පෝලෝ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ, අශ්වයන් පිට නැඟිලා පන්දුවක් බිම දිගේ ගෝල කණුව කරා ගෙනයන ධනවතුන්ගේ ක්‍රීඩාවක් විදිහටයි. හැබැයි ධනවතුන් කෙසේ වෙතත් ලංකාවට එන විදේශිකයෝ ආකර්ෂණය කරගන්න පුළුවන් විදිහේ අපේම තාලේ පෝලෝ ක්‍රීඩාවක් ලංකාවේ අපි හඳුන්වලා දීලා තියෙනවා. ඒක නම් කරන්නෙ ටුක් ටුක් පෝලෝ කියලයි.
මෙතැනදි තියෙන එකම වෙනස තමයි අශ්වයා විදිහට ත්‍රීරෝද රථයක් භාවිත කිරීම සහ එය පදවාගෙන යන්නෙක් සිටීම. මේකෙදි ක්‍රීඩකයා ඉන්නේ ත්‍රීරෝද රථයෙ පිටිපස ආසනයේයි. එතැන ඉඳන් පැතලි හිසක් තිබෙන ලීයකින් බිම තිබෙන ක්‍රිකට් පන්දුවක් තරමේ පන්දුව තමන්ගේ පිලේ අය අතර එහා මෙහා කරගනිමින් ගෝල කණුව කරා ගෙනයෑම තමයි කරන්න තියෙන්නෙ.
ත්‍රී රෝද රථවල තියෙන නම්‍යශීලීතාව මේ වැඩේට ගොඩක් උපකාරී වෙනවා. හැබැයි ඒ සමබරතාව ගිලිහී ගිහින් අනතුරු වෙච්ච අවස්ථාත් ගොඩක් තියෙනවා. වැටි වැටී හරි අන්තිමේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබාගන්නා කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නෙ. දැනට ලංකාවෙ තියෙන මේ අපූරු ක්‍රීඩාව ඉස්සරහට දකුණු ආසියානු කලාපය පුරාම පැතිරේවි කියලා තමයි ආරංචිය.
ඡායාරූප - AFP