2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා

ආණ්ඩු පෙරළිය ග්‍රහයන්ගේ වැඩක්

 2018 නොවැම්බර් 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 135

ශ්‍රී ලංකාව ලොව පුරා රාජ්‍ය නායකයන්ගේ අවධානයට ලක් කරමින් 2018.10.26 වැනිදා රටේ එතෙක් පැවති ආණ්ඩුව හදිසියේම විසුරැවා හැර දැමූ ජනාධිපතිවරයා එදින රාත්‍රී නව අගමැතිවරයකු ලෙස මහින්ද රාජපක්ෂ පත් කරගත්තේය. 

සාමාන්‍ය මනුෂ්‍යයෙක් මෙය පුද්ගල ක්‍රියාකාරීත්වයක් ලෙස දුටුවද එය ජ්‍යොතිර්වේදියා දකින්නේ පුද්ගල ක්‍රියාකාරකමක් ලෙස නොව ග්‍රහයන්ගේ ක්‍රියාකාරකමක් ලෙසටය. මෙකී සිදුවීමේ තෝතැන්නකට ලක්වූ දිනය වන්නේ 2018.10.12 වැනිදාය. එදින ගුරැ ග්‍රහයා කුජ හිමි වෘශ්චික රාශියට ප්‍රවිශ්ට විය. ඒ සමඟම සමහරැන්ට අලුත් රැකියා තනතුරු ලබාදීමටද ඇතැමුන්ට තියෙන තනතුරු නැති කිරීමටද කටයුතු යෙදුණි. තවත් සමහරැන්ගේ මනස අවුල් කර දැමීමටද මේ තත්ත්වය හේතු විය.

ශ්‍රී ලංකාවේ යුග පෙරළි සිදුකිරීම සඳහා කුජ හිමි වෘශ්චික රාශියේ ගමන් කරන කාලයේදී ගුරැ ග්‍රහයා දරදඬු වූ බව පෙනේ. එම දින හා ලැබුණු ප්‍රතිඵල පහත සඳහන් චක්‍රයෙන් පිළිඹිබු වෙයි.

ගුරු ග්‍රහයා අතීතයේදී වෘශ්චිකයේ ගමන් කරන විට ශ්‍රී ලංකා සමාජය විනාශ කිරීමට ක්‍රියා කර ඇති නිසා 2018.11.11 සිට වක්‍රයක්ද සහිතව 2019.11.25 දක්වා වෘශ්චිකයේ ගමන් කරනු ලබන මෙකී වකවානුවේදී අනාගතය දකින ජ්‍යොතිර්වේදීන්ට බිය ගෙන දේ.

දේශපාලන නායකයන්, සියලු ආගමික නායකයන්, ආචාර්ය මහාචාර්ය සියලු බුද්ධිමතුන් ක්‍රියා කළ යුත්තේ ආවේගශීලී විය හැකි සෑම දෙනාම සංසුන් කර ගැනීම සඳහාය.

ගුරු ග්‍රහයා තමාගේ ගමන සේනාධිනායක කුජගේ වෘශ්චිකයේ ගමන් කරන විට පොලිස් හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ද කුජිත කරනු ලබන්නේය. ඒ නිසා එකී අංශවල අධිපතිවරැන් පවා ඉවසිලිවන්තව බුද්ධිමත්ව කටයුතු කළ යුතු කාලයක් උදා වූ බැව් සිහිපත් කළ යුතුයි.

2018.10.26 දිනට පෙර පැවති රජයේ නායකයා හා බොහෝ ඇමැතිවරුන්ගේ තනතුරු අහිමි කිරීමේ ග්‍රහ ක්‍රියාන්විතයක් ක්‍රියාත්මක විය. ඒ නිසා ඔවුන්ගේ තනතුරු අහිමි වී යාමට පසුබිම නිර්මාණය වී ඇත. මේ බැව් සිහිකල්පනාවට ගෙන කිසිවෙක් සමඟ වෛරී චේතනා ඇතිකර නොගෙන නහී වේරේන වේරානී යන බුද්ධ වචනය සිහිකොටගෙන තමාත් සුරුකී ජනතාවත් රුකගැනීමට සෑම සියලු දෙනාම වගබලාගත යුතුව ඇත.