ග්‍රහයන් සමඟ කර්මයද බලපානවා
දේශපාලනය යනු ගමක්, නගරයක්, පළාතක් හෝ රටක් පාලනය කිරීම, එසේ නැත්නම් එවැනි ජනතාවකට නායකත්වය දීම යනුවෙන් සඳහන් කළ හැකිය. ඊට අමතරව කිසියම් ජන කොට්ඨාශයක ප්‍රධානත්වය ගෙන ඒ අයගේ අවශ්‍යතා මුදුන්පත් කරගැනීමට අවශ්‍ය නායකත්වය, මඟපෙන්වීම ආදිය සලකනු ලැබේ. මේ සඳහා වන පළමු කාරණය වන්නේ මහජනතාවගේ සිත් දිනාගැනීම, විශ්වාසය ගොඩනගාගැනීම සහ ජනතාවගේ ආකර්ෂණය ලබාගැනීමට හැකියාව තිබීමය. ඕනෑම පුද්ගලයකු මෙලොව එළිය දකින අවස්ථාවේදීම ඒ පුද්ගලයා අනාගතයේ දී කවුරුන් වන්නේදැයි ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ආධාරයෙන් අනාවැකි පළ කළ හැකිය.
අද පමණක් නොව, ඉතා ඈත අතීතයේ පවා කිසියම් කෙනකු උපත ලබන වේලාව අනුව තිබෙන ග්‍රහ පිහිටීම් පරීක්ෂා කර බලා ඔහුට හෝ ඇයට හිමිවන සමාජ තත්ත්වය, ඉගෙනීම, ජීවිකා වෘත්තිය ප්‍රධාන වශයෙන් නිගමනය කර ප්‍රකාශ කර තිබෙන බව ඉතිහාසය පරීක්ෂා කිරීමෙන් අවබෝධ කරගත හැකිය.
විශේෂයෙන් දේශපාලකයකු බිහිවන්නේ කුමන ග්‍රහ පිහිටීම් මතද, ඒ තැනැත්තා කොපමණ ජන කොටසකට නායකත්වය දෙනු ඇත්ද, ඒ පුද්ගලයා අවිහිංසාවාදීව සාධාරණත්වය අගයමින් පාලනය කරයිද, එසේ නැතහොත් සැහැසි කෘෘර අන්දමේ පාලනයක් ගෙනයයි ද යන්නත් ග්‍රහ බලය අනුව තීරණය කළ හැකිය. කිසියම් ජීවියකු ඉපදවීම, ටික කලක් හෝ දිගු කලක් ජීවත් කරවීම, නැතිනම් පැවැත්වීම හා එම ජීවිතය අවසන් කරදැමීම යන කරුණු තුන සූර්යයා හෙවත් හිරුගේ කාර්යයි.
ඒ ආකාරයටම අනිකුත් ග්‍රහයන්ගේ බලපෑම් ද අනුව එම ජන්මියා කෙබඳු අයුරින් ජන මතයක් ගොඩනගාගනීද යන කාරණය ද තීරණය කළ හැකිවේ. දේශපාලනඥයකු වීමට තිබිය යුතු ප්‍රධාන ගුණාංග වන්නේ නිර්භීතකම, ඉදිරිපත් වීම, කාලවේලාව හෝ වෙහෙස නොබලා මිනිසුන් වෙනුවෙන් කටයුතු කිරීමයි.
ග්‍රහලෝකයේ දී සෙනසුරු ග්‍රහයා බොහෝවිට දුගී ජනයා නියෝජනය කරයි. රවි ග්‍රහයා සහ අඟහරු ග්‍රහයා බිය නැතිව ඕනෑම දෙයකට ඉදිරිපත් වීම, තම අරමුණ වෙනුවෙන් සටන්වැදීම ආදියට බලපැවැත්වෙයි. ඒ සඳහා අවශ්‍ය නිරවුල් බුද්ධිය බුධ ග්‍රහයා විසින් ලබාදෙයි. සිකුරැ ග්‍රහයා ස්ත්‍රීන්ගේ ආකර්ශනය ගෙන දෙන අතර බ්‍රහස්පති ග්‍රහයා ලෝකයාගෙන් ලැබෙන ගෞරවය, පූජ්‍යත්වය ගරු සැලකිලි ආදිය හිමිකර දේ. මේ අනුව බලන කල සෑම ග්‍රහයකුගේම බලවත් වීම අනුව පාලකයන් බිහිවේ. කේන්ද්‍රවල පිහිටන රාජයෝග යනුවෙන් හඳුන්වන ග්‍රහ පිහිටීම් නිසා එහි ග්‍රහ ගමන් අනුව දශා විදශා ආදී කරුණු ගැලපීමෙන් රජකු, ඇමැති කෙනකු, මන්ත්‍රී කෙනකු, සුළු පන්නයේ පාලකයකු හෝ නායකයකු බවට පුද්ගලයා පත්වෙයි.
ග්‍රහ ශක්තිය හා කර්ම ශක්තිය එකවිට බලවත් වීමෙන් පාලකයන් බවට පත්වන්නන්ගේ එම ග්‍රහ ශක්තිය හා කර්ම බලය බිඳවැටීමෙන් තම පාලනය, ගෞරවය අහිමි වී ඇතැම්විට සිරගතවීම් හෝ හදිසි මරණ පවා සිදුවන බව කීමට පුළුවන. ලංකාවේ පමණක් නොව ලෝකයේ එදා මෙදාතුර සිටි පාලකයන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කළහොත් මෙම කරුණුවල සත්‍යතාව සනාථ වේ.
තම පෞද්ගලික ධනය, කාලය, ශ්‍රමය වැයකර රට ගම වැඩූ දේශපාලකයන් පසුගිය කාලයේ අප රට සිටියද, වර්තමානයේ රට ගම නොව, තම තමන්ගේ සුඛවිහරණය මුදුන්පත් කරගැනීමට බොරැවෙන් මුලාවෙන් කළ නොහැකි දේ කියා මිනිසුන් රැවටීමට කටයුතු කරන දේශපාලකයන් බිහිවන්නේ ද ඉහත කී රවි, කුජ, ශනි ආදී ග්‍රහයන්ගේ අශුභ බලපෑම් ඉස්මතු වීමෙන් බව කිව යුතුය.
ඩී.ඩබ්.පී. ලියනගේ
ජ්‍යොතිෂවේදී
හෝකන්දර
සෙනසුරාගෙන් ලැබෙන බලය ප්‍රබලයි