2017 මැයි 06 වන සෙනසුරාදා

Hit Tips

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 88

ශාක්‍ය ජනපදයේ වෙසක් සිනමා උළෙල

මේ එළඹෙන්නේ වෙසක් සතියයි. වෙසක් සතිය නිමිත්තෙන් Light of Aisa පදනම සංවිධානය කරන ජාත්‍යන්තර වෙසක් සිනමා උළෙල මෙවර පැවැත්වෙන්නේ පිළියන්දල ශාක්‍ය ජනපදයේයි. මැයි 10 වෙනිදා සිට 14 වෙනිදා දක්වා ශාක්‍ය ජනපදයේදී කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට ආදී සිනමා නිර්මාණ රැසක් දැකබලාගන්න පුළුවන් වේවි. 

ලෝ ප්‍රකට MLTR සංගීත සැඳෑව 18දා

MLTR කියන්නේ ලොව පුරා සංගීත ඇල්බම් මිලියන 11ක් පමණ අලෙවි වුණු අතිශය ජනප්‍රිය පොප් ගායක කණ්ඩායමක්. ඔවුන් මේ මාසයේ ලංකාවේ සංචාරයක නිරත වෙනවා. මැයි 18 වෙනිදා හැන්දෑවේ 6.30ට කොළඹ SLECC හිදී MLTR සංගීත ප්‍රසංගයක් පැවැත්වෙනවා. 

වයින් - චීස් සාදයක්

Alliance Francaise de Kotte කියන්නේ ප්‍රංශ භාෂා පන්ති සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන තැනක්. මැයි මාසේ 18 වැනිදා සවස 7.30ට ප්‍රංශ අත්දැකීම් ලාංකිකයන්ට සමීප කරමින් Wine &Cheese සාදයක් ඔවුන් සූදානම් කරලා තියෙනවා. Wine tasting අත්දැකීම ලංකාවේදී ලබාගන්න මේක ගොඩක් හොඳ අවස්ථාවක් වේවී.