මෙම තත්ත්වය අප රටට බලපාන අයුරු සලකා බැලූවිට මහජන සුබසාධන ආයතන හා ආරෝග්‍යශාලා සඳහාත් පරිත්‍යාග ලැබීම් වැඩිපුර සිදුවෙයි. මෙය ආරක්ෂක අංශවල ක්‍රියාකාරී බවත් වීරත්වයත් විදහාපාන වකවානුවක් වන අතර රට තුළ අපරාධවල ඉහළ යාමක් ද කාන්තා හිංසන මරණවල ඉහළ යාමක් ද පෙන්වයි. මහජනයා රැස්වන ස්ථාන ගිනි ගැනීම් ද පතල් කඩා වැටීම් වැනි සිද්ධි ද භූමියේ හදිසි විපර්යාසයක් හෝ සෙලවීමක් ද ඇති වේ.
විදේශීය වශයෙන් විමසා බැලීමේදී අයර්ලන්තය, පර්සියාව, ආසියාතික රටවල ද, සයිප්‍රස්, ජෝර්ජියාවට ද යුධ කටයුතු වෙනුවෙන් වැඩි වශයෙන් මුදල් යෙදවීමට සිදුවන අතර ජාතික ආදායම් පහළ බැසීමක් ද වනු ඇත. බැංකු මූල්‍ය වෙළඳ ව්‍යාපාර ආශ්‍රිතව ත්‍රස්ත හා අපරාධ ක්‍රියාද වාර්තාවනු ඇත. අරාබියාව, රුසියාව, පෝලන්තය, ස්වීඩන්, ලිතිවේනියාව ආශ්‍රිතව රාජ්‍ය ප්රධානියකුට මාරක අපලයක් ඇතිවන අතර පාර්ලිමේන්තුව, රාජ්‍ය මන්ත්‍රණ සභාව යන ස්ථානවල හදිසි කැළඹීම් සිදු වේ. දේශපාලන පක්ෂ කැඩී යාමක් ද සිදුවනු ඇත.
ඇමෙරිකානු රටවල් මෙන්ම ඇල්ජීරියාව, ඊජිප්තුව, එංගලන්තය ආශ්‍රිතව ගොඩනැගිලි ගිනි ගැනීම්, ගමනාගමන රථ වාහන ගිනි ගැනීම් දුම්රිය අනතුරු කුඩා ගුවන් යානා අනතුරු ද සේවක වැඩ වර්ජන ගැටුම් ද ඇතිවනු ඇත. ඇල්ජීරියාව, ටියුනිසියාව, ස්කොට්ලන්තය, මුරිසියස්, තුර්කිය, ග්‍රීසිය, බ්‍රසීලය ආශ්‍රිතව භූමියේ හදිසි විපත් ද ජනතාව අතර රෝග ව්‍යප්ත වීම්ද වාර්තාවනු ඇත.
මීළඟට ඔබට
මේෂ - මංගල යෝජනා
ඔබගේ මතයට අනුව ක්‍රියා කිරීමෙන් හා තම මිතුරකු නිසා කරදරයට පත් වීමක් සිදුවනු ඇත. යම් යම් කටයුතුවලට බාධා ඇති වේ. අවිවාහක අයකු නම් තමාට පැමිණෙන මංගල යෝජනා ගැන එකවර තීරණයක් නොගන්න.
වෘෂභ - නීතිමය ප්‍රශ්න
නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාබ පාඩු විඳීම් සිදුවන අතර පවුල් දිවියේ ද යම් යම් මත ගැටුම් පැන නගිනු ඇත.
මිථුන - බොරු ආරංචියක්
දරුවන් ලැබීමට සිටින අය ප්‍රවේසම් වීම වැදගත්ය. තමන්ට එරෙහි සතුරු බලවේග මර්දනය කරගත හැකි වනු ඇත. බොරු ආරංචියකින් බියට පත්වනු ඇත.
කටක - ව්‍යාපාර දියුණුව
විරුද්ධ ලිංගික ආකර්ශනය ඇතිවන අතර අවිවාහක අයට මංගල යෝජනා ඉදිරිපත් වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට දියුණුව අත්වන අතර හවුල් කටයුතුවලින් ද ඵල ලැබේ.
සිංහ - කේන්ති ගති
නව දේපලක් මිලදී ගැනීමට හෝ උරුම හිමිකමක් ලබා ගැනීමට යහපත් වූ වකවානුවක් වේ. යම් යම් කටයුතු සඳහා විවිධ පාර්ශව මගින් බාධා ඇති කරනු ඇත. සිතේ හදිසි කේන්ති ගතියක් ඇති වේ.
කන්‍යා - ලිංගික ආකර්ෂනය
කාර්මික ක්ෂේත්රයේ නියැලි අයට යහපත් ඵල අත්වනු ඇත. විරුද්ධ ලිංගික ආකර්ෂනය ඔබට හිමිවන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර ද අත්වනු ඇත.
තුලා - භාණ්ඩ මිලට ගැනීම්
ඔබගේ දේ රැකගෙන කටයුතු කිරීමට උනන්දුවන වකවානුවක් වන අතර නිවසට අලුතෙන් කොටසක් එක් කර ගැනීමට හෝ නව භාණ්ඩ මිලදී ගැනීමට යහපත් වකවානුවක් වනු ඇත. පවුල් දිවියේ සමගියට බාධා වීම් ඇතිවනු ඇත.
වෘෂ්චික - මුදල් පාඩුවක්
නව නිර්මාණ බිහි කිරීමට යහපත් වන අතර අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. හදිසි මුදල් පාඩුවක් ඇති විය හැකි බැවින් ගනුදෙනුවලදී පරිස්සම් වන්න.
ධනු - උගුරේ පීඩා
පවුල් දිවියේ යම්යම් ගැටලු ගෙන දෙනු ඇත. බොරු ආරංචිවලින් බියට පත් වේ. තමන්ට එරෙහි සතුරැ බලවේග හඳුනාගත හැකිවනු ඇත. උගුර ආශ්රිත පීඩාවක් ඇතිවනු ඇත.
මකර - මූල්‍ය ලාභ
ඔබට යහපත් වන අතර හිත මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනු ඇත. මුදල් යොදා කරන කටයුතුවලින් ඵල අත්වනු ඇත. රථ වාහන ගැන කටයුතු කරන අයට මූල්‍ය ලාභ ලැබෙන වකවානුවක් වේ.
කුම්භ - රැකියාවෙන් ඉහළට
ඔබ කරන කටයුතුවල සාර්ථක වීමක් ද රැකියාවේ උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වීමක් ද වනු ඇත. යම් යම් කටයුතුවලට විවිධ පාර්ශවවලින් ඔබට බාධා ගෙනදේ.
මීන - ලොකු මුදල් පාඩුවක්
හවුල්කරුවන්ගෙන් හිත මිතුරන්ගෙන් ඔබට උදව් උපකාර අත්වනු ඇත. තම උත්සාහයෙන් වැඩ කටයුතු ඉටු කරගන්නා වකවානුවක් වන අතර විශාල මුදල් පාඩුවක් ද ලබනු ඇත.