ඔක්තෝබර් 18 වැනිදා සිට නීච වී සිටි රාජ්‍යකාරක රවි ග්‍රහයා නොවැම්බර් 16 වැනිදා ප.ව. 6.32ට සේනාධිනායක අඟහරැගේ වෘශ්චික රාශියට පැමිණෙයි. එවිට එකී රවි තෙමේ ලොව පුරා පසුගියදා මනස අවුල් කර දැමූ ක්‍රියාන්විතය වාග් මූලස්ථානය කරා ගෙන එන්නේය.
මේ නිසා දරුණු වාග් ප්‍රහාර රට පුරාම මිතුරැ මෙන්ම සතුරු කණ්ඩායම් අතරේද පැතිරී යනු ඇත.
රවි ග්‍රහයා සම්ප්‍රාප්ත වූ වෘශ්චික භවනය ලේ පිපාසිත කුජගේ වාසභවනයයි. මේ නිසා රට පුරා මාරක රිය අනතුරු මෙන්ම ගුවන් අනතුරැද බහුලකොට ලේ විල මැද ජනී ජනයා ඝාතනය කර දමන්නට රවි ග්‍රහයා පෙළඹෙනු ඇත.
එමෙන්ම වෙඩිතැබීම්, කැපීම් කෙටීම් මගින් විනාශකාරී තත්ත්වයන් මවන්නටද රවි ග්‍රහයා පෙළඹවීමට තේජෝ බල වෘශ්චික රාශිය විසින් ක්‍රියා කරනු ලබනවා ඇත.
නීච වී සිටි රවි ග්‍රහයා තුලා රාශියේදී රාජ්‍ය නායකයන්ගේද මනස අවුල් කළේය. එම තත්ත්වය විනාශකාරී ලෙස පතුරුවන්නට ක්‍රියා කරන නිසා ප්‍රබල ග්‍රහ අපල සහිත සෑම සියලු දෙනාටම විවිධ කරදර බාධක ගෙන දීමට නියමිතය. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය.
මේ නිසා මෙකී ව්‍යසනවලින් ජීවිත රැකගැනීම සඳහා ශ්‍රී ලංකාදීපය භාර මහා ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාණන්ට පුදපූජා, කන්නලව් සිදුකිරීම යහපත්ය.
වර්තමානයේදී ශ්‍රී ලංකාවද ඉතාම තදබල ලෙසම මෙකී විනාශකාරී ප්රවාහයට ගොදුරු කර රටේ දේශපාලන තත්ත්වයද අවුල් වියවුල් කරන්නට රවි ග්‍රහයා තවදුරටත් ක්‍රියා කරන්නේය.
මෙම රවි ග්‍රහයාගේ බලපෑම් නිසා පැවැති ආණ්ඩුව කඩාවැටී අලුත් ආණ්ඩුවක් නව පාලනයක් පිහිටෙව්වේය. එසේ වුවද එසේ පිහිටවූ ආණ්ඩුවටද විවිධ දුෂ්කරතාවලට මුහුණදීමට සිදුව ඇත. මේ සියල්ල සිදුවූයේ රවි ග්‍රහයා අඟහරැගේ වෘශ්චික රාශියට සම්ප්රාප්තවීම නිසාය.
විනාශකාරී ග්‍රහ බලය තේරුම් බේරුම් කරගැනීමට නොහැකි වූ පාලකයන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග නිසා සාමාන්‍ය ජනතාවගේ දෛනික ජන ජීවිතයද අවුල් කර දැමීමට ග්‍රහ බලය ක්‍රියාකර ඇතිබව පෙනෙන්නට තිබේ. මෙහිදී සාමාන්‍ය ජනතාවට විවිධ දුෂ්කරතාවලට මුහුණපාන්නට සිදුවූ බව පෙනේ. ප්‍රබලයන් බේරෙන අතර දුබලයා අමාරුවේ වැටේ.
නීච රවි ග්‍රහයා රාජ්‍ය නායකයා ලවා ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන පක්ෂ කැළැඹුවේය. රවිගේ ඊළඟ පියවර වන්නේ දේශපාලන පක්ෂ හරහා රාජ්‍ය නායකයාද තනිකර දමා තවත් ප්‍රබල පරිවර්තනයක් සිදුකරන්නටය. ග්රහමාරැ තත්කාල වෘෂභ ලග්නයේ හත්වැන්න පීඩාදායකය. මේ නිසා විදේශ බලපෑමක් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික රටාව උඩු යටිකුරු කර දමනවාද ඇත.
ගාල්ලේ - ආලගන - අක්මීමන
සුරාශ්‍රී ගුණවර්ධන
විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා
පණ්ඩිත ශිරෝමනී