2018 ජුලි 16 වැනිදා රාත්‍රී 11.27ට පමණ රවි ග්‍රහයා සඳු හිමි කටකයට සම්ප්‍රාප්ත වන්නේය. ඒ මොහොත වන විට නැගෙනහිර ක්‍ෂිතිජයෙහි ගුරු හිමි මීන ලග්නය උදාවී තිබේ. එකී තත්කාල ලග්න කුණ්ඩලියේ පාර්ලිමේන්තු නිවේදක ස්ථානයේ අඟහරු ග්‍රහයා කේතු ග්‍රහයා සමඟ ද රාජ්‍ය ස්ථානයේ සෙනසුරු ග්‍රහයාද ස්ථාපිත වී සිටී.
මෙකී ග්‍රහ තත්ත්වය රාජ්‍ය පාලකයන්ට පමණක් නොව පාර්ලිමේන්තුවටද අහිතකරය. කිසිදා නොවූ විරූ අන්දමේ වාද විවාද, කලකෝලාහල පාර්ලිමේන්තුව තුළ හටගැනෙනවා ඇත. මෙම කැළඹිල්ලේ දෝංකාරය දේශපාලන පක්ෂ කැඩී බිඳී යාමක් දක්වාම වර්ධනය වනු ඇත.
ගරු සේවාවන්හි නියැලී සිටින මැති ඇමැතිවරුන් පමණක් නොව නීතිය පසිඳලන විනිසුරු තනතුරු දක්වාම නින්දා අපහාස විපත්ති ආදිය ගලායනු ඇත. ඒ අතරට පූජ්‍ය පක්ෂයද මැදිහත් වේ. ඕනෑම ආගමක විවිධ නිකායවල් අතරද කාලීනව මතුවන නව ආගමික පිබිදීම් සමඟ අන්තවාදී කොටස් අතරින් විනාශකාරී ක්‍රමවේදයන් මතුවෙන ප්‍රවණතාවක් පවතී.
තත්කාල ලග්න කුණ්ඩලියේ පස්වැන්නේදී රාහුට ගොදුරැ වූ බුධ ග්‍රහයා එකොළොස්වැන්නේ සිටින කුජගේ දෘෂ්ටියෙන්ද දූෂණය වී සිටී. මෙම තත්ත්වය කලාවට යහපත් නැත. විශේෂයෙන් චිත්‍ර ශිල්පීන්ට මාරක අපල උදාකරන කාලයකි. ඒ වාගේම කිසියම් ටෙලිනාට්‍යයකට හෝ චිත්‍රපටයකට ඉතිහාස ගතවන නඩුවක් පැටලවීමටද ඇති අවදානම අධිකය.
මෙවැනි සූර්ය මාස මාරැ කේන්ද්‍රයක දෙවැන්නට අද්විතීය ස්ථානයක් හිමිවන්නේය. එය රටේ බැංකු ක්ෂේත්‍රය විදහාපාන ස්ථානයයි. මෙම තත්කාලයේදී එය මර්මස්ථානයක් බවට පත් වී ඇත. ඒ මන්ද යත් එහි යුරේනස් ග්‍රහයා තැන්පත් වීමය. එකී යුරේනස්ට පාර්ලිමේන්තු නිවේදක ස්ථානයේ නැත්පත් අඟහරුගේ දෘෂ්ටියද එල්ල වෙයි. මෙය බැංකු ක්ෂේත්‍රය අභියෝගවලට මුහුණදෙන පිහිටීමකි.
බැංකුවල උසස් නිලධාරීන් ප්‍රබල නීති කරදරවලට ගොදුරු වේ. බැංකුවල තැන්පත් මුදල් අතුරැදන්වීම්වලට ලක්වෙනවා ඇත. සමහර බැංකු ඈවර කෙරෙනු ඇත. රාජ්‍ය බැංකු පවා මේ කාල වකවානුවේදී ඉතාමත්ම සුපරීක්ෂාකාරීව කටයුතු කිරීමට වගබලාගන්නේ නම් මැනවි.
මෙකී රවි මාරැව ප්‍රබල පෙරළියක ආරම්භයක් බව පෙනේ. ඇත්තෝ නැති කරන්නටත් නැත්තෝ ඇති කරන්නටත් ග්‍රහයෝ කැසපට ගසති. බුද්ධිමත්හු තම තම නැණ පමණින් සුරුකෙන්නට කටයුතු කළ යුතු වීම වටී.