2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

HIT TIPS

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 48

කසළ වනසන සිරිපාද චාරිකාව

Gudppl ජාලය විසින් ශ්‍රී පාදයේ කසළ ඉවත් කිරීම සඳහා චාරිකාවක් සූදානම් කරලා තිබෙනවා. මැයි 6 සහ 7 දවස් දෙක පුරා ක්‍රියාත්මක වෙන මේ චාරිකාවේදී ඉඳිකටුපානේ ඉඳන් පහළට හැටන් ශ්‍රී පාද මාර්ගයේ කැළි කසළ ඉවත් කෙරෙනවා. මේ වැඩේට එකතු වෙන්න කෙනෙක්ට Sri Pada - Cleanup Garbage Free Awareness Campaign ෆේස්බුක් පිටුවෙන් වැඩිපුර තොරතුරු ගන්න පුළුවන්. 

වයලීන රුසියානු සංගීත සංධ්වනිය

රුසියානු සංගිතය රස විඳින්න ඔබත් කැමැතිද? එහෙනම් ඊට හොඳ අවස්ථාවක් මැයි 02 වෙනදා උදාවෙනවා. කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී 02වැනිදා හවස 7.30ට පැවැත්වෙන මේ සංගීත සන්ධ්‍යාවේදී වයලීනය ප්‍රධාන කරගත් රුසියානු සංගීත සංධ්වනි අහන්න රස විඳින්න ඉඩ ලැබේවි. 

මෙක්සිකානු ආරේ පූල් පාටියක්

මෙක්සිකානු ආරේ පූල් පාටි එකක් අත්විඳින්න මැයි පස්වැනිදා කොළඹ OZO හෝටලයට ගියොත් ඔබට පුළුවන්. මෙක්සිකානු කෑම බීමත් තිබෙන මේ සාදය නම්කරලා තියෙන්නේ Cinco de Mayo pool party කියලයි. 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00