරු ග්‍රහයාත් නැප්චූන් ගමන් කරන්නා වූ එකම අංශකයක් තුළදී එකිනෙකා අභිබවා ගමන් කිරීමට යාම නිසා බුධ, සිකුරු, නැප්චූන් පීඩාවට පත්වීම හේතුවෙන් ග්‍රහයන්ගේ අයහපත් වූ ග්‍රහ කිරණ පෘථිවිය වෙත එල්ලවෙයි. මෙහි බලපෑම ඉදිරි දින 90 ක් යනතුරු පවතිනු ඇත.
අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී රජයේ පරිපාලන ක්‍රියා වෙනස් මඟකට පෙරලී යන අතර මහජනයා අතර අසත්‍ය පුවත් ප්‍රචලිත වනු ඇත. විදේශීය උපක්‍රමවලින් රජයට බලපෑම් ද ජාත්‍යන්තර කටයුතු සම්බන්ධ ප්‍රශ්න ද රටට ඇතිවන අතර ඇතැම් ක්‍රියාවලට එරෙහිව මහජන විරෝධතා දැඩිව එල්ලවෙයි. රටේ සියදිවි නසාගැනීම් වර්ධනය වන අතර දාමරික ක්‍රියා ද ඉහළ යයි. ස්ත්‍රීන්ට හා කුඩා දරුවන්ට ඉතා අශුභ වකවානුවක් වන අතර අපරාධයක් සම්බන්ධ විශේෂිත වූ නඩුවක් පිළිබඳ උණුසුම් පුවත් මහජනයාට දැනගැනීමට ලැබෙන වකවානුවක් වනු ඇත.
මීළඟට ඔබට
මේෂ - ලැබීම් අවහිර
එතරම් බලපෑමක් ඇතිනොවූවද ඔබගේ ලැබීම් මාර්ගවලට යම් යම් අවහිරතා ඇතිවනු ඇත. ඔබගේ මිත්‍රයන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී විය යුතුය. නව මිත්‍රයන්, හවුල්කරුවන් ඔබ වෙත පැමිණෙන්නේ නම් ඒ පිළිබඳවත් කල්පනාකාරී වන්න.
වෘෂභ - කැපීපෙනේ
ඔබ කරන කටයුතු ආශ්‍රිතව යම් යම් ප්‍රශ්න පැනනගී. තම සේවා ස්ථානයෙහි වෙනසක් හෝ ස්ථාන වෙනසක් හෝ සිදුවනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට ඔබ පත්වන අතර තමාගේ සේවය නිතර අන් අයට වුවමනා වන වකවානුවක් වේ.
මිථුන - විදේශ සංචාර
ඔබට යහපත් ඵල අත්වන අතර කෙටි ගමන්වලින් වාසි අත්වනු ඇත. නිතර ආගමික කටයුතුවලට සම්බන්ධ වීමට අවකාශ ලැබේ. කෙටි විදේශ සංචාරයක් යාමට අවකාශයෙන් සිටියේ නම් එම බලාපොරොත්තුව ඉටුකරගැනීමට බාධා මතුවනු ඇත.
කටක - ශරීර පීඩා
ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත. හදිසි ශරීර පීඩා ඇතිවන අතර ජලය ආශ්‍රිත රෝගාබාධවලින් පරිස්සම් වන්න.
සිංහ - සමගියට බාධා
මෙම වකවානුව තුළ ඔබට ලැබෙන යෝජනා ගැන දැඩි විමසිල්ලක් දක්වන්න. පවුල් දිවියේ ද සමගියට බාධාවීම් ඇතිවනු ඇත. තමාගේ සිත පාලනය කරගනිමින් කටයුතු කළ යුතු වකවානුවක් වේ.
කන්‍යා - සතුරු බලවේග
කටයුතුවලට යම් යම් බාධා ඇතිවන වකවානුවක් වන අතර ඔබට එරෙහි සතුරැ බලවේග හිස ඔසවන්නාවූත් වකවානුවක් වේ. ගමන් යාමේදී යම් යම් ප්‍රශ්නවලට මැදිවිය හැකි බැවින් එම ගමන් සීමා කිරීම හොඳය.
තුලා - විදේශගතවීම්
විරුද්ධ ලිංගික ආකර්ශනයට ඔබ පත්වනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ බාධා මතුවීම හේතුවෙන් ආර්ථික අපහසුතා පැනනගින වකවානුවකි. වන්දනා ගමනක් යාමට හා විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටියේ නම් එම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.
වෘෂ්චික - සිතේ ප්‍රශ්න
ඔබගේ නිවසේ අලුත්වැඩියාවක් හෝ නව ඉදිකිරීමක් සිදුකිරීමට යහපත් වකවානුවක් මෙන් ඔබට සිතුණද මෙම වකවානුව තුළ එම කටයුතු කිරීමෙන් වළකින්න. ඔබගේ සිතට යම් යම් ප්‍රශ්න ඇතිවන වකවානුවකි.
ධනු - මංගල යෝජනා
ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වන අතර විදේශ ගතවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. අවිවේකී වන වකවානුවක් ද වනු ඇත.
මකර - ආර්ථික අපහසුතා
ඔබගේ කටයුතු ඉටුකරගැනීමේදී විවිධ බාධාවලට මුහුණපෑමට සිදුවනු ඇත. ආර්ථික අපහසුතා තදින් ඇතිවන කාලයක් බැවින් අනවශ්‍ය වියදම් අඩුකරගත යුතු වකවානුවක් වේ.
කුම්භ - සතුරු බලවේග
විවිධ වූ ගැටලු හේතුවෙන් අවිවේකී වූ කාලයක් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී විය යුතුයි. ඔබට එරෙහි සතුරැ බලවේගයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් සිතට වදවීම් ඇතිවේ.
මීන - කටයුතු බාධා
ඔබට අයහපත් වන අතර ඔබගේ සියලු කටයුතුවලට බාධා ඇතිවනු ඇත. පවුල් දිවියේද සමගිය අඩපණ වන අතර දුර ගමන්වලින් ද ඵල අත්නොවනු ඇත.
ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් ෙය්ෂණායතනය
ඔලබොඩුව ගෝනපල