2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා

කලපුකකුළු දීසි එක්ක පාසිකුඩා වෙරළේ නොඉඳුල් පහස Sunrise by Jetwing

 2017 අප්‍රේල් 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 293

පාසිකුඩා කියන්නේ ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ තියෙන සුන්දරම මුහුදු වෙරළක්. මඩකලපුව නගරයේ ඉඳන් කිලෝමීටර 34ක් එපිටින් පිහිටලා තියෙන පාසිකුඩා හැත්තෑව දශකයේ ඉඳන් නොඉඳුල් වෙරළ තීරයක් විදිහට සංචාරකයින් අතර ප්‍රසිද්ධයි.  පාසිකුඩා මුහුදේ නොගැඹුරු බව නිසාම සංචාරක ජනප්‍රියත්වය වඩාත් ඉහළ ගිහින් තිබෙනවා.

යුද්ධයෙන් පස්සෙ පාසිකුඩාවල ඇතිවුණු සංචාරක ප්‍රබෝධය තවම අවසන් වී නැහැ. ඒ නිසා තමයි තරු පන්තියේ අලුත් හෝටල් අත්දැකීමක් පාසිකුඩා ප්‍රදේශයට එක් කරමින් Sunrise by Jetwing හෝටලය පසුගියදා විවෘත වුණේ.

සෑම ජෙට්වින් හෝටලයකම පාහේ තියෙන විශාල භූමි දර්ශනය මේ හෝටලයටත් පොදුයි. සුඛෝපභෝගී කාමර 58කින් සමන්විත හෝටලය ඉදිකර තිබෙන්නේ අංගණ කිහිපයකටයි. වායු සමීකරණය කරන ලද සෑම කාමරයකම සැටලයිට් ටීවී, දුරකථන හා IDD, මිනි බාර්, සේප්පුවක් ආදී නවීන අංගෝපාංග දකින්න පුළුවන්. 

මුහුද දෙසට විහිදුණු මීටර 108ක පිහිනුම් තටාකයක් හෝටලයට එක් කරන්නේ විශාල එළියක්, සුන්දරත්වයක්. එය නැගෙනහිර වෙරළේ වැඩිම දිගින් යුතු පිහිනුම් තටාකයයි!

පාසිකුඩා වෙරළේ දිගම පිහිනුම් තටාකයට අමතරව විශාලම තණතිල්ල හිමිවන්නේත් අපේ හෝටලයටයි. පාසිකුඩා මුහුද කියන්නේ ජල ක්‍රීඩාවල නිරත වීමට ඔබව ඉබේටම ඇදිලා යන මුහුදු තීරයක්. නොගැඹුරු බව නිසාම දිය යට කිමිදෙන්න, ස්නෝර්ක්ලින් වගේම wind surfing, kite boarding වගේ තරමත් ත්‍රාසජනක ක්‍රීඩා සඳහාත් පාසිකුඩා ගැලපෙනවා යනුවෙන් Sunrise by Jetwing හෝටලයේ සාමාන්‍යාධිකාරී රොබට් ක්ලේසම් පවසනවා. 

මේ හෝටලයේ ආහාරපාන අත්දැකීමත් සුවිශේෂි එකක්. ඔවුන්ගේ හොඳම ආහාර පිළිගැන්වීමක් තමයි, කලපු කකුළුවන් ආහාර දීසිය. මාළු ඇඹුල් තියල් කියන්නෙත් මෙහි එන බොහෝ සංචාරකයන්ගේ ඇල්ම දිනාගත් ආහාරයක්. 

මුහුදු වෙරළට අමතරව මින්නේරිය, වස්ගමුව, ත්‍රිකෝණමඩු, මාදුරු ඔය සහ ගල්ඔය වගේ වනාන්තර ප්‍රදේශවලට ළඟා වෙන්නත් මෙතැන කදිමයි. සෝමාවතිය හා තොප්පිගල කන්ද තිබෙන්නේත් බොහෝම සමීපයේයි. 

 සනත් වීරසූරිය
සේයා රූ l ශාන් බන්දු වීරසිංහ

 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00